Dec
11

පොල් කර්මාන්තය ආශ්‍රිත ප්‍රවර්ධන දෙගුණ කිරීමට යාපනයට පොල් ත්‍රිකෝණයක්

 
1739 Views
   
 

යාපනය ප්රදේශය ආශ්රිතව නව පොල් ත්රිකෝණයක් ආරම්භ කිරීමට පියවර ගන්නා බව පොල් සංවර්ධන අධිකාරිය පවසයි. ඒ අනුව වසරක් තුළ මෙරට පොල් කර්මාන්තය ආශ්රිත ප්රවර්ධනය දෙගුණ කිරීමට අපේක්ෂාව බවයි. මේ පිළිබඳ විශේෂ සාකච්ඡාවක් නාරාහේන්පිට පිහිටි පොල් සංවර්ධන අධිකාරියේදී පැවැත්විණි.

යාපනය, කිලිනොච්චිය , මුලතිව් ,මන්නාරම , වව්නියාව යන ප්රදේශ ආශ්රිත නව පොල් ත්රිකෝණය පිහිටුවීමට නියමිතයි. ඒ සඳහා පොල් සංවර්ධන අධිකාරිය නව ශාඛාව 2022/01/10 දින ආරම්භ කිරීමට සැලසුම් කර ඇත. නව රැකියා අවස්ථා 5,000ක් පමණ මෙමගින් උත්පාදනයට නියමිතයි

යුද්ධයෙන් පසු විශාල සංවර්ධනයක් කරා ලඟාවීමට පොල් සංවර්ධන ක්ෂේත්රයට හැකියාව ලැබී ඇත. මේ වනවිට පොල් ගෙඩි මිලියන 91 ක් කිලිනොච්චිය ,මන්නාරම , මුලතිව් , වව්නියා ප්රදේශ වල නිශ්පාදනය කර ඇති බව කිව යුතුමය . යාපනයේ පොල් සංවර්ධන ත්රිකෝණය පිහිටුවීම තුළින් වසරක් තුළ දැනට නිශ්පාදිත පොල් ප්රවර්ධනය දෙගුණයක් කිරීමට බලාපොරොත්තු වන බව පොල් සංවර්ධන අධිකාරිය පවසයි.

වස විස තොරව කරන වගාවක් බැවින් ලංකාවේ පොල් සඳහා විශාල ඉල්ලුමක් ඇත. ඒ සඳහා රූපවාහිනී සංස්ථාව , වෙනත් විදේශීය රටවල් වල නාළිකාවන් විශාල සංඛ්යාවක් සමඟ එකතුවී ඒකාබද්ධව ප්රචාරණ වැඩපිළිවෙළක් කරන අතර ඒ සඳහා පොල් සංවර්ධන අධිකාරිය රූපවාහිනිය සමඟ සම්බන්ධ වී මෙම පොල් ආශ්රිත නිශ්පාදන එනම්, පොල් කිරි, දිසිඳි පොල් , ඩෙසිගේටඩ් කොකනට් වැනිදෑ උපරිම අයුරින් යොදාගනිමින් මෙම වැඩ පිළිවෙල සාර්ථක කිරීමට බලාපොරොත්තු වේ.

අමුද්රව්ය ලෙස නොව නිමි භාණ්ඩයක් ලෙස අපනයනය සඳහා යොමු කිරීමට බලාපොරොත්තු වේ. යාපනය ජනතාව සමඟ එකතු වී කාන්තාවන් 5,000 ක් සඳහා රැකියාව සඳහා මෙම වැඩපිළිවෙළ ක්රියාත්මක වේ. ඒ තුළින් බලාපොරොත්තු වන්නේ මෙම පොල් ආශ්රිත නිශ්පාදන වලින් රටට ලැබෙන ආදායම වැඩිකිරීමටයි.නව රැකියා අවස්ථා උත්පාදන කිරීම මඟින් ගෘහ ආර්ථික වර්ධනයද ඉහළ යනු ඇත.

මේ සෑම වැඩසටහනක් අවසානයේ සිදුවන අවසාන ප්රථිඵලය වන්නේ රටේ සංවර්ධනය මිස වෙනකක් නොවේ…

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්