Oct
10

සිදු වූ අතපසු වීම් නිවැරදි කරගෙන වැඩි වේගයකින් පෙරට යමු

 
465 Views
   
 

” ගෙවුණු පසුගිය දෙවසරක කාලය ලෝකයට, රටට , ආණ්ඩුවට මෙන්ම මටද ඉතාමත් අභියෝගාත්මක එමෙන්ම දුෂ්කර කාලපරිච්ඡේදයක්. මේ රටේ ජනතාව මාව මේ තනතුරට පත් කළේ අප්‍රමාණ වූ බලාපොරොත්තු රැසක් හිත් වල තියාගෙන. මා මේ තනතුර බාර ගත්තෙත් රට සහ ජනතාව වෙනුවෙන් සුවිශාල සේවාවක් කිරීමේ එවැනිම බලාපොරොත්තුවකින්. එහෙත් අනපේක්ෂිත කොවිඩ් වසංගතය අප සැමගේ ඒ බලාපොරොත්තු සුණුවිසුණු කරා ”
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ඊයේ පැවැති විශේෂ කැබිනට් රැස්වීම ආරම්භ කරේ සාම්ප්‍රදායික කැබිනට් රැස්වීමක් ආරම්භ කරන අයුරින් නෙවේ. සැබැවින්ම ඊයේ පැවැති කැබිනට් රැස්වීම ගෙවී ගිය වසර දෙක පිලිබඳව ස්වයං පසුවිපරමක් විය. ස්වයං විවරණයක් විය. වැඩිදුරටත් කැබිනට් මණ්ඩලය ඇමතූ එතුමා ” පසුගිය වසර දෙකේදී රාජ්‍ය සේවය බහුතරයක් රටේ සංවර්ධන ක්‍රියාවලියට සහභාගි කර ගැනීමට නොහැකි උනා. මා කරන්නට අරමුණු කරගෙන සිටි බොහෝ කාර්යයන් එම නිසා අතපසු උනා. එය සමස්ත ලෝකයටම උද්ගත වූ තත්වයක්. මගෙනුත් අතපසුවීම් වෙන්න ඇති. ඉදිරි වසර තුනේ දි ඒ සියල්ල නිවැරදි කරගෙන අප එක රොදට එකට අත්වැල් බැඳගෙන මේ රට සහ ජනතාව වෙනුවෙන් වැඩි වේගයකින් සාමුහිකව ඉදිරියට යා යුතුයි” මින් පෙර කිසිදු නායකයෙකු තමන් අතින් අතපසුවීමක් සිදු වී ඇති බවට පිළිගෙන නොතිබූ පරිසරයක් තුල එය ඉතා සාධණීය, විශේෂිත තත්වයකි. මෙය ඉතා සංවේදී සහ හැඟුම්බර කතාවකි.

වර්තමාන ආණ්ඩුව සභාග ආණ්ඩුවකි. සභාග ආණ්ඩුවක් තුළ මතගැටුම්, වාද විවාද, තර්ක විතර්ක සාමාන්‍ය තත්වයකි. රටේ ජනතාවද විශේෂයෙන්ම ජනාධිපතිවරයා බලයට පත් කර වූ කොටස්ද මේ ඛණ්ඩනය සහ පිල් බෙදීම් දිහා බැලුවේ නොපහන් සිතිනි. එහෙත් ඒ පිල් බෙදීම් නිමා කරන කතාවක් මුදල් ඇමති බැසිල් රාජපක්ෂ විසින් සිදු කරන ලදි.
” මේ ආණ්ඩුවෙ තියෙන විශාලතම පක්ෂය වන පොදුජන එක්සත් පෙරමුණ වන අපගෙනුත් සිත් රිදවීම්, අතපසුවීම් සිදු වෙන්න ඇති. නමුත් මින් ඉදිරියට එවැනි තත්ත්වයක් ඇති නොවීමට අප වග බලා ගන්නවා.” එතුමා ඊට කදිම උදාහරණයක් ගෙනහැර දැක්වූවා… ” දේදුන්නක් ලස්සන වෙන්න පාට සියල්ලම එකට එක් විය යුතුයි. නැත්නම් එහි ලස්සනක් නෑ. එය දේදුන්නක් වෙන්නෙත් නෑ..” විමල් වීරවංශ ඇමතිවරයා ද සිය චතුර වාග් මාලාව භාවිතා කරමින් කැබිනට් රැස්වීම ඇමතුවා.

” අපි අතිනුත් අඩුපාඩු, අතපසුවීම් වෙන්න ඇති. ඒ සියලුම අඩුපාඩු, අත්වැරදීම්, අතපසුවීම් පසෙක ලා නව ජවයකින් නැවුම් බලාපොරොත්තු පෙරදැරි කරගෙන සාකච්ඡාවෙන් හා සම්මුතියෙන් කොන්දේසි විරහිතව ඉදිරි වසර තුනේදි මේ රටේ ජනතාවගෙ උන්නතිය වෙනුවෙන් අපි කැප වෙමු. අද දවස ඒකට ආරම්භයක් කර ගනිමු” කැබිනට් මණ්ඩලයේ සිටි සියලුම මැති ඇමතිවරුන් ධනාත්මක ප්‍රතිචාර දැක් වූ අතර ඊයේ පැවැති කැබිනට් රැස්වීම සැබෑම විශේෂිත රැස්වීමක් විය. තම වැරදි, අඩුපාඩු නොපිළිගන්නා උද්දච්ච රාජ්‍ය නායකයින්, ආණ්ඩු තිබූ ඉතිහාසයක් අපට විය. එවැනි වටපිටාවක් තුළ මෙය ඉතා ප්‍රශස්ත තත්වයකි. රටේ නායකයන් එසේ ස්වයං විවරණයක් තුලින් ඉදිරි තෙවසර සැලසුම් කරද්දී රටේ ජනතාව විදිහට අපද අප මේ රට වෙනුවෙන් අපේ යුතුකම සහ වගකීම ඉටූ කර ඇත්දැයි පපුවට තට්ටු කරගෙන විමසිය යුතු කාලය එළඹ ඇත. (නිලන්ත සත්සර ගමගේ)

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්