Dec
8

කරාපිටියේ වෛද්‍යවරුන් දෙදෙනාගේ විස්මිත සැත්කමින් යකඩ කූර සාර්ථකව එළියට ගැනේ

 
9569 Views
   
 

රත්ගම මොරොයිතුඩුව පරදේශයේ කාන්තාවකගේ වම් අත හරහා උරස් කුහරය දක්වා පසාරු කරගෙන ගොස් තිබූ මසුන් මැරීම සඳහා යොදාගනු ලබන අඩි පහක පමණ යකඩ කූරක් ඉතා සාර්ථක සැත්කමකින් පසු ඉවත් කිරීමට ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ ශල්ය ඒකකයේ ශල්ය වෛද්යවරුන් වන රසික පතිරණ හා පාලිත බටදුව යන මහත්වරුන් විසින් කටයුතු කරනු ලැබීය.

සැත්කමට ලක්කළ කාන්තාව 40 වියේ පසුවන දෙදරු මවකි. මෙම කාන්තාවගේ සැමියා විසින් ඇයට මසුන් මැ රී ම ට යොදාගනු ලබන යකඩ කුරකින් ඇන තිබුණි.

පසුගිය 07දා අළුයම 1.30ට පමණ යකඩ කූර පිටින්ම ඇය ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ ශල්ය වාට්ටුව වෙත ඇතුළත් කරනු ලැබීය. එම අවස්ථාවේ දී ඇය සිහිසුන්ව සිට ඇති අතර වෛද්යවරුන් විසින් පැය එකහමාරක පමණ ශල්යකර්මයකින් පසු අඩි 05ක් පමණ දිගින් යුතු යකඩ කූර ඉවත්කොට කාන්තාවගේ ජීවිතය බේරාගැනීමට කටයුතු කරනු ලැබීය.

මේ වනවිට එම කාන්තාව ඉතා හොඳ සෞඛ්ය තත්වයෙන් පසුවන බැව් ජ්යෙෂ්ඨ නේවාසික ශල්ය වෛද්ය රසික පතිරණ මහතා කීවේය. ශල්ය වෛද්යවරයා මෙසේද කීවේය.

“ඇය අළුයම 1.30ට පමණ යකඩ කූර පිටින්ම රෝහලට ඇතුළත් කරලා තිබුණා. ඇයගේ වම් අත පසාරු කරගෙන උරස් කුහරය දක්වා යකඩ කුර ඇනී තිබුණා. නහරවලට හානිවෙලාද කියා පරීක්ෂා කිරීමට සී.ටී. ස්කෑන් පරීක්ෂණයක් කළා. සී.ටී. ස්කෑන් පරීක්ෂණය කිරීමට යකඩ කූරේ කොටසක් කැපීමට සිදුවුණා. ස්කෑන් පරීක්ෂණ වාර්තාව අනුව ඇයගේ නහරවලට හානියක් වෙලා තිබුණේ නැහැ. පසුව මාංශපේශි බේරගෙන යකඩ කූර ශරිරයෙන් ඉවත් කිරීමට කටයුතු කළා. ඇත්තටම ස්නායුවලටත් හානිවෙලා තිබුණේ නැහැ. මෙම කාන්තාව හොඳ සෞඛ්ය තත්වයෙන් සිටිනවා.”යැයි ද කීවේය. 

සැකකාර සැමියා පරදේශයෙන් පළාගොස් ඇති අතර ඔහු අත් අඩංගුවට ගැනීම සඳහා රත්ගම පොලිසිය පරීක්ෂණ පවත්වයි.

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්