Mar
2

” මම කලාවයි මගේ රාජකාරි ජීවිතයයි පටලවාගන්න කෙනෙක් නෙමෙයි, මම රඟපාන්නේ මගේ හිත එකඟ චරිත විතරයි” ජනප්‍රිය නිළි මිෂෙල් දිල්හාරා

 
1380 Views
   
 

මේවෙද්දී ලංකාවේ අපේ කලා ක්ෂේත්‍රය තුළ නැගී එන සුන්දර වගේම දක්ෂ රංගන ශිල්පිනියක් තමයි මිෂෙල් දිල්හාරා කියන්නේ. ඇත්තෙන්ම ඇය කලා ක්ෂේත්‍රය තුළ නිහඬ චරිතයක් ලෙසින් කටයුතු කරමින් තමන්ට ලැබෙන සෑම චරිතයට ඉතාම හොද සාදාරණයක් ඉටු කරන ජනප්‍රිය චරිතයක් ලෙස හදුන්වන්න පුලුවන්. කොහොම නමුත් දිල්හාරා කියල කියන්නේ දියණියන් තිදෙනෙකුගෙන් සමන්විත පවුලේ වැඩිමහල් දියණියයි

කෙසේවෙතත් මිෂෙල් දිල්හාරා කියන මේ චරිතය නිළියක් හැටියට කලා ක්ෂේත්‍රය තුළ සුවිශේෂ ගමනක් යන අතරතුර සමාජ සේවිකාව ලෙසත් කටයුතු කරනවා. ඇත්තෙන්ම ඇය ඇගේ මාසික වැටුපෙන් බාගයක් වෙන් කරන්නේ අහිංසක දුප්පත් අසරණ ජනතාව වෙනුවෙනුයි. ඒ බව මේවෙනකොට ලංකාවේ නොදන්න කෙනෙකු නැති තරම්. ඒ කොහොම උනත් අද අපි මේ විදිහට කතා කරන්න යන්නේ මේ නිහතමානී රංගන ශිලිපිනිය සමගිනුයි

මිෂෙල් කියන්නේ ලැබෙන හැම නිර්මාණයකටම සහභාගි වෙන කෙනෙක් නෙවෙයි. ඔබ තෝරා බේරාගෙන නේද නිර්මාණ වලට සම්බන්ධ වෙන්නේ ?

ඇත්තටම ඔව් මම ලැබෙන හැම නිර්මාණයකටම සහභාගි වෙන කෙනෙක් නෙවෙයි. මම නිර්මාණයක් තෝරා බේරාගෙන තමයි ඒකට සම්බන්ධ වෙන්නේ. මියුසික් විඩි⁣යෝ වලට වුණත් මම තෝරා බේරාගෙන තමයි එකතු වෙන්නේ. මේ දවස් වල මම සහභාගීවන පස්වෙනි මියුසික් එක එළියට එනවා. මම ගොඩක් කැමති සමාජයට දෙයක් දෙන්න පුළුවන් නිර්මාණවලට සහභාගි වෙන්න

මිෂෙල් කියන්නේ මේවෙද්දී ඔබ අපේ කලා ක්ෂේත්‍රය තුළ ජනප්‍රියත්වයට පත් සුන්දර රංගන ශිල්පිනියක්. ඉතින් ඔබ කලාවට ඇවිත් කොච්චර කල් වෙනවද ?

මම කලාවට එකතු වෙලා අවුරුදු පහක් විතර වෙනවා. මේ වෙද්දි ටෙලි නාට්‍යය දාහතක වගේ රඟපාලා තියෙනවා. කොහොමත් මම කැමතියි සාම්ප්‍රදායික පෙම්වතියගේ චරිත මිදිලා විවිධ චරිත රඟපාන්න. මම කැමතියි කවුරුත් කතා වෙන වෙනස්ම නිළියක් වෙන්න. මිෂෙල් දිල්හාරා කලාවට ඇවිත් කොච්චර කල්ද කියන එක නෙමෙයි වැදගත් වෙන්නේ මිෂෙල් දිල්හාරා කියන්නේ වෙනස්ම කෙනෙක් කියලා ඇහෙනවටයි මම කැමතියි. දක්ෂ නිළියක් වෙන්න අභියෝගවලට මුහුණ දෙන්න ම සිද්ධ වෙන නිසා මම කැමතියි අභියෝග ජය ගන්න කලාව ඇතුළේ ජීවත් වෙන සාර්ථක නිළියක් වෙන්න

පොදු ටෙලිනාට්‍ය කියල කියන්නේ වර්තමානයේ මෙරට අතිශය ජනප්‍රියත්වයට පත් ටෙලි නිර්මාණයක්. ටෙලි නාට්‍යයේ දුෂිගේ චරිතයට රංගන දායකත්වය ලබා දීමත් සමග ඔබ බොහෝ දෙනෙකුගේ කතාබහට ලක්වෙන චරිතයක් වෙලා. ඉතින් මේ චරිතය ගැන කතා කළොත් ?

තිර පිටපත කියවද්දි මට හිතුන මේක අභියෝගාත්මක චරිතයක් කියලා. මොකද මේ දුශි කියන චරිතය ආකාර හතරකින් මට රඟපාන්න සිද්ධ වෙනවා. අනික මේ චරිතයට වෙනස්ම චරිතයක්. මම රඟපාපු චරිත වලට වඩා ගොඩක් වෙනස් චරිතයක්. කොහොමත් මම තිර පිටපත කියවලා මට ගැළපෙනවා නම් විතරයි මම එකට සම්බන්ධ වෙන්නේ

ඇත්තටම මිෂෙල් දිල්හාරා කියල කියන්නේ චරිතාංග නිළියක් නේද ?

කොහොමත් මම වෙනස් චරිත රඟපාන කෙනෙක්. මම කැමැතියි රසිකයෝ මාව විවිධාකාර විදිහට දකිනවාට. මම තව අන්ධ බිහිරි චරිතයක් කරන්න ආසාවෙන් ඉන්නවා. මේ කිසිම චරිතයක් මගේ සැබෑ ජීවිතයට සම්බන්ධ නැහැ. හැබැයි මම මේ චරිත වලට ආදරේ කරනවා

ඔබව මෙරට බොහෝදෙනෙකු හදුනන්නේ වෙනස්ම විදිහට හිතන කෙනෙක් හැටියටයි. ඊට හේතුව ඔබ පරිසර සංවිධානයක ක්‍රියාකාරි තානාපතිවරියක් වීමද ?

මම පරිසර සංවිධා නයක ක්‍රියාකාරී තානාපතිවරියක්. හැබැයි එකට කලාව සම්බන්ධ නැහැ. මම කලාවයි මගේ රාජකාරි ජීවිතයයි පටලවාගන්න කෙනෙක් නෙමෙයි. මම රඟපාන්නේ මගේ හිත එකඟ චරිත විතරයි. ඒකට මගේ වෘත්තිමය ජීවිතය අදාල නෑ. මම පරිසරයට ගොඩක් ආදරය කරන කෙනෙක්. මේ දවස්වල මම පරිසරයට සම්බන්ධ මගේ දෙවැනි පොත ලියනවා

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්