Feb
17

” හිතට හිතෙන හැමදේම මට දැන් ඇගෙන් කරගන්න බැහැ, අපේ හිත්වලට මොනතරම් දේවල් එනවද ” ජනප්‍රිය නිළි දිල්හානි ඒකනායක

 
1181 Views
   
 

දිල්හානි ඒකනායක කියල කියන්නේ ලංකාවේ අපේ සිනමා ක්ෂේත්‍රය තුළ අතිශය ජනප්‍රියත්වයට පත් දක්ෂ වගේම ප්‍රවීණ රංගන ශිල්පිනියකි. කොහොම නමුත් වසර ගණනාවකට පෙරදී සිය රංගන දිවිය ආරම්භ කරන ඇයට මේවෙද්දී අපේ කලාව තුළ සුවිශේෂ ගමනක් යාමට හැකිව තිබෙනවා. කෙසේවෙතත් ඇයව මේ දවස් වල රියැලිටි නර්තන තරගයක විනිශ්චකාරිනියක් ලෙස පෙනි සිටියා. ඉතින් අද අපි කතා කරන්න යන්නේ මේ ප්‍රවීණ රංගන ශිල්පිනිය සමගිනුයි

දිල්හානි කියල කියන්නේ එදා වගේම අදටත් සුන්දර රූ සපුවකට හිමිකම් කියන චරිතයක්. ඇත්තටම කොච්චර වයසට ගියත් ඇගේ දක්ෂතාව මෙන්ම රූ සපුවෙද වෙනසක් නැහැ. ඒකට හේතුව මොකක්ද ?

මම සමාජයට යනවා බොහොම අඩු කෙනෙක්. මොකද එහෙම සමාජයට ගියොත් ප්‍රශ්න ගොඩක් අරගෙන තමයි එන්න වෙන්නේ. අපේ සමාජය ගොඩක් අය පුරුදු වෙලා ඉන්නේ අනුන්ගේ ඕප දුප හොයන්න. විවිධ විස වලින් තමන්ගේ හිත පුරවගන්න තමයි ගොඩක් අය බලන්න. ඉතින් මම තනියම ගොඩක් දේවල් කරගන්න කෙනෙක්. මගේ පෞද්ගලික ජීවිතයේ පවා බොහෝ දේවල් සිද්ධ කරගන්නේ තනියම. මම ආගමට දහමට ළැදිව බොහොම පිරිසිදු මනසකින් ජීවත් වෙන කෙනෙක්. මම සමාජගත නොවීම නිසා මගේ හිතට වස විස ඇතුළු වෙනවා අඩුයි. ඒ වගේම වස කියන දේ ඉපදෙන වත් අඩුයි. ඒක තමා මගේ සුන්දරත්වයට හේතුව කියලා මම හිතනවා

අපට නර්තන රියැලිටි වැඩසටහනක විනිශ්චය කාරීවරියක ලෙස පසුගිය කාලයේ දැකගන්නට ලැබුණා. ඉතින් ඔබට හිතුනේ නැද්ද නර්තනය කියන දෙය නැවත කරන්න ?

හිතට හිතෙන හැමදේම මට දැන් ඇගෙන් කරගන්න බැහැ. අපේ හිත්වලට මොනතරම් දේවල් එනවද. හැබැයි ඒ දේවල් දැන් කරන්න අපේ වයසත් එක්ක අපේ ඇඟට බැහැ. ඒ නිසාම සමහර දේවල් නොකර ඉන්න සිද්ධ වෙලා තියෙනවා. පුංචි කාලේ නර්ථනය කියන දේ කලා ට දැන් අපිට දඟලලා කරලා නර්තනය කියන දේ කරන්න බැහැ. ඇත්ත ඒක. අනික ඒ වගේ දේවල් කරන්න ඕන කියන අදහසක් මගේ ඔළුවේ නැහැ .නර්තනය කියන දේ සෞඛ්‍යයට හොඳයි. හැබැයි නර්තනය විවිධ මට්ටම්වලින් තියෙනවා. අපිට දැන් ඒ මට්ටම් වලට යන්න බැහැ

බැලූ බැල්මට අපට දිල්හානිව පේන්නේ ශක්තිමත් ගැහැනියක් හැටියටයි. ඇත්තටම දිල්හානි කියන්නේ ශක්තිමත් ගැහැනියක් නේද ?

ඔව් මම ගොඩක් ශක්තිමත් වුණේ මගේ සැමියාගේ අසනීප තත්ත්වයත් එක්ක. අපි දුර්වල වුණා කියලා අපිට විකල්ප නෑ. මම කොහොමත් ශක්තිමත් ගැහැනියක්. මට දෙයක් කරන්න හිතුනොත් මම ඒ දේ කොහොම හරි කරනවා. ඒක මගේ පුරුද්දක්. කොහොම වුණත් මගේ සැමියගේ අසනීප තත්ත්වය එක්ක මම දුර්වල වෙලා බැහැ කියලා මට හිතුනා. එහෙම දුර්වල වුණොත් මට කිසිම දෙයක් කරගන්න බෑ කියන දේ මගේ හදවතට දැනුනා. ජීවිතයේ හොඳ කළමනාකරණයක් තියෙන්න ඕන කියලා මම එතනදී ඉගෙන ගත්තා. මට ජීවිතේ ගොඩක් දේවල් වලට මුහුණ දෙන්න ශක්තියක් වුණේ මගේ දරුවෝ. අපි එකට ඉදලා ගොඩක් දේවල් එකට බෙදා ගත්තා

කොහොමහරි දිල්හානි කියල කියන්නේ අපේ කලාව තුළ ඉන්න සම්මාන ලාභී රංගන ප්‍රවීණ ශිල්පිනියක්. ඉතින් ඔබ ලබාගත් වටිනාම සම්මානය ගැන මතක් කළොත් ?

මම හිතන්නේ මගේ ජීවිතේ මට ලබන්න පුළුවන් උපරිම සම්මානය වටිනම සම්මානය තමයි මට බුද්ධ ධර්මය හමුවිම. ඊට එහා සම්මානයක් මට කොහෙන්වත් ලැබෙන එකක් නෑ. ඒ සම්මානය මගේ ජීවිතය වෙනස් කළා

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්