Sep
6

සයිනොෆාම් අලුත් මුහුණුවරකින්

 
689 Views
   
 

චීනයේ රාජ්‍ය ඖෂධ නිශ්පාදන සමාගම් සමූහය නිශ්පාදනය කරන සයිනොෆාම් එන්නත වැඩිදුර දියුණු කිරීමෙන් තවත් එන්නත් 4ක් හඳුන්වාදෙන්නට එම සමාගම් පියවර ගෙන ඇත. ලෝකය පුරා අලුතින් හඳුනාගැනෙන කොරෝනා නව ප්‍රභේදයන්ට ශක්තිමත් ලෙස මුහුණ දීමට මෙම එන්නත් සඳහා හැකියාව ඇති බව එම ඖෂධ සමාගම පවසයි.

නව එන්නත් ලබා ගන්නා යම් පුද්ගලයකු රෝගාතුර වුවහොත් සුවවීමේ කාලය වේගවත් වන බවද එම සමාගම සඳහන් කරයි.තාක්ෂණික ක්‍රමවේද තුනක් ඔස්සේ නිශ්පාදනය කල එන්නත් හතරක් මෙම හඳුන්වාදීම් අතරට අයත් බවයි සදහන් වන්නේ. දැනට සිදු කල පර්‍යේෂණ වලදී අනාවරණය වන පරිදි මෙම එන්නත් ඩෙල්ටා ප්‍රභේදයට ශක්තිමත්ව මුහුණ දී තිබේ. එමෙන්ම දැනට භාවිතයේ පවත්නා සයිනොෆාම් එන්නත ද ඩෙල්ටා ප්‍රභේදය උදාසීන කිරීමට සමත් බව සෞඛ්‍ය අංශ සඳහන් කරයි. චීනයේ පැවති වෙළඳ සේවා සඳහා වූ ජාත්‍යන්තර ප්‍රදර්ශනයේදී මෙම එන්නත් හඳුන්වා දී ඇත.එළැඹෙන වසරේදී මෙම එන්නත් හතරට අයත් එන්නත් මාත්‍රා බිලියන හතරක් නිශ්පාදනය කිරීමට සූදානම් බව එම ආයතනය පවසා සිටී.

කෙසේ වෙතත් අනාගතයේ එන්නට තිබේ යැයි විශ්වාස කරන වෛරස් වෙනුවෙන් ද කල්තබා සූදානම් වීම පිලිබඳ චීන රජයට ස්තූති විය යුතුය.කොරෝනා මාරයාගෙන් ලොව ගලවා ගැනීමට ගන්නා උත්සාහය අගය කල යුතුය. (රෂිකා සඳමාලි හෙන්නායක)

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්