Aug
10

වැළඳුනොත් ම ර ණ යට පත්වන තවත් වෛරසයක්, සියළු තොරතුරු මෙන්න

 
1813 Views
   
 

එබෝලා වෛරසයට සමාන ‘මාබර්ග්’ නමැති වෛරස් රෝගයක් අප්‍රිකානු ගිනියා රාජ්‍යයෙන් වාර්තා වන බවට ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශ කළා.

වැළඳුණහොත් ම ර ණ ය ට පත්වීමේ සියයට 88ක හැකියාවක් සහිත මාබර්ග්, කොරෝනා වෛරසය මෙන් සත්ත්වයන්ගෙන් මිනිසාට සම්ප්‍රේෂණය වන වෛරසයක් ලෙසයි සැලකෙන්නේ.

පසුගිය අගෝස්තු 2 වනදා රෝගාතුරව මි ය ගි ය ගිනියා ජාතිකයින්ගේ සාම්පලවලින් මෙම වෛරසය හමු වූ බවට ලෝක සෞඛ්‍ය සංවිධානය සඳහන් කළා.

එහි පැතිරීම වැළැක්වීම සඳහා පියවර ගත යුතු බව යි ලෝක සෞඛ්‍ය සංවිධානයේ අප්‍රිකානු කලාපීය අධ්‍යක්ෂ මට්ෂිඩිසෝ මොයෙටි ප්‍රකාශ කළේ.

මෙම නව වෛරසය මතු ව ඇත්තේ යළිත් වරක් මතු වූ එබෝලා වෛරසයෙන් ගිනියා රාජ්‍යය නිදහස් බවට ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශ කර මාස දෙකකින් අ න තු රු වයි.

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්