Sep
10

ඇඳිරි නීතිය ඉවත් කළත්, සීමාවන් ඉවත්වෙන්නේ නැ හැ

 
686 Views
   
 

දිවයින පුරා දැනට ක්‍රියාත්මක නිරෝධායන ඇඳිරිනිතීය ඉවත් කර රට යළි විවෘත කරන්නේ ද නැද් ද යන්න පිළිබඳ තීරණය අද ප්‍රකාශයට පත් කරන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන ප්‍රකාශ කළා. කොළඹ ඊයේ (09) පැවැති මාධ්‍ය හමුවක දී ඔහු වැඩිදුරටත් කියා සිටියේ රට යළි විවෘත කළ ද එය සීිමාවන්ට යටත් ව සිදු වෙන බවයි.

එසේම, හම්බන්තොටට ෆයිසර් එන්නත ලබාදීම රජයේ තීරණයක් බව ද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා එහි දී ප්‍රකාශ කළා. මේ අතර, ශ්‍රී ලංකා ළමා රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්‍යාතනය දරුවන් සඳහා එන්නත් ලබාදීමේ සැලසුම සෞඛ්‍ය අමාත්‍යංශය වෙත යොමු කර තිබෙනවා. ඒ අනුව එහි පළමු පියවර ලෙස ඔවුන් දක්වා ඇත්තේ සැප්තැම්බර් මාසය තුළ දී අවුරුදු 12ට වැඩි විවිධ සංකූලතා ඇති දරුවන්ට ෆයිසර් එන්නත ලබා දීමයි.

එවැනි දරුවන් 30,000කට ආසන්න සංඛ්‍යාවක් සිටින බවත් එම සංගමය පෙන්වා දෙනවා. අදාළ සැලසුමේ දෙවැනි පියවර වන්නේ ඔක්තෝබර් මාසය ආරම්භයේ දී සාමාන්‍ය පෙළ හදාරන 646,000ක් සහ උසස් පෙළ හදාරන 421,000ක් වූ දරුවන් සඳහා ෆයිසර් එන්නත ලබා දීමයි. එම සැලසුමට අනුව ඔක්තෝබර් මාසය අග දී අවුරුදු 12ට වැඩි සෙසු දරුවන් සඳහා එන්නත් කිරීම සිදුවෙනවා. මෙම යෝජනා මාලාව පිළිබඳව අද පැවැත්වෙන කොවිඩ් මර්දන කාර්ය සාධක බලකායේ දී පුළුල් ලෙස සාකච්ඡාවට නියමිත බවයි වාර්තා වෙන්නේ.

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්