Mar
4

ජනප්‍රිය නළු අමිල අබේසේකරගේ උපන්දිනයට ආදරණීය බිරිද පිටරට ඉදන් සීතල හිම වැස්සේ දුන්නු සප්‍රයිස් එක

 
3732 Views
   
 

ලාංකීය කලා ක්ෂෙත්‍රය තුළ ජනප්‍රියත්වයට පත්වෙමින් පුංචි තිරය තුළ වගේම සිනමා ක්ෂේත්‍රය තුළත් ඉහළ ජනතා ආකර්ෂණයක් හිමිකර ගත් දක්ෂ වගේම කඩවසම් රංගන ශිල්පියෙකු තමයි අමිල අබේසේකර කියන්නේ. ඇත්තෙන්ම ඔහුව අපට මෙරට කලා ක්ෂේත්‍රයට නැතුවම බැරි චරිතයක් ලෙස හදුන්වන්න පුලුවනි. කොහොම නමුත් ” පබා” ටෙලි නාට්‍ය ඔස්සේ මෙරට ජනයා අතර ජනප්‍රියත්වයට පත් ඔහු මේවෙද්දී විවාහකයි

කෙසේවෙතත් මීට වසර විස්සකට විතර ඉහතදී අපට පෙම්වතාගේ චරිතය තුළින් දැකගන්නට ලැබුණු ඔහු අදටත් පෙම්වතාගේ චරිතයට සිය රංගන දායකත්වය ලබාදෙන්නේ ඔහුගේ කඩවසම් පෙනුම නිසාවෙනුයි. කොහොම නමුත් මේ ජනප්‍රිය රංගන ශිල්පියා පිළිබඳ කතා කරනවානම් ඔහු උපත ලබන්නේ 1983 මාර්තු 7 වනදායි

මහනුවරදී උපත ලබන ඔහුගේ සියලුදෙනා අමිලට වයස අවුරුදු 10 දී මහනුවර අතැරලා මහරගම පදිංචියට යන්න තීරණය කරනවා. ඉතින් එලෙස මහරගම පදිංචියට යන අමිලට බාල සහෝදරයන් දෙදෙනෙකු සිටිනවා

කොහොමහරි ඉතින් ඔහුගේ අධ්‍යාපන කටයුතු පිළිබඳ කතා කරනවානම් මහනුවර ධර්මරාජ විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබීමට පටන් ගන්නා අමිල පසුව මහරගම ජනාධිපති විද්‍යාලයට ඇතුළත් වෙනවා. ඒ කොහොම උනත් කලා ක්ෂේත්‍රය තුළ මේවෙද්දී සුවිශේෂ ජනප්‍රියත්වයක් ලබාගෙන මේ කඩවසම් රංගන ශිල්පියා 2009 වසරේදී වඩාත්ම ජනප්‍රිය නළුවාට හිමි සම්මානය ජයක්ග්‍රහනය කිරීමට තරම් වාසනාවන්ත වෙනවා

මේ අතර ඔහුගේ විවාහ ජීවිතය ගැන කතා කරනවානම් අමිල විවාහවෙන්නේ තේජා ජයවර්ධන කියන සුරූපී තරුණිය සමගයි. ඇය ගුවන් සේවිකාවක ලෙස කටයුතු කරනු ලබනවා. කොහොම නමුත් පසුගිය කාලයේ මෙරට කලා ක්ෂේත්‍රය තුළ ජනප්‍රියත්වයට පත් බොහෝමයක් කලා කරුවන්ට ලොවපුරා සීඝ්‍රයෙන් පැතිර ගිය වෛරස් තත්වය නිසාවෙන් සිය කලා කටයුතු සිදුකිරීමට නොහැකි වුනා. ඒ බව නොරහසක්

ඉතින් අමිලටත් වසංගත තත්ත්වය නිසාවෙන් පහුගිය කාලයේ බොහෝ කරදර වලට මුහුණ දීමට සිදුවෙලා තිබෙනවා කියලයි අපටනම් ආරංචි උනේ. ඒ කොහොම උනත් අමිල සහ තේජා කියන්නේ ලෝකේ වටේ සංචාරය කරන්න කැමති යුවළක්. ඒ බව මේවෙනකොට නොදන්න කෙනෙකු මෙරට නැති තරම්. කෙසේවෙතත් මේ ජනප්‍රිය රංගන ශිල්පියා කෙරෙහි මෑතකදී ඔහුගේ රසික ජනයා සුවිශේෂ අවධානයක් යොමුකර තිබුණා

ඊට හේතුව වෙන්නේ ඔහුගේ උපන්දිනය පහුගිය දවසක යෙදිල තිබීමයි. කෙසේවෙතත් මේ විදිහට යෙදී තිබුණු ඔහුගේ උපන්දිනය සිය ආදරණීය බිරිදත් සමගින් එක්ව යුරෝපයේ ඉදන් සැමරීමටයි ඔහු කටයුතු කර තිබුනේ. ඉතින් මේ විදිහට සිය උපන්දිනය සැමරූ අමිල අබේසේකරට සුබම සුභ උපන්දිනයක් වේවා කියල අපිත් සුභපැතුම් එකතු කරන අතර මේ ආදරණීය යුවලට හැමදාමත් මේ වගේම ආදරෙන් සතුටෙන් ඉන්න ලැබෙන්න කියලත් හදවතින්ම ප්‍රාර්ථනා කරනවා

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්