Feb
7

“මම මේ ගෙවන ජිවිතේ මේ ගෙවන කාලේ අර්ථවත් විදිහට ගෙවන්න කැමතියි” උමාලි තිලකරත්න

 
1266 Views
   
 

උමාලි තිලකරත්න කියල කියන්නේ මේවෙනකොට ලාංකීය කලා ක්ෂේත්‍රය තුළ ජනප්‍රියත්වයට පත් චරිතයක්. ඇත්තෙන්ම ඇය නිහතමානී රංගන ශිල්පිනියක ලෙස මෙන්ම ගායන ශිල්පිනියක ලෙසත් අපට හදුන්වන්න පුලුවනි. කොහොම නමුත් ක්ෂේත්‍ර රැසක් ඔස්සේ සිය දක්ෂතාවයන් පෙන්නුම් කරන උමාලිට මෙරට ජනතාවගේ ඉහළ ආකර්ෂණයක් හිමිකර ගැනීමට හැකිව තිබෙනවා. නිරන්තරයෙන් කලා ක්ෂේත්‍රය තුළ ඇයව දැකගන්නට නොලැබෙන අතර ඉදහිට ඇයව අපට විවිධාකාර නිර්මාණ තුළින් දැකගන්නට ලැබෙනවා. එලෙස ඉදහිට හෝ නිර්මාණ සදහා සහභාගි වෙන්නේ ඇය තුළ තිබෙන කලා හැකියාවන් නිසාවෙනුයි

කොහොමහරි ඉතින් නිදහස් ජිවිතයක් ගතකරන උමාලි ලියන්න කියවන්න ආස කෙනෙක් බව අපි හැමෝම දන්නා කරුණක්. ඇත්තටම තමන්ට දැනෙන ඕනිම දෙයක් වචන කිරීමට ඇය සතුව තිබෙන්නේ පුදුමාකාර හැකියාවක්. කොහොම නමුත් නිසදෙස් කෙටි කතා කවි පවා ඇය අතින් ලියවෙද්දි ජිවිතේ කියන දේ දිහා හරි සරල ලෙස දකින්න ඇය පුරුදු වෙලා තිබෙනවා. ඉතින් ඇය සතුව තිබෙන මේ පුදුමාකාර හැකියාව නිසාවෙන්ම ඔබ පොත් ලියන්නියක් වෙයිද කියල ඇහුවා. ඊට ඇය ලබා දුන්නේ මෙන්න මේ වගේ පිළිතුරකුයි

”ඒක කියන්න බෑ දැන්ම. හැබැයි එහෙම නොවෙයි කියලා කියන්නත් බෑ.පෞද්ගලිකව මම මේ ගෙවන ජිවිතේ මේ ගෙවන කාලේ අර්ථවත් විදිහට ගෙවන්න කැමතියි.” යනුවෙනුයි.

කොහොම නමුත් සම්මානනීය දක්ෂ නිළියක වන උමාලි කියන්නේ ජනප්‍රියත්වය රඳා පවත්වා ගැනීම සඳහා නිරන්තරයෙන් කැමරාව ඉදිරියේ පෙනී සිටීම අත්‍යවශ්‍ය කාරණයක් නොවන බවයි. ඉතින් මේවෙද්දී අපට දැනගන්නට ලැබෙන ආකාරයට උමාලි දෙවනි වරට විවාහ වෙන්න තමයි සූදානම් වෙන්නේ. උමාලිගේ මේ විවාහය සඳහා ඇගේ පියා ලක්ෂ දෙසීයකටත් වඩා වැඩි වටිනාකමකින් යුත් නිවෙසක් තෑගි කර තිබෙනවා. කොහොමහරි ඉතින් ඇය දෙවනි වරට විවාහවෙන්නේ මනෝ විද්‍යාව සම්බන්ධ කතිකාචාර්‍ය වරයෙකු සමගිනුයි

කෙසේවෙතත් උමාලි විවාහ වී මනෝ විද්‍යාව සම්බන්ධව වැඩිදුර අධ්‍යාපනය හැදෑරීමට බලාපොරොත්තු වෙන බවයි කියන්නේ. මේ අතර පළමු විවාහයේ දී උමාලි සහ සාරංග ඔවුන්ගේ විවාහයට ඉතා විශාල ලෙස මුදල් වැය කලා. උත්සව කීපයක්ම ඔවුන් දෙපළ ගත් බව අපි දුටුවා. ඉතින් මෙවර නම් උමාලි ඒ වගේ විචිත්‍රවත් උත්සව ගන්නෙ නැති බව තමයි අපිට ආරංචි වෙන්නේ. ඇත්තෙන්ම ඇය මෙවර ඇගේ විවාහය ඉතාම චාම් අයුරින් අරගන්න ලෑස්ති වෙන බවයි අපට දැනගන්න ලැබෙන්නේ. ඉතින් මේ විදිහට අලුත් ජීවිතයකට සැරසෙන ඇගේ විවාහයට වගේම ඉදිරි බලාපොරොත්තු සියල්ල සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා කියල අපි හදවතින්ම සුභපැතුම් එකතු කරනවා

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්