Feb
25

” මම මාස්ක් එක දාගෙන හිටියත් අඳුර ගන්නවා මහීමා කියලා ” ජනප්‍රිය රංගන ශිල්පිනී කස්තුරි ජයවර්ධන

 
903 Views
   
 

කස්තුරි නෙල්කා ජයවර්ධන කියල කියන්නේ මේවෙනකොට ලාංකීය කලා ක්ෂේත්‍රය තුළ ජනප්‍රියත්වයට පත් ටෙලි නාට්‍ය රැසක් ඔස්සේ අපට දැකගන්නට ලැබෙන සුන්දර රංගන ශිල්පිනියක්. කොහොම නමුත් මේ විදිහට ක්ෂේත්‍රය තුළ ජනප්‍රියත්වයට පත් ඇය 2019 වසරේදී පැවැති දෙරණ අවුරුදු කුමරිය තරඟයෙන් දෙවැනි ස්ථානය හිමිකර ගන්නා අතර ඇගේ ජිවිතයේ හැරවුම් ලක්ෂ්‍යය බවට පත්වෙන්නේ එයයි. එතැන් පටන් මේ දක්වා ඇයට ටෙලි නාට්‍ය රැසකටම සිය රංගන දායකත්වය ලබා දීමට අවස්ථාව උදාවෙනවා

කොහොමහරි ඉතින් සිරස TV නිර්මාණයක්වන නීල පබළු ටෙලි නාට්‍යයේ මහීමා කියන චරිතය තුළින් ඔබේ ආලින්දයට පැමිණෙන ඇය දෙරණෙන් විකාශය වීමට නියමිත අලුත්ම ටෙලි නිර්මාණයක් වන හිතුවක්කාර ටෙලි නාට්‍යයේ තමාලි කියන චරිතයට සිය රංගන දායකත්වය ලබාදෙමින් ලාංකීය ප්‍රේක්ෂකයන් ඉදිරියට ඒමට නියමිතව තිබෙනවා

කෙසේවෙතත් රුහුණු විශ්ව විද්‍යාලයේ කලා පීඨයේ දෙවැනි වසර ඉගෙනුම ලබන මේ සුන්දර චරිතය අපට මුලින්ම දැකගන්නට ලැබෙන්නේ හිරු නාලිකාවේ විකාශය වූ හුස්මක් තරමට ටෙලි නාට්‍යයෙන් වන අතර ඉන් අනතුරුව සක්කාරං, හිරු දෙවියෝ, දාංගලෙ වැනි ටෙලිනාට්‍ය රැසකින් දැකගන්නට ලැබෙනවා. කොහොම නමුත් මේ ආකාරයට ටෙලි නාට්‍ය ගණනාවකට සිය රංගන දායකත්වය ලබාදුන්නු ඇය කියන්නේ
සිනමාවට සම්බන්ධ වීමට තමන්ට අවස්ථාවක් නොලැබුණු බවයි

ඇත්තෙන්ම නීල පබළු ටෙලි නාට්‍යයේ මහිමා කියන චරිතය හරහා වර්තමානයේ මෙරට ප්‍රේක්ෂකයන් අතර ජනප්‍රියත්වයට පත් ඇය ඒ පිළිබඳ අදහස් දැක්වුවේ මෙලෙසයි ” ඇත්තටම මං ගොඩාක් ආසයි මේ චරිතයට. මාව මඟතොටේදි වෙනත් ඕනෑම තැනකදි වුණත් එයින් දකින අය මං මාස්ක් එක දාගෙන හිටියත් අඳුර ගන්නවා මහීමා කියලා. පෞද්ගලික ජිවතයේ කස්තුරිත් මහීමත් බොහෝ සෙයින් සමානයි” කියලයි

ඒ වගේම තමන්ට දුෂ්ට චරිතයකටද රගපාන්න අවස්ථාවක් ලැබුණු බව පවසන ඇය ඇගේ අනාගත සහකරුවා ගැනද අදහස් දක්වලා තිබුණා. ඒ මෙලෙසින් ” වෙනත් ක්ෂේත්‍රයක අයෙකු වුණත් මගේ හිතට වැදුණොත් මට හරියයි, හොදයි, මට ගැළපෙනවා නම් කිසිම ප්‍රශ්නයක් නෑ. ” යනුවෙනුයි. කොහොම නමුත් මේවෙද්දී කලා ක්ෂේත්‍රය තුළ සුවිශේෂ වු ජනප්‍රියත්වයක් හැමෝම හිමිකරගෙන ඉන්න ඇයට ඇගේ ජීවිතයේ ඉදිරි බලාපොරොත්තු සියල්ල සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා කියල අපි සුබ පතනවා

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්