Jan
25

ධුර කාලය වසර දෙකකින් දිගු කිරීමේ කතාවට ජනපතිගෙන් ප්‍රතිචාරයක් නැත්තේ ඇයි ?

 
1974 Views
   
 

පාර්ලිමේන්තුවේදී ඩයනා ගමගේ මන්ත්රීවරිය පැවැත්වූ අගනා කතාවක් මහත්සේ අවධානයට යොමුවුනා. ඇය උතුරැ නැගෙනහිර ප්රශ්න පිළිබඳව විග්නේෂ්වරන් මන්ත්රීවරයා පැවැත් වූ කතාවකට ඌන පූරණයක් එක්කරමින් පැහැදිලි කලේ ජනපති දැනටමත් දමිල ඩයස්ෆෝරාව සමග සාකච්ඡා පවත්වන බවත් ඔවුන්ගේද සහයෝගයෙන් උතුරැ නැගෙනහිරට අවශ්ය යටිතල පහසුකමි දියුණු කිරීමටත්, ජන ජීවිතය යථාවත් කිරීමටත් අවශ්ය වැදගත් තීරණ ගනිමින් සිටින බවය.

ඒ සදහා අන් කවරකටවත් වඩා මෙම රජය ඉදිරියේදී කැප වෙන බවත් පැවසීය. ඉදිරියේදී එය ප්රායෝගිකව දැකිය හැකිවනු ඇති බවත්ය. පසුගියදා විවෘත කල මීරිගම කුරැණෑගල අධිවෙිගී මාර්ග කොටස ජනතාවට කොතරම් වැදගත්දැයි දින තුනක් ඇතුලත රැපියල් කෝටියක ආදායමක් එකතුවීමෙන්ම පෙනේ. ලංකාව දියුණු වීමට නමි යටිතල පහසුකමි නොකඩවා සංවර්ධනය කල යුතු බව තර්කයකින් තොර පරම සත්යයකි.

එය රාජපක්ෂ යුගවලදී අඩු නැතිව සිදුවේ. එමගින් විදෙස් ආයෝජනයන් ගෙන ඒමට ලැබෙන්නේද ඉමහත් තල්ලුවකි. අද රට තිබෙන තත්වයෙන් ගොඩ ඒමට අනිවාර්යයෙන්ම ආයෝජන ගෙන ආ යුතුමය. එය එතුමියගේ කතාවේ හරය වේ. ජනපතිතුමන්ට ගෝලීය වසංගතය නිසා අහිමිව ගිය වසර දෙකක කාලය යලි ලබාදිය යුතු බවත් ඒ සදහා පාර්ලිමේන්තුවට යෝජනාවක් ගෙන එන බවත් එතුමිය පවසයි.

එයට සමගාමීව පාර්ලිමෙින්තුවද තවත් වසර දෙකකින් දීර්ඝ කල යුතු බව ඩයනා මහත්මිය පැවසීය. එය කාලීනව කළ යෝජනාවකි. මේ සඳහා ජනපති ගෝඨාභය කිසිදු ප්රකාශයක් කර නැත. ඔහු පවසන්නේ වසර පහක වැඩ තුනකින් අවසන් කලයුතු බවකි. 2025 වනවිට කුමක් සිදුවෙිදැයි කිසිවෙකුටවත් කිසිවක් කිව නොහැකිය. එතෙක් කිසිඳු මැතිවරණයක් නැත. නෛතිකව ඒ සදහා අවකාශයක්ද නැත. ඩයනා සමගි ජන බලවේගයෙන් ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පත්වූ කතකි.

මූලාසනයේ සිටි හරිනි අමරසූරිය මහත්මිය ඇයද ජාතික ජන බලවේගයේ පත්කල මන්ත්රී වරියකි. ඇය ජවිපේ සමග ඒකාබද්ධව සිටියත් ඇයට එම සහයෝගය නොගැලපෙන්නේ එක අතකින් ඇය ගෝනි බිල්ලෙකු නොවන නිසාය, ටිංටිං වගේ පයාගලදී ආයුධ සමග අසුවූ කෙනෙකු නොවන නිසාය,බෙරගල කඳවුරේ සිටි අය පාවාදුන් විජිතද නොවන නිසාය, සිය සගයන් මුළු මනින්ම පාවාදුන් අරවින්දද නොවන නිසාය.ජවිපේ වගේ අතේ ලේ ගෑවීත් නැති හරිනි දෛවයෝපගතව එම කතාව අසමින් මුලසුනේ සිටියාය.

ගෝලීය අර්බුධයකදී රටේ විපක්ෂය පවත්නා රජයට සහාය නොදී කඩාකප්පල්කාරීව කටයුතු කරන්නේ නම් එය රට තවත් ප්රපාතයටම හෙලීමකි. ජවිපේ මිනීමරැවන්ගේ සහාය නොලැබුනත් හරිනි වැන්නවුන්ගේ සහාය හෝ රට පාලනය කරන රජයට ලැබිය යුතු කාලයකි මෙය.

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්