Feb
15

නාඩ්ගම්කාරයෝ ටෙලිනාට්‍යයේ ” මාස්ටර් ” ප්‍රසන්නජිත් අබේසූරිය මහතා කියන කතාව

 
746 Views
   
 

මේ දිනවල ලංකාවේ ජනප්‍රියත්වයට පත් ටෙලි නාට්‍යය අතර තිබෙන ලාංකිකයන් හැමෝගේම ආකර්ෂණය හිමිකර ගත්තු ටෙලි නිර්මාණයක් තමයි නාඩ්ගම්කාරයෝ කියල කියන්නේ. ඉතින් නාඩ්ගම්කාරයෝ ටෙලිනාට්‍යය තුළින් අපට දැකගන්නට ලැබෙන කොයි කාගෙත් ආදරයට ලක් වෙච්ච වේදිකාවත්, සිනමාවත් රූපවාහිනියත් පෝෂණය කරමින් කලා කෙත අස්වද්දන්න දක්ෂ රංගන ශිල්පියෙකු තමයි ප්‍රසන්නජිත් අබේසූරිය කියල කියන්නේ

නාඩ්ගම්කාරයෝ ටෙලි නිර්මාණයේ මාස්ටර්ගේ චරිතය ඔස්සේ වර්තමානයේ ඔබේ ආලින්දයට පැමිණෙන ඔහු මේවන විට සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ ජේෂ්ඨ කථිකාචාර්යවරයකු ලෙස කටයුතු කරනු ලබනවා. ඇත්තෙන්ම වර්තමානයේ ඔහු සිය රංගන දායකත්වය ලබාදෙන සෑම ටෙලි නිර්මාණයකම විකාශය කෙරෙන ඔහුගේ චරිත වෙනුවෙන් ඉහළ ප්‍රේක්ෂක ප්‍රතිචාරයක් හිමිවෙනවා

ඉතින් ඒ ගැන අදහස් දක්වමින් ඔහු කියන්නේ තමන් කරන ඕනෑම කාර්යයකට සාධාරණයක් ඉෂ්ට කිරීමට හැකියාව ලැබිලා තියෙන්නේ වේදිකාවෙන් ලැබුණු පන්නරය නිසාවෙන් කියලයි. මේවෙනකොට කලාව තුළ ජනප්‍රියත්වයට පත් ඔහු රංගනයට එන්න තමන් විඳපු අනේක දුක්ඛ දෝමනස්සන් පිළිබඳව පුවත්පතකට අදහස් දක්වමින් කියා සිටියේ මෙහෙම කතාවක්

“රඟපාන්න තියෙන ආසාව නිසා ම වීදි නාට්‍ය කණ්ඩායම් හදාගෙන ගම් නියම් ගම් වල පාරේ බස් වල කෝච්චි වල නැගලා ගව් ගණන් ගිහින් රඟපානකොට ගෙදරින් මාව ප්‍රතික්ෂේප කළා. කුසට අහරක් නැතුව ඇසට නින්දක් නැතුව දුක් වින්දත් මම වීදි නාට්‍ය රඟපෑම අත්හැරියේ නැහැ. රඟපෑම නිසාම වගේ ජීවිතයට අනතුරක් වෙයි කියලා අම්මා බයෙන් හිටියේ. මං නිසා ඇස් දෙක නිදහසේ සැනසිල්ල පියාගෙන නිදා ගන්නවත් බැහැ කියලා නිතරම දෙස් දෙවොල් තියෙනවා.” කියලයි

කොහොම නමුත් මේවෙනකොට හැට හැවිරිදි ප්‍රසන්නජිත් මහතා එදා වගේම අදටත් රූප සුන්දරත්වයෙන් ඒ විදිහමයි. ඉතින් ඒ ගැන ඔහුගෙන් අහපු අවස්ථාවේ ඔහු අදහස් දක්වල තිබුනේ මෙලෙසින්

“මම නළුවෙක් පෙනුම රැක ගන්න ඕනේ කියලා නම් මෙලෝ දානයක් මම මේ වෙනකම්ම කරලා නැහැ. ඇත්තම කියනවනම් කෑමක් බීමක් ගැන වත් මම සැලකිල්ලක් නැහැ රූගත කිරීමකදී පවා බඩගින්නට දුන්නු දෙයක් කනවා ඇරෙන්න කවදාවත් අරක ඕනී මේක ඕනි කියලා ඉල්ලලා නැහැ. දැන්නම් වයස ගැන හිතලා සීනි පිටි තෙල් කෑම පොඩ්ඩක් අඩු කරලා තියෙනවා.” යනුවෙනුයි

ඉතින් මේ විදිහට අදහස් දක්වපු ඒ මහතා ඉදිරියේදී ආචාර්ය උපාධිය සම්පූර්ණ කරන්න බලාපොරොත්තුවෙන් සිටින බවයි කියන්නේ. ඒ විතරක් නොවෙයි සිය කලා ජීවිතේට වසර 45 ක් පිරීම නිමිත්තෙන් නාට්‍ය උළෙලක් පවත්වන්නත් බලාපොරොත්තුවෙන් ඉන්නවාලු. මේ අතර ප්‍රසන්නජිත් මහතා ඔහුගේ සිය ජීවිතයේ තමන්ට තිබෙන හීනය හැටියට කියා සිටියේ ” මගේ හිතේ තියෙන පුංචි හීනයක් තමයි මගෙම ගෙදරක අතපය දිග ඇරලා හුස්ම ගන්න දවස ලග ලගම එනවා දකින එක” කියලයි. ඉතින් ඔහුගේ සියලු බලාපොරොත්තු සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වෙන්න කියල අපිත් ප්‍රාර්ථනා කරමු

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්