May
5

අසරණ වූ කලාකරුවන් 35 දෙනෙකු වෙනුවෙන් දිමන්ක කරපු දේ

 
802 Views
   
What-was-donated-to-35-needy-artists  

දිමන්ක වෙල්ලාලගේ යනු තාරුණ්‍යයේ හදවත් තුළ රැඳුණු ගායකයෙක් ලෙස හඳුන්වන්න පුළුවන් ගායකයෙකි. නිදුකින් ඉනුමැන ගීතය ඔස්සේ සිය රසික හිත්වල ඉඩක් වෙන්කර ගත් ඔහු, කරනු ලැබූ කාර්යයක් පිළිබඳව තම ෆේස්බුක් ගිණුමේ සටහන් කර තිබුණා. ඒ මේ වනවිට අසරණව සිටින කලකරුවන් වෙනුවෙන් ඔහු සිදු කරනු ලැබූ කාර්යයයි. ඒ පිළිබඳව ඔහු මෙලෙස සටහනක් තබා තිබුණා.

අපේ රටේ වර්තමානයේ පවතින්නා වූ අර්බුදකාරී තත්වය ඔබට මට සේම තවත් සිය වාරයකින් දැනෙන්නාවූ අපේම ජේෂ්ඨ කලාකරුවන් මේ මොහොතේ අසරණ භාවයට සහ පීඩනයට පත් වී ඇත . මෙවැනි අසරණ වූ කලාකරුවන් 35 දෙනෙකු වෙනුවෙන්  මගේ අදහසකට අනුව දියත් කරන ලද ” පෙරමුණ ශ්‍රී ලංකා ” උතුම් කර්තව්‍යය අද දින ආරම්භ කරන ලදි. මෙම කර්තව්‍යය වෙනුවෙන් දායකත්වය ලබා දෙන ලද ගුණ ජය සතුට පදනමේ ගරු සභාපති කුෂිල් ගුණසේකර මැතිතුමන් සහ එම කාර්ය මණ්ඩලය මා මේ මොහොතේ ඉතා ගෞරවයෙන් සිහිපත් කරමි. එම කලාකරුවන්ගේ   පෞද්ගලිකත්වය ආරක්ෂා වන පරිදි මෙම කර්තව්‍ය සිදු කරන අතර ඔබටත් මේ සඳහා ඔබගේ දායකත්වය ලබාදිය හැකියි. මේ සඳහා ඔබට  0112586344/ 0112586345  යන  දුරකථන අංක ඔස්සේ ගුණ ජය සතුට පදනම සෘජුවම සම්බන්ධ කරගත හැකියි.

Contact Us


අපේම ජේෂ්ඨ කලාකරුවන් වෙනුවෙන් මෙම උතුම් කර්තව්‍ය දිගටම පවත්වාගෙන යෑමට මා බලාපොරොත්තු වන අතර මේ මොහොතේ අපගේ උදව් අවශ්‍ය මෙවැනිම ඔබ දන්නා වූ ජේෂ්ඨ කලාකරුවන් සිටී නම් ඔවුන්ගේ පෞද්ගලිකත්වය ආරක්ෂා වන පරිදි ඔවුන්ට උදව් කිරීමට ඔවුන්ගේ තොරතුරු පෞද්ගලිකව  මා වෙත ලබා දීමෙන් ඔබත් මේ උතුම් කර්තව්‍යයට සහභාගී වන ලෙස ආදරයෙන් ආරාධනා කරමි !!

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්