Dec
9

ජනතාව මුලා කරන බොළඳ විපක්ෂයේ නාට්‍ය රඟදැක්ම

 
920 Views
   
 

මේ දිනවල විපක්ෂ නායකතුමා ද එතුමාගේ ගෝලයෝ ද තවත් හාස්යජනක නාට්යයක් රඟ දක්වති. එය හැඳින්විය හැක්කේ පාර්ලිමේන්තු වර්ජනය යනුවෙන්ය.

විපක්ෂ නායක සජිත් ප්රේමදාස ජනමාධ්යයට කරුණු දක්වමින් කියා සිටින්නේ මන්ත්රීවරුන්ට පාර්ලිමේන්තුව තුළ ආරක්ෂාවක් නැති බැවින් මේ වර්ජනය කරගෙන යන බවය. එය ඇත්තක් ද? 

ආණ්ඩු පක්ෂයේ අමාත්යවරයෙක් පෙන්වා දුන්නේ වර්ජනයෙහි නිරත මන්ත්රීවරුන් පාර්ලිමේන්තු කැන්ටිමට පැමිණ හොඳින් සප්පායම් වී යන බවය. සභාගර්භය තුළ නැති ආරක්ෂාවක් කැන්ටිමේ තිබිය හැකි ද? විපක්ෂ මන්ත්රීවරුන් විරෝධතා පුවරු ඔසවාගෙන වර්ජනය ක්රියාත්මක කරන්නේ ද පාර්ලිමේන්තු පරිශ්රය තුළය. සභා ගර්භය තුළ නැති ආරක්ෂාව පාර්ලිමේන්තුවෙන් පිටත තිබිය හැකිද? දේශපාලකයන් විහිළුකාරයන් සේ හැසිරීමත්, ළදරුවන් සේ කතා කිරීමත් කෙතරම් අභාග්යයක් ද?

විපක්ෂ නායකතුමා හා ඔහුගේ ගෝලයන් එක්කෝ දේශපාලනය හා පාර්ලිමේන්තු ක්රමය ගැන ටියුෂන් ගත යුතුය. නැතහොත් අඩුම ගණනේ පාර්ලිමේන්තුවට පැමිණීමටවත් වගබලා ගත යුතුය. සජිත් ප්රේමදාස මහතාට කැබිතිගොල්ලෑවේ බස් බෝම්බය මතක ඇතැ’යි සිතමු.

කොටි සංවිධානය එය පුපුරුවා හැරියේ 2006 ජුනි15 දා ය. ප්රහාරයෙන් අහිංසක සිවිල් වැසියෝ හැට හතර දෙනෙක් මළහ. තවත් පිරිසක් මාරාන්තික තුවාල ලැබූහ. මේ ප්රහාරයේ උණුසුම මැකී යන්නට පෙර එවකට ජනාධිපතිව සිටි මහින්ද රාජපක්ෂ මහතා සිද්ධිය වූ ස්ථානයට ගියේය. ඒ කාලයේ හැටියට දකුණේ දේශපාලකයන් අනුරාධපුරයෙන් ඔබ්බට ගියේ නැත. මහින්ද මහතා කැබිතිගොල්ලෑවට ගියේ ආරක්ෂක ප්රධානීන් දුන් උපදේශන තුට්ටුවකට මායිම් නොකරමින්ය.

ඔහු තමන්ගේ ජීවිතය උකසට තබා ජනතාව සමඟ දුක බෙදා ගැනීමට ඒ ගමන ගියේය. නායකයන් තමන්ගේ ආරක්ෂාවට වඩා මහජනයාගේ ආරක්ෂාව උදෙසා පෙනී සිටිය යුතුය. දේශපාලකයන් නිවටයන් හා බියගුල්ලන් සේ හැසිරීම අනුමත කළ හැකි කාරණයක් නොවේ. විශේෂයෙන් දේශපාලන පක්ෂයක නායකයකු වෙතින් එබඳු බොළඳකමක් අපේක්ෂා කළ නොහැකිය.

නායකයකු විහිළුවකට හෝ තමන්ගේ ආරක්ෂාව වෙනුවෙන් වර්ජනයක් නොකළ යුතුය. වර්ජනය දේශපාලන උපාය මාර්ගයක් ලෙස ගතහොත් එම උපාය මාර්ගය මුළුමනින්ම වැරැදි සහගතය. අතාර්කිකය. පාර්ලිමේන්තුව යනු රටට හා ජනතාවට අවශ්ය තීන්දු තීරණ ගන්නා තැනය. ආරක්ෂාව ප්රශ්නයක් නම්; එය ද පාර්ලිමේන්තුව තුළ දී විසඳා ගත යුතුය. එය මඟ හැර යෑම ජනතාවට කරන ද්රෝහීකමක් සේ සලකන්නට සිදුවේ.

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්