Jul
25

හෙට සිට බස්නාහිර පළාතේ විශේෂ මෙහෙයුමක්

 
1396 Views
   
 

නිරෝධායන නීති උල්ලංඝණය කිරීමේ චෝදනා මත ඊයේ දිනයේදී පුද්ගලයන් 149 දෙනෙකු අත් අඩංගුවට ගෙන ඇතැයි පොලිසිය පවසනවා.

මේ දක්වා අත් අඩංගුවට ගෙන ඇති සමස්ත සැක කරුවන් සංඛ්‍යාව පනස් දෙදහස ඉක්මවන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ කියාසිටියේ.

නිරෝධායන නීති කඩන සැක කරුවන් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මකයි.

නිරෝධායන නීති ක්‍රියාත්මක කිරීම ආරම්භ කළ දිනයේ සිට මේ දක්වා සැක කරුවන් හතලිස් හය දහසකට පමණ පිරිසකට නඩු පවරා ඇති අතර තවත් හයදහසකට පමණ නඩු පැවරීමට නියමිතව ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ.

නිරෝධායන නීති තවදුරටත් ක්‍රියාත්මක වන අතර පළාත් සංචරණ නියෝග ද තවදුරටත් ඒ ආකාරයෙන්ම ක්‍රියාත්මක බව ඔහු කියාසිටියා.

මේ අතර ඊයේ දිනයේ බස්නාහිර පළාතෙන් ඇතුලුවන සහ පිටවන ස්ථාන 13කදී පවත්වන ලද මාර්ග බාධකවලදී පුද්ගලයන් 7644ක් පරීක්ෂාවට ලක්කර තිබෙනවා.

ඒ ඔවුන් පැමිණි වාහන 4120ක් ද සමගින්. එහිදී පැමිණි වාහන 99ක් ද සමග 150 දෙනෙකුට අවවාද කර යළි හරවා යවා තිබෙනවා.

පළාත් සංචරණ සීමා උල්ලංඝණය කරමින් පළාත් මායිම් හරහා ගමන් කිරීමට උත්සාහ කිරීම හේතුවෙනුයි පොලිසිය මෙම පියවර ගෙන ඇත්තේ.

මේ අතර හෙට දිනයේ සිට මුව ආවරණ නොපළඳින පුද්ගලයන් මෙන්ම මුව ආවරණ නිසියාකාරව නොපළඳින පුද්ගලයන් සොයා විශේෂ මෙහෙයුමක් ආරම්භ කරන බව පොලිසිය පවසනවා.

විශේෂයෙන් කොළඹ නගරය සහ බස්නාහිර පළාත ආශ්‍රිතවයි මෙම මෙහෙයුම ක්‍රියාත්මක වන්නේ.

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්