Nov
4

ට්‍රැවලින් බෑගයක තිබී කාන්තා සිරුරක් හමුවේ

 
1721 Views
   
 

සපුගස්කන්ද තෙල් පිරිපහදු මධ්‍යස්ථානය ආසන්නයේ මාර්ගය අසල කැළි කසළ ගොඩ ගසා තිබූ ස්ථානයක ගමන් බෑගයක දමා ගොස් තිබූ කාන්තා මළ සිරුරක් සොයාගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දුව මහතා පවසයි.

ඔහු සඳහන් කළේ, මේ වන විට එම ස්ථානය කැලණිය කොට්ඨාස භාර අපරාධ පරීක්ෂණ නිලධාරීන් පරීක්ෂා කරනු ලබන බව ය.

කාන්තාවගේ අනන්‍යතාව හඳුනා ගැනීම සඳහා කැලණිය කොට්ඨාස ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයාගේ අධීක්ෂණය යටතේ සපුගස්කන්ද පොලිස් ස්ථානය විසින් වැඩිදුර විමර්ශන ආරම්භ කර ඇති බව නිහාල් තල්දුව මහතා ප්‍රකාශ කළේය.

01.

02.

03.

04.

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්