Sep
19

නව නිපැයුම් පහකට පේටන්ට් බලපත්‍ර හිමිවේ

 
547 Views
   
 

කොරෝනා මෙරටට පැමිණි පසුගිය වසර ආරම්භයේ නව නිපැයුම් සිදුකිරීමට බොහෝ දෙනෙකු ඉදිරිපත්වූ නමුත්, අද වනවිට ඒ සම්බන්ධයෙන් කථාබහක්වත් සිදු නො වන තරම්. රට තුළ සීග්‍ර කොරෝනා ව්‍යාප්තිය ඊට හේතු වියහැකි නමුත් සැබවින්ම එලෙස නිපදවූ නව නිර්මාණවලට කුමක් සිදුවූයේද?

කොරෝනා වෛරසයට මුහුණදීම සඳහා නව නිපැයුම් බොහොමයක් සම්බන්ධයෙන් පසුගිය වසරේදී පුවත් වාර්තාවුවද ඉන් බොහොමයක් ප්‍රතිනිර්මාණයන් බවයි අප කළ සොයාබැලීමකදී තහවුරු වුණේ. කෙසේ වෙතත් එම කාලය තුළ නිෂ්පාදනය කළ නව නිපැයුම් පහකට මේ වනවිට පේටන්ට් අයිතිය හිමිවී තිබෙනවා.

එම නිපැයුම් පහම කොරෝනා වෛරසයට මුහුණදිය හැකි නව නිර්මාණ බවයි නව නිපැයුම්කරුවන්ගේ කොමිසමේ කොමසාරිස් මහාචාර්ය එන්.එම්.එස්. සිරිමුතු කියා සිටියේ. මෙම කාලයේ නිපදවූ කෘත්‍රිම ස්වසන ආධාරක හෙවත් වෙන්ටිලේටර් යන්ත්‍ර සඳහා භාවිත කළ හැකි ප්‍රාශ්වාස වාතයේ අඩංගු විෂබීජහරණ උපකරණයකට ද පේටන්ට් අයිතිය හිමිව තිබෙනවා. එය නිෂ්පාදනය කර ඇත්තේ කොළඹ ජාතික රෝහලේ නිර්වින්දන වෛද්‍යවරයෙකු ලෙස සේවය කරන වෛද්‍ය ශෂික ආරියරත්නයි.

දේශීය ඖෂධ විසි හයක් උපයෝගී කරගනිමින් නිෂ්පාදනය කළ මුව ආවරණයක්ද මෙම කාලසීමාවේදී නිර්මාණය කෙරුණු අතර, අද වනවිට ඊටද පේටන්ට් බලපත්‍රයක් ලැබී තිබෙනවා. විෂබීජහරණය කෙරෙන එම දේශීය ශාඛසාර අඩංගු මුවආවරණය නිෂ්පාදනය කර ඇත්තේ දේශබන්දු සමන් හෙට්ටිආරච්චි විසින්. කෙසේ වෙතත් තම නිර්මාණය ලොවටම නව නිපැයුමක් වුවත් අනෙක් මුව ආවරණ සමඟ තරඟ කිරීමට සිදුව ඇති බවයි ඔහු වැඩිදුරටත් කියා සිටියේ.

කොරෝනා වෛරසයෙන් බේරීමට බොහෝ දෙනෙකු නිවෙස් තුළට වී කාලය ගත කරද්දී නව නිර්මාණයක් බිහිකර කොරෝනාවට අභියෝග කළ මෙවැනි මිනිසුන්ට උපකාර කිරීම අප සැමගේම යුතුකමක්.

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්