Feb
11

ශ්‍රී ලංකා ඔස්ට්‍රේලියා පළමු ගැටුම අද

 
595 Views
   
Sri Lanka-Australia first clash today  

ශ්‍රි ලංකාව සහ ඔස්ට්‍රේලියාව අතර පළමු 20-20 ක්‍රිකට් තරඟය අද සිඩ්නි හිදි පැවැත්වෙන අතර එය ශ්‍රි ලංකා වේලාවෙන් පස්වරු 1.30ට ආරම්භ කිරිමට නියමිතය.

තරගයට මුහුණදීම සඳහා කණ්ඩායම මේ වන විට හොඳ සූදානමකින් සිටින බව ශ්‍රි ලංකා කණ්ඩායමේ පුහුණුකරු රුමේෂ් රත්නායක මහතා ඊයේ පැවැති මාධ්‍ය හමුවකදි පැවසීය.

පන්දුයැවීමේ උපක්‍රම පිළිබද ලසිත් මාලිංග ශ්‍රි ලංකා කණ්ඩායමට සහය පළ කරමින් සිටියි.

කුසල් මෙන්ඩිස් අද තරඟයට සහභාගි නොවන බැවින් කඩුළු රකින ක්‍රීඩකයා ලෙස දිනේෂ් චන්දිමාල් කණ්ඩායමට නම් කර තිබේ.

මේ අතර ඕස්ට්‍රේලියානු කණ්ඩායම වෙනුවෙන් ජොස් ඉන්ග්ලිෂ් මංගල තරඟයට අද ක්‍රිඩා කිරිමට නියමිත අතර ඩේවිඩ් වෝනර් වෙනුවෙන් බෙන් මැක්ඩමට් ආරම්භක පිතිකරු ලෙස ක්‍රීඩා කිරිමට නියමිතය.

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්