Oct
20

අඩු ආදායම් ලාභීන්ගේ ගෘහ ආර්ථිකය නඟාසිටුවන සෞභාග්‍යා නිෂ්පාදන ගම්මාන

 
418 Views
   
 

වසංගත, බාධා, කම්කටුලු මොන දේ ආවත් නොබියව එවාට මුහුණ දෙමින් ජනතාවගේ සුභසිද්ධිය උදෙසා හැකි උපරිම සේවාව ලබාදීමට අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සහ ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා ඇතුළු රජය දැඩි වෙහෙසක් ගන්නා බව පාට කණ්නාඩි නො මැතිව අවංකව බලන ඕනෑම කෙනෙකුට පෙනෙන කරුණකි. වසංගත තත්ත්වය පාලනය කිරීමට විධිමත් සෞඛ්‍ය ක්‍රමවේදයක් ක්‍රියාත්මක කරන අතරේම,රටේ ආර්ථිකය,භෞතිකසම්පත් මෙන්ම යටිතල පහසුකම් නගාසිටුවනවා සේම ජනතාවගේ ආර්ථිකය ශක්තිමත් කිරීමට දියත් කරන ප්‍රශංසනීය වැඩසටහන් ඉතා අගය කළ යුතුයි.

ඒ අතර රට හදන සෞභාග්‍යයේ දැක්ම යථාර්තයක් බවට පත් කරමින් ගෘහ ආශ්‍රිත නිෂ්පාදන ප්‍රවර්ධනය කර ග්‍රාමීය ජනතාවගේ ආදායම් මට්ටම ඉහළ නංවමින් ග්‍රාමීය ආර්ථිකය නඟාසිටුවීමටත්,ජාතික නිෂ්පාදනයට ඉහළ දායකත්වයක් ලබාදීමත් අරමුණු කර ගනිමින් සමෘද්ධි,ගෘහ ආර්ථික,ක්ෂුද්‍ර මූල්‍ය,ස්වයං රැකියා හා ව්‍යාපාර සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය විසින් දියත් කර ඇති ” සෞභාග්‍යා නිෂ්පාදන ගම්මාන ” වැඩසටහන කැපී පෙනෙයි. ඒ අනුව,සෑම පුරවැසියෙකුටම නිශ්චිත ආර්ථික ස්ථාවරත්වයක් හා දියුණු වීමේ සමාන අවස්ථා සහිත දේශීය නිෂ්පාදකයා ශක්තිමත් වූ ආර්ථිකයක් ගොඩනැංවීමේ අරමුණින්,හැකියාව කාර්යශූරත්වයෙන් හෙබි ,දැනුම සහිත සමෘද්ධිලාභීන්,අඩු ආදායම්ලාභීන් හා වඩාත් විභවතාවක් සහිත ග්‍රාමීය ජනතාව ඉලක්ක කර දිවයිනේ සියළුම දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි මෙම වැඩසටහන ක්‍රියාත්මක කෙරේ.

කිසියම් ප්‍රදේශයක පවතින නිෂ්පාදන විභවතාව,සම්පත් සුලභතාව,වෙළඳපොල යන කරුණු පදනම් කරගෙන,අඩු අදායම් ලාභී පවුල් සෘජුවම නිෂ්පාදන ක්‍රියාවලියට දායක කරගනිමින් අගය එකතු කළ භාණ්ඩ නිෂ්පාදනය කරන හෝ සේවා සපයන ගම්මානයක් නිෂ්පාදන ගම්මානයක් ලෙස හඳුන්වනු ලැබේ. ඒ ආකාරයට පිහිටුවනු ලබන නිෂ්පාදන ගම්මාන, කෘෂිකාර්මික,කාර්මාන්ත,ධීවර,සත්ත්ව පාලන හා සේවා වශයෙන් අංශ 5ක් යටතේ වර්ගීකරණය කෙරෙනවා. ඒ යටතේ විසිතුරු පැළ හා මල්,මී පැණි,බිම්මල් ආශ්‍රිත නිෂ්පාදන,පළතුරු ආශ්‍රිත නිෂ්පාදන, කෝපි, කාබනික පොහොර යන නිෂ්පාදන ආදිය කෘෂිකර්ම අංශය යටතේත්. අත්කම් නිර්මාණ,ආහාර ආශ්‍රිත නිෂ්පාදන,ඇඟළුම්,අත් යන්ත්‍ර,බතික් නිෂ්පාදන,කුළු බඩු ආශ්‍රිත නිෂ්පාදන, කුරුඳු ආශ්‍රිත නිෂ්පාදන, කිතුල් ආශ්‍රිත නිෂ්පාදන, කුඹල් කර්මාන්තය ආශ්‍රිත නිෂ්පාදන, පොල් ආශ්‍රිත නිෂ්පාදන, තල් ආශ්‍රිත නිෂ්පාදන, ලෙදර්, සම්, රබර් ආශ්‍රිත නිෂ්පාදන, ලාක්ෂා, පිත්තල, පූජා භාණ්ඩ, ගල් හා දැව කැටයම් ආදිය කර්මාන්ත අංශය යටතේත්.

විසිතුරු මත්ස්‍ය, මත්ස්‍ය, කරවල, උම්බලකඩ හා විශේෂිත ගම්මාන ධීවර අංශය යටතේත්. එළු,බිත්තර,කිරි ආශ්‍රිත නිෂ්පාදන, සූකර පාලනය ආදිය සත්ත්ව පාලනය යටතේ සහ සේවා ගම්මාන සේවා අංශය යටතේ වශයෙන් නිෂ්පාදන ගම්මාන 500 ක මෙම නිෂ්පාදන කටයුතු සිදු කෙරේ. මේ එක නිෂ්පාදන ගම්මානයක් සඳහා රුපියල් මිලියන 10ක ප්‍රතිපාදන මුදලක් ලබා දීමට නියමිතයි. සෑම නිෂ්පාදන ගම්මානටකටම නිෂ්පාදකයාට සිය නිෂ්පාදනයට අදාළව පෞද්ගලිකව භාවිත කරන යන්ත්‍රෝපකරණ, ඉදිකිරීම් ආදිය වෙනුවෙනුත් ප්‍රතිලාභ ලබා ගැනීමට හැකියාව තිබේ. එසේම නිෂ්පාදනය සඳහා යොදාගන්නා පොදු යෙදවුම් වන යන්ත්‍ර උපකරණ, ඉදිකිරීම්, තාක්ෂණ සහාය හා පුහුණු වැඩසටහන් වෙනුවෙන්ද ප්‍රතිපාදන ලබාගත හැකිය. මේ ආදී වූ සහන රැසක් එම නිෂ්පාදන ගම්මාන වල නිෂ්පාදකයින්ට ලබා ගැනීමට හැකියාව ඇත.

එක් එක දිස්ත්‍රික්ක තුළ දිස්ත්‍රික් ලේකම්ගේ පූර්ණ අධීක්ෂණය යටතේ දිස්ත්‍රික් ක්‍රමසම්පාදන අධ්‍යක්ෂකගේ සම්බන්ධීකරණයෙන් යුතුවද, ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මට්ටමේදී, ප්‍රාදේශීය ලේකම්ගේ මඟ පෙන්වීම යටතේ සහකාර සැලසුම් අධ්‍යක්ෂකගේ සම්බන්ධීකරණයෙන් යුතුවද, මෙම වැඩසටහන ක්‍රියාත්මක කෙරෙයි. ඉදිරියේදී මෙම නිෂ්පාදන ගම්මාන ඇගයීමේ වැඩසටහනක්ද ක්‍රියාත්මක කිරීමට නියමිතයි. මේ යටතේ එක් එක් ක්ෂේත්‍ර වලට අදාළ හොඳම නිෂ්පාදන ගම්මාන තේරීමටද කටයුතු කරනු ලැබේ. තවද නිෂ්පාදන ගම්මාන ක්‍රියාත්මක කිරීමේ දිස්ත්‍රික්, ප්‍රාදේශීය හා ගම් මට්ටමේ හොඳම නිලධාරීන්ද තෝරාගෙන ඇගයීම සිදුකිරීමට නියමිතයි. අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ හා ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ උපදෙස් හා මඟ පෙන්වීම යටතේ ගරු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මැතිතුමාගේ නායකත්වයෙන් සහ ගරු සමෘද්ධි, ගෘහ ආර්ථික, ක්ෂුද්‍ර මූල්‍ය, ස්වයං රැකියා හා ව්‍යාපාර සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ශේහාන් සේමසිංහ මැතිතුමාගේ පූර්ණ අධීක්ෂණය යටතේ මෙම වැඩසටහන ක්‍රියාත්මක කෙරේ.

සෑම අවස්ථාවකම බොරු දේවල මවාපාමි න් ආණ්ඩුවේ වැරදි සොයමින් ජනතාව මුලා කරන විපක්ෂය ඇතුළු අනෙකුත් කණ්ඩායම් ආණ්ඩුව විවේචනය කරනවා වගේම මෙවැනි ජනතාවගේ සුභසිද්ධිය උදෙසා ක්‍රියාත්මක වැඩසටහන් පිළිබඳවත් පක්ෂ පාට භේදයකින් තොරව ජනතාව දැනුවත් කිරීමට ආචාරශීලී විය යුතුය. (තේමිය)

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්