Apr
28

රටටත් ජනතාවටත් බරක් වූ අකාර්යක්ෂම රාජ්‍ය සේවය

 
1722 Views
   
 

අපේ රටේ වර්තමානයේ රාජ්‍ය සේවය ලක්ෂ දහහත ඉක්මවා ඇත. මෙතරම් රාජ්‍ය සේවකයන් පිරිසකට වැටුප් ගෙවීම රටට දරාගත නොහැකි වියදමකි. අනෙක් කාරණය ඔවුන් ගන්නා වැටුපට සාධාරණ සේවයක් රජයේ සේවකයන්ගෙන් රටටත් ජනතාවටත් ලැබෙනවාද යන්න ප්‍රශ්නයකි. බොහෝ දෙනා උදැසන පොත අත්සන් කර උදෑසන ආහාරය සඳහා පැය භාගයක් පමණ ගත කරයි. ඉන් පසු උදෑසන තේ වෙලාවට තවත් පැය භාගයකි. දිවා ආහාරය සඳහා පැයකි. නැවත සවස තේ වෙලාව සඳහා පැය භාගයකි. මේ අනුව ඔවුන් තම රාජකාරී ආසනයේ සිටින්නේ පැය හයකට අඩු කාලයකි. ඒ පැය හයද ඔවුන් රාජකාරී කටයුතු කරන්නේ අකාර්යක්ෂමවයි. රජයේ ආයතන වල පෝළිම් වැඩි වීමටත් පෞද්ගලික ආයතන වල සාපේක්ෂව පෝළිම් අඩු වීමටත් හේතුව රාජ්‍ය සේවකයන්ගේ මෙම අකාර්යක්ෂමතාවයයි.

ශ්‍රී ලංකා ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් 2016 නොවැම්බර් මාසයේ පවත්වන ලද සංගණනයට අනුව ශ්‍රී ලංකාවේ රජයේ සහ අර්ධ රාජ්‍ය ආයතන වල සේවය කරන සේවක සේවිකාවන් ගණන 1,109,475 කි. ආරක්ෂක හමුදාවල සේවය කරන නිල ඇඳුම දරන කාර්ය මණ්ඩලය මෙම සංගණනයට ඇතුළත් නොවේ. මධ්‍යම රජය සහ පළාත් රාජ්‍ය අංශය එක්ව ගත්විට සේවා නියුක්තිකයන් අතරින් 44.9 % කාන්තාවන්ය. මෙම රාජ්‍ය හා අර්ධ රාජ්‍ය අංශයේ සේවය කරන සේවක සේවිකාවන් අතරින් අපොස උසස් පෙළ සමත් වී තිබෙන්නේ 35% ක් පමණක් බවත් සංගණනයේදී හෙළි වී තිබේ.

රාජ්‍ය සහ අර්ධ අංශයේ සේවා නියුක්තිකයන් අතරින් 65.3%ක් මධ්‍යම රජය යටතේ සේවය කරන අතර, 34.7% සේවය කරන්නේ පළාත් රාජ්‍ය අංශය යටතේය. රාජ්‍ය හා අර්ධ රාජ්‍ය අංශයේ සේවකයන්ගේ තොරතුරු තාක්ෂණ දැනුමද සංගණනයේදී විමසා බලන ලදි. ඒ අනුව සමස්ත සේවක බලකායෙන් 66.8% කට පරිගණක භාවිත කිරීමේ හැකියාව තිබෙන අතර 56.3%ක් පමණ අන්තර්ජාලය භාවිතා කරන බව ද සංගණන වාර්තාවේ දැක්වේ.

මේ තොරතුරු අනුව රාජ්‍ය සේවකයන්ගේ අධ්‍යාපන සුදුසුකම්, බුද්ධි මට්ටම සහ පරිඝණක සාක්ෂරතාවය පිළිබඳව හොඳින් වැටහේ. සාමාන්‍යයෙන් මෙරට රාජ්‍ය සේවයට සේවක සේවිකාවන් 900,000 ක් පමණ ප්‍රමාණවත් බව ගණනය කර ඇත. මෙසේ තිබියදීත් පසුගිය රජය අලු⁣තින් රජයේ සේවයට 500,000 ට වැඩි බඳවාගැනීම් ප්‍රමාණයක් සිදු කර ඇත. පසුගිය සමයේ නිවාස සංවර්ධන අධිකා⁣රියේ කාර්යාල වල වාඩිවීමට ආසනයක් පවා නොමැතිව අසරණ වූ රජයේ සේවකයන් දැකගත හැකි විය. සංඛ්‍යා⁣ ලේඛන වලට අනුව වර්තමානයේ රටේ අවශ්‍යතාවය මෙන් දෙගුණයකට ආසන්න රජයේ සේවකයන් පිරිසක් සිටිති. නමුත් මොවුන්ගෙන් සිදුවන සේවය පිළිබඳව කිසි සේත්ම සෑහීමකට පත්විය නොහැක.

පසුගිය දිනවල ගුරුවරුන් නැවත රජයට එරෙහිව වැඩ වර්ජනයක් සිදුකරනු දැකගන්නට ලැබුණි. ගුරුවරු වැටුප් විෂමතාවයන් ඉවත් කරන ලෙස ඉල්ලා මාස ගණනක් දරුවන් ප්‍රාණ ඇපයට ගෙන වැඩ වර්ජනයක් සිදු කර තම ඉල්ලීම් දිනා ගත්හ. නැවතත් ඔවුන් ජවිපෙ මහින්ද ජයසිංහ සහ ජෝෂප් ස්⁣ටාලිංගේ ලණුව කා දරුවන්ගේ අනාගතයට පයින් ගසා පාරට බැස ඇත. මෙවැනි රාජ්‍ය සේවකයින්ගෙන් රටට වත් ජනතාවට වත් සෙතක් වෙයිද ?

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්