Aug
13

ඒ බිහිසුණු අත්දැකීමෙන් පසුව සුදත් ඇන්තනී අයියා ගැන මතකය අවදි කළේ මෙන්න මෙහෙමයි…..

 
831 Views
   
 
ඇන්තනී පවුල වෙනුවෙන් ඒ අයට පින් දෙනවා… ඒතරම් සුරක්ෂිතව, ඒතරම් විධිමත්ව එයාලා මගේ අයියාව බලාගන්නවා…”

ජැක්සන් ඇන්තනීගේ නවතම තත්වය ගැන කියපු සුදත් ඇන්තනී ජාතික රෝහල් කාර්ය මණ්ඩලයට පින් දුන්නේ මෙන්න මේ විදිහටයි.. 


ඔහු අපේ රටට වටිනා සම්පතක්.. ඒත් එක්කම අපේ රටේ බොහෝ දෙනෙක් ඔහුගේ මේ හදිසි අනතුර ගැන විවිධ කතා කිව්වා.. ඒ කතා හැම දෙයක්ම අතරෙත් අවසානයේ කියන්න තියෙන්නේ ඔහු අපේ රටට අත්‍යාවශ්‍ය රංගන ශිල්පියෙක් බවයි…

මේ වෙනකොට ජැක්සන් ඇන්තනී සුව වෙමින් පවතින බවට ඒ අයගේ පවුලේ බොහෝ දෙනෙක් නිතර දෙවේලේ මතක් කරනවා.. ඒත් එදා දවසේ බිහිසුණු අත්දැකීම ගැන බොහෝ දෙනෙක් තවමත් හරි තොරතුරක් දන්නේ නැහැ…

 

මේ එදා දවස ගැන කණගාටුවෙන් වුණත් මතකයක් කරදෙන සුදත් ඇන්තනී…. එදා අයියා මට යන්න කතා කලා.. අපි වෙනදාට නම් එහෙම ශූටින් බලන්න යනවා..

ඒත් එදා මොන හේතුවක් නිසාද දන්නේ නැහැ මට යන්න හිතුනේම නැහැ… කොහොම හරි මං අයියාට මුලින් එනවා කියලා තමයි පස්සේ යන්න බෑ කිව්වේ….

ඒ නිසා අයියා මට……. කියලත් බැන්න…

කොහොම වුණත් මට නිකං හිතුණා ඇයි මං එහෙම සෙට් එකකට යන්නේ කියලා.. මං ඉස්සර නිකංම නිකං සුදත් ඇන්තනී වුණාට දැන් මාවත් අදුරන කවුරු හරි ඉන්නවා නේ…

ඒ නිසා මට හිතුනා මං එහෙම ගිහින් ඉන්න ඕන නෑ කියලා.. කොහොම වුණත් ඇයි දන්නේ නෑ මම ඒ ගමන මගහැරියේ… අනිත් එක අයියාටත් පස්සේ තේරුණා මං ඒ ගත්ත තීරණය හරි කියලා…

මට පස්සේ කතා කරලා කිව්වා මල්ලී උබ ගත්ත ඒ තීරණය හරි කියලා… මොකද මමත් එහෙම තැන්වලට යන්න ඕන නෑ කියලා…

කොහොම වුණත් අපේ අනිත් අයියා සමන් මේ ගමනට එකතු වුණා.. ඔහුට තමයි මේ අනතුරෙන් ගොඩක්ම හානි වුණේ.. කොහොම වුණත් අනුරාධපුර රෝහලේ ප්‍රතිකාර ලබමින් හිටපු සමන් අයියා නම් දැන් සුව වෙලා, ආයෙත් ඉතාලියට ගියා….

එදා දවසේ රූගතකිරීම් අතරතුර ඉන්නකොටත් අයියා අපට කතා කළා මං කවදාවත් හිතුවේ නෑ මේ වගේ දෙයක් එයාව වේවි කියලා… කොහොම වුණත් අයියා මේ වෙනකොට සුවය ලබමින් ඉන්නේ ඇත්තටම රෝහල් කාර්ය මණ්ඩලය නිසා…. 
erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්