විවාහ මංගල උත්සව පරීක්ෂා කර සෞඛ්‍ය මාර්ගෝපදේශ කඩකර නිරෝධායන නීති උල්ලංඝණය කරමින් කටයුතු කරන ස්ථානවලට නීතිමය පියවර ගන්නා බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසනවා.
එහි සභාපති උපුල් රෝහණ සඳහන් කළේ ඉදිරියේදී පවත්වන සියලු විවාහ මංගල උත්සව පරීක්ෂා කරන බවයි.
නිරෝධායන නීති උල්ලංඝණය කරමින් උත්සව පවත්වන සහ ඊට සහය දෙන ව්‍යාපාරිකයන්ට එරෙහිව නීති මගින් කටයුතු කරන බවයි ඔහු අවධාරණය කළේ.