Jun
30

අවශ්‍යම මොහොතක සිදුකළ වටිනා පරිත්‍යාගය

 
1991 Views
   
 

නිපුණතා සංවර්ධන, වෘත්තීය අධ්‍යාපන, පර්යේෂණ හා නව නිපැයුම් රාජ්‍ය අමාත්‍යාංශය යටතේ ඇති ලංකා ජර්මානු කාර්මික අභ්‍යාස විද්‍යාලයේ ඕස්ට්‍රේලියාවේ ආදි ශිෂ්‍ය සංගමය විසින් රුපියල් ලක්ෂ 6කට අධික වටිනාකමකින් යුත් හෘද ස්පන්දන ඔක්සිමීටර් තොගයක් පරිත්‍යාග කර තිබෙනවා.

මෙම උපකරණ තොගයෙන් කොටසක් නිපුණතා සංවර්ධන, වෘත්තීය අධ්‍යාපන, පර්යේෂණ හා නව නිපැයුම් රාජ්‍ය අමාත්‍ය සීතා අරඹේපොල මහත්මිය විසින් බස්නාහිර පළාත් සෞඛ්‍ය අධ්‍යක්ෂිකා වෛද්‍ය ධම්මිකා ජයලත් මහත්මිය වෙත ඊයේ (29) දින නිල වශයෙන් භාරදෙනු ලැබ ඇති බවයි අපට දැනගන්නට ලැබුණා. අමාත්‍යාංශ පරිශ්‍රයේදී සිදුකළ මෙම අවස්ථාවට ජර්මානු කාර්මික අභ්‍යාස විද්‍යාලයේ විදුහල්පති ඇතුළු පිරිසක්ද සහභාගීවී ඇති බව සඳහන්.

රටේ පවතින වසංගත තත්ත්වය හමුවේ මෙම පරිත්‍යාගය සිදුකිරීම රටට අවශ්‍යම මොහොතක සිදුකළ වටිනා පරිත්‍යාගයක් ලෙස අප සලකන්නෙමු.

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්