Oct
10

ඉලක්ක ජය ගැනීම

 
331 Views
   
 

රටේ ප්‍රධාන ගැටලුව වූ කොවිඩ් ව්‍යාප්තිය යම් පාලනයකට නතු කර ගැනීමට ආණ්ඩුව සමත් වී ඇත. මේ වන විට එක්කෝටි විසි ලක්ෂයකට වැඩි ජනතාවකට එන්නත් මාත්‍රා දෙකම දී තිබේ. එන්නත්කරණ වැඩසටහන අඛණ්ඩව ඉදිරියට යයි. ආසියානු සංවර්ධන බැංකුව ඒ ගැන සතුට පළ කර ඇති අතර, ශ්‍රී ලංකාවට ආර්ථික ඉලක්ක ජය ගැනීම සඳහා සහයෝගය දෙන බව ප්‍රකාශ කර ඇත. ලෝක සෞඛ්‍ය සංවිධානය පවා ශ්‍රී ලංකාවේ එන්නත්කරණ වැඩසටහන ආදර්ශවත් එකක් බව පෙන්වා දී ඇත. ප්‍රධාන අභියෝගය ජය ගත හැකි බව එයින් සනාථ වෙයි. මේ පසුබිම ප්‍රයෝජනයට ගනිමින් ආර්ථික ක්‍රියාවලිය පණ ගැන්වීමට ප්‍රමුඛතාව දීම ඉතා වැදගත්ය.

කො විඩ් වසංගතය ආරම්භ වූ මුල් කාලය තුළදී ආර්ථික විශේෂඥයන් පෙන්වා දුන්නේ මේ අර්බුදයට මුහුණ දෙමින් ආර්ථිකය සක්‍රීය කිරීමට උත්සාහ නොකළොත් රටවල් විශාල අර්බුදයකට මුහුණ දිය හැකි බවය. කො විඩ් වසංගතය තුළ ඇති වන ආර්ථික අර්බුදය වඩාත් ඛේදජනක විය හැකිය. මීට විසැඳුමක් ලෙස යෝජනා වූයේ නව සාමාන්‍යකරණය තුළ වැඩ කිරීමට රටවල් යොමු විය යුතු බවය. එලෙසම එකිනෙක රටවල් තම-තමන්ට ගැළපෙන උපාය මාර්ග සොයා යා යුතු බව ද ඔවුහු පෙන්වා දුන්හ. ජනාධිපතිවරයා එම උපදේශන හොඳින් අධ්‍යනය කොට ඒ-ඒ අවස්ථාවට උචිත ලෙස ක්‍රියාකර තිබේ. එහි ප්‍රතිඵලයක් ලෙස කොවිඩ් පාලනය කරගෙන රට විවෘත කිරීමේ අවස්ථාව ලැබී ඇත.
අර්බුද ජය ගත් රටවල් එකිනෙක කාල පරිච්ඡේද තුළ ක්‍රියා කර ඇති ආකාරය විමසා බැලීම මෙහිදී වැදගත් වෙයි. ජපානය අළු-දූවිලි මතින් නැඟී සිටි රාජ්‍යයක් ලෙස ප්‍රකටය. දෙවැනි ලෝක යුද්ධයෙන් පසු ජපානයේ නායකයෝ මෙන්ම ජනතාව ද ඉලක්ක පසුපස හඹා යමින් නොකඩවා වැඩ කළහ. ඒ කැප වීමේ ප්‍රතිඵලය ලෙස ලෝකයේ දැවැන්ත ආර්ථිකයකට හිමිකම් කීමේ භාග්‍යය ජපානයට ලැබිණි. මැලේසියාව, තායිවානය, සිංගප්පූරුව, දකුණු කොරියාව මෙලෙස කැප වීමෙන් ඉලක්ක පසුපස හඹා ගිය රටවල්ය. නිදහසට පෙර මේ රටවල් පසු වූයේ ශ්‍රී ලංකාවට වඩා අඩු ආර්ථික ශක්තියක් ඇති රටවල් හැටියටය. එහෙත් අද තත්ත්වය ඊට ඉඳුරා වෙනස්ය. අප මේවා වටහා ගත යුතුය.

මැලේසියාව ගොඩනැඟූ මහතීර් මොහොමඩ් සිය පළමු පාලන සමයේදී ප්‍රමුඛතාව දුන්නේ රාජ්‍ය සේවය ශක්තිමත් කරමින් රටට ආයෝජන සපයා ගැනීමටය. මොහොමඩ් මහතා එරට රාජ්‍ය සේවය නිවැරැදි තැනකට ගෙන ගිය අතර ජනතාව වඩාත් සහයෝගයෙන් රජය සමඟ කටයුතු කරන්නට පටන් ගත්හ. රජය හා ජනතාව අතර පවත්නා අවබෝධාත්මක සම්බන්ධය ඇති කළ හැක්කේ රාජ්‍ය නිලධාරියාටය. අපේ ඇතැම් රාජ්‍ය නිලධාරීන් මේ තත්ත්වය වටහාගෙන නැත. ඇතැම් නිලධාරීන්ගේ හැසිරීම නිසා ජනතාව රජයෙන් ඈත් වන්නට පටන් ගනිති. වත්මන් ආණ්ඩුවේ ප්‍රධාන ව්‍යාපෘතියක් වන කාබනික කාෂිකර්මය වැඩසටහන දිසා ලේකම්වරුන් ඔස්සේ සාර්ථක කරගත හැකිය. ඊට අවශ්‍ය සංවිධානගත වීම, උපදේශනය හා පහසුකම් සැපයීම ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලට හොඳින්ම කළ හැකිය.
රාජ්‍ය නිලධාරීහු රජයේ වැඩසටහන්වලට අවංක ලෙස සහයෝගය දැක්වීමට බැඳී සිටිති. ඒ හැරත් ජනතාව වෙනුවෙන් සේවය කිරීම නිලධාරින්ගේ වගකීමකි; යුතුකමකි. සමස්ත රාජ්‍ය සේවයම ඒ බව වටහා ගන්නේ නම් ඉලක්ක ජය ගැනීම අපහසු නැත.

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්