Nov
11

“මම පැණි රසට ගොඩක් ඇඩික් වෙලා ඉන්න කෙනෙක්”

 
1409 Views
   
 

තාරුකා වන්නිආරච්චි කියන්නේ විවිධාකාර නිර්මාණ තුළින් ප්රේක්ෂකයන් අතරට ආව සුන්දර රූපයක් හිමි දක්ෂ රංගන ශිල්පිනියක්. ඇයගේ සිනහව සහ අහිංසක පෙනුම නිසාම ප්රේක්ෂකයන්ගේ ආදරය නොඅඩුව ලැබෙන්න වාසනාවන්ත වුණා. කාලයක් නිහඬව සිටි තාරුකා නැවත රංගනයෙන් දැකගන්නට ලැබෙනවා. ඒ ‘නිහඬ සෙවනැලි’ චිත්රපටය හරහා. ඒ වගේම ඇගේ අලුත් ජීවිතය ගැනත් කතාබහ කරන්න මුල පිරුවා. 

මේ දවස් වල මොකද වෙන්නේ ? 

මේ ටික ලොකුවට වැඩක් නැහැ. අවුරුදු දෙකකට පස්සේ ටුවර් එකක් ගිහින් ආවා. දැන් ඉතින් ආයෙ ගෙදරට වෙලා ඉන්නවා. මගේ ‘නිහඬ සෙවනැලි’ ප්රදර්ශනයට සූදානම් වෙනවා.

ඩුබායි යන්න විශේෂත්වයක් තියෙනවද ? 

ඩුබායි වල මගේ අක්කා ඉන්නේ. තවත් නෑදෑයින් ගොඩක් ඉන්නවා. අවුරුදු දෙකක් තිස්සේ ගෙදරටම වෙලා කොහේ හරි යන්න ඕනෙම කියලා හිතුනා. ඉතින් ෂොපින් වලට සහ පවුලේ කට්ටියත් ඉන්න නිසා ඩුබායි යන එක හොඳයි කියලා හිතුන නිසා ඩුබායි ගිහින් ආවා..

කොහොමද ඒ කාලය ? 

සති දෙකයි අපි ඩුබායි හිටියේ. එන්න හිතුනෙත් නැහැ. තව ඉන්න තිබුණා නම් හොඳයි කියලා හිතුනා. ඒත් හස්බන්ඩ්ගෙ වැඩ නිසා ආපහු ඉක්මනට එන්න වුණා.

01.

ආයි ටුවර් එකක් ගැන රට ගැන හිතලද තියෙන්නෙ ? 

ජපන් තමා පුතා ලැබෙන්න කලින් යන්න හිටියේ. හස්බන්ඩ්ගෙ මල්ලි සහ තව නෑදෑයො ඉන්න නිසා ජපන් යන්න තමා ඉන්නේ.

කාලෙකින් නැවත රංගනයට ඇවිත් ? 

‘මහවිරු පණ්ඬු’ ටෙලි නාට්ය තුළින් තමයි මම නැවත රංගනයට ආවේ. ඒකෙ රූපගත කිරීම්වලට සහභාගි වෙනවා.

තව අලුත් නිර්මාණ වලට දායක වුණේ නැද්ද ? 

අලුත් නිර්මාණ කිහිපයකට ආරාධනා ලැබුණා. නමුත් ඉස්සර වගේ කාර්යබහුල වෙන්න බැහැ. මොකද පුතා වෙනුවෙන් කාලය වෙන් කරන්න ඕනේ. ඒ නිසා තව ටික කාලයක් හිටියොත් හොඳයි කියලා හිතුන නිසා තවම අලුත් නිර්මාණ හරිහැටි භාරගත්තේ නැහැ.

02.

සිනමාවෙන් තාරුකාව දැකගන්නත් ලැබෙනවා ? 

ඔව්. සුනිල් ප්රේමරත්න මහතාගේ ‘නිහඬ සෙවනැලි’ චිත්රපටිය නොවැම්බර් 11 වැනිදා සිට තිරගත වෙනවා. ඒක ත්රාසය, භීතිය පිරි අද්භූත ගණයේ චිත්රපටියක්. වසංගතයෙන් පස්සෙ සිනමා ශාලා වෙත එන අලුත්ම චිත්රපටය හැමෝටම බලන්න කියලා ආරාධනා කරනවා.

වැඩි කැමැත්තක් තියෙන්නේ සිනමාවටද ? පුංචි තිරයටද ? 

එහෙම විශේෂයක් නැහැ. මොන නිර්මාණය වුණත් මම භාරගන්නා චරිතය ආසාවෙන් සහ කැපවීමෙන් කරනවා. දැන් විවාහ වෙලා දරුවත් ඉන්න නිසා කාලය සීමා වෙලා තියෙනවා. ඒ නිසා ලැබෙන කාලයත් එක්ක හොඳ නිර්මාණවලට දායක වෙන්න කැමැත්තෙන් ඉන්නවා.

ආයෙත් සුපුරුදු නර්තන හැකියාවන් වේදිකාවේ දැකගන්න ලැබුණා ? 

මොකද අවුරුදු දෙකකින් තමා නර්තනයට සම්බන්ධ වුණේ. dancing කියන එක රංගනය වගේ නෙවෙයි. හොඳට එනජි එක, රිදම් එක තියෙන්න ඕනේ හැබැයි රිහසල් එකේදි තේරුණා ලොකු ප්රශ්නයක් නැහැ කියලා. මගේ දුර්වලතාවක් තියෙන්න බැහැ මොකද තරගයක් නිසා. එතකොට ඒක ළමයට වෙන අසාධාරණයක් නිසා. ඒ හැමදේම හිතලා මම සම්බන්ධ වුණා. කාලෙකින් මගේ නර්තනයක් දැකගන්න ලැබුණේ. ඒ නිසා හොද ප්රතිචාර තිබ්බ ඒ නර්තනයට.

කොහොමද ඔහොම එන්න එන්නම ලස්සනට ඉන්නෙ කියන දේ නේද වැඩියෙන්ම ඇහුවේ ? 

ඇත්තටම ඔව්. බබෙක් ඉන්නවා කියලා හිතන්නවත් බැහැනේ. ඉස්සරට වඩා ලස්සනයි කියලා තමයි බොහෝ අය කිව්වේ. ඇත්තටම හදවතින්ම සතුටු වෙනවා. ඒ වගේ ප්රතිචාර ලැබුණු එක ගැන.

ඇත්තටම ලස්සනට හැඩට ඉන්න රහස මොකක්ද ? 

රහසක් නම් නැහැ. ඒක මම හිතන්නේ කෑම පාලනය සහ ව්යායාම කරන නිසා වෙන්න ඕනේ. මාසයක් පමණ නම් ලොකු කට්ටක් කෑවා. ඊට පස්සේ යම් ගානකට ආවට පස්සෙ ලොකුවට මහන්සි වෙන්න ඕන වුණේ නැහැ. කෑම පාලනය කරගන්න පුළුවන් නම් ලස්සනට නිරෝගීව ඉන්න පුළුවන් කියන එක තමා අත්දුටු දේ.

දැන් පැණි රස කන්නේ නැද්ද ? 

මම පැණි රසට ඇඩික් වෙලා ඉන්න කෙනෙක්. බබා හම්බවෙන්න ඉද්දි සහ හම්බුනාට පස්සෙ සෑහෙන පැණි රස කෑම කෑවා. නිරෝගී කම සහ ලස්සනට ඉන්න හිතෙන කෙනෙක්ට ඒවායින් ඈත් වෙන්නත් පුළුවන්. මම නම් දෙන උපදෙස පැණි රස කෑම වැඩිය කන්න එපා කියන එක.

හොඳම කාලේ රංගනයෙන් අෑත් වීම ගැන දුකක් නැද්ද ? 

ඇත්තෙන්ම නැහැ. හුඟක් දෙනෙක් ඕක අහනවා. අපරාදෙනෙ වැඩ මිස් වුණා නේද වගේ ප්රශ්න. අනේ මන්දා මට නම් එහෙම හිතෙන්නේ නැහැ. කලා කටයුතු නිසා ගොඩක් කාර්යබහුල වෙලා ඉන්න කාලෙක තමා මගේ විවාහය සිද්ධ වෙන්නේ. ඊට පස්සේ දරුවා ලැබෙන්නේ. හැබැයි මේ ගෙවන ජීවිතේ වෙනස්ම අත්දැකීමක්. මම මගේ පෞද්ගලික ජීවිතයට ගොඩක් ආදරෙයි. ඒ වෙනුවෙන් මම ලොකු කැපකිරීමක් කරනවා. දැන් වුණත් විවාහ වෙලා දරුවෙක් ඉන්නවා කියලා නැහැ. නිර්මාණ කරන්න හැකියාව තියෙනවානේ. කාලය සහ අවශ්යතාවය තියෙනවා නම් මේ දේවල් කරන්න පුළුවන්. මම දැන් මේ ගෙවන ජීවිතය ගැන ඇත්තටම හරි සතුටුයි.

රංගන කටයුතුවල නියැළෙන්න හස්බන්ඩ්ගෙන් බාධාවක් නැද්ද ? 

අනේ එහෙම කිසිම දෙයක් නැහැ. බබා එක්ක වැඩ කරන්න කාලය හදාගන්න පුලුවන් නම් හොඳ නිර්මාණයක් නම් වැඩ කරන්න කියලා නිදහස දීලා තියෙනවා. මගේ පවුලේ අය නම් එදා ඉඳන්ම අද වෙනකම් මගෙත් එක්ක ඉන්නවා. ඉතින් ඉස්සර මගේ අම්මා තාත්තාගෙන් වගේම දැන් හස්බන්ඩ්ගෙනුත් ඒ උදව්ව ලැබෙනවා.

04.

ඔබ සංචාරය කරන්න කැමැති කෙනෙක් ? 

සංචාරය කරන්න මම හරි කැමැතියි. රට රටවල් වල විතරක් නෙවෙයි ලංකාවේ කොහේ හරි ඇවිදින්න තමා මම කැමතියි. නොගිය තැන් බොහොමයක් තියෙනවා. ඒ වගේම ගිය තැන් වලටත් ආයෙ ආයෙ යන්න වුණත් මම හරි කැමතියි. නුවර සහ නුවරඑළිය පැතිවලට මම ගොඩක් යන්න ආසයි.

විදෙස් ගතවෙන්න අරමුණක් තියෙනවද ? 

එහෙම අරමුණක් නැතුවාම නෙවෙයි. පුතා ලොකු වෙද්දී එයාගේ අධ්යාපනය සහ අනාගතය ගැන හිතන්න ඕනේ. ඉතින් ඒ දේවල් එක්ක විදෙස්ගත වෙන්න අදහසක් තියෙනවා.

එතකොට කලාව මග හැරෙයිද ? 

කලාව කියන එක කලාකරුවෙක්ගේ ඇඟේම තියෙන දෙයක්. ඒකෙන් ඈත් වෙන්න ඇත්තටම බැහැ. දැන් අවුරුදු එකහමාරක් විතර නිර්මාණ වලට සම්බන්ධ නොවී ඉඳලත් හිතෙන්නෙම දැන් මොකක් හරි නිර්මාණයක් කරන්න ඕනේ කියන හැඟීම. ඒ නිසා විදෙස්ගතව හිටියත් හොඳ නිර්මාණයකට දායක වෙන්න කොහේ හිටියත් එයි.

මේ කාලය ගත වෙන්නේ පුංචි පුතා එක්ක, කොහොමද ? 

අම්මෝ දවස යනවා තේරෙන්නේ නැහැ. එයාගේ දඟකාර විසේකාර හුරතල් වැඩ එක එයාට කවන පොවන හැම දෙයක් එක්කම කාලය ගත වෙනවා දැනෙන්නේ නැහැ. හරිම සුන්දර ජීවිතයක් පුතා එක්ක ගෙවන්නේ. වෙලාවකට හිතෙනවා හැමදාම මේ වගේ පොඩි එකේ හිටිය නම් හොඳයි කියලා. මොකද එච්චරටම හුරතල් පුතෙක් ඉන්නේ.

05.

හැමෝම කියන්නේ පුතා අයියා වගේ කියලා නේද ? 

අනේ ඔව්. අයියා වගේ කියලා කියනවා. මගේ හුරුවකුත් චුට්ටක් තියෙනවා කියලත් කියනවා. ගොඩක්ම ඉතිං පුතා හස්බන්ඩ් වගේ කියලා තමා කියන්නේ. දැන් පුතෙක්නේ ඉන්නේ.

තාරුකා වගේ දුවෙක් බලාපොරොත්තු වෙන්නෙ නැද්ද ? 

හැමෝම කියනවා දැන් ඔයා වගේ දුවෙක් හිටිය නම් හොඳ නැද්ද කියලා. මම ඒ අයට කියන්න හැදුවොත් ඇවිත් බලාගන්න කියලා. මොකද මේ පුතාවත් බලා ගන්න අමාරු නිසා තව දුවෙක් හැදුවොත් එයාව බලාගන්න කියලා. මම කොහොමත් ආසාවෙන් හිටිය දුවෙක්ට. නමුත් පුතෙක් ලැබුනේ. දැන්නම් මගේ ලෝකෙම වෙලා ඉන්නෙ පුතා. දුවෙකුත් හිටියොත් හොඳයි කියලා හිතෙනවා. ඒත් තාම නම් ඒ ගැන අදහසක් නැහැ.

ආපස්සට හැරිලා බලද්දී ජීවිතය ගැන මොකද හිතෙන්නේ ? 

ජීවිතයේ ලැබුණු අත්දැකීම් එක්ක අද ඉන්න තැන ගැන මම නිහතමානීව සතුටු වෙන කෙනෙක්.

අනාගත සැලසුම් ? 

එහෙම ලොකු සැලසුම් නැහැ. මගේ පෞද්ගලික ජීවිතයට මුල් තැන දෙමින් හොඳ ටෙලි නිර්මාණයකින් නැවත ප්රේක්ෂකයන් අතරට එන්න බලාපොරොත්තුවක් තියෙනවා.

 

අනූෂා රණසිංහ 

අරුණ පුවත්පත පිනිපලස අතිරේකය

06.

07.

08.

09.

10.

11.

12.

13.

14.

15.

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්