Sep
13

මධ්‍යම අධිවේගී මාර්ගයේ දෙවන අදියර නොවැම්බර් 15 ජනතා අයිතියට

 
575 Views
   
 

රටක් දියුණුවට පත් වෙන්නනම් ඒ රටේ මාර්ග පද්ධතිය දියුණු කරන්න ඔනේ කියන අදහස අපිට බැහැර කරන්න බෑ. ඒක අපේ රටටත් පොදුයි. කාලය රන් හා සමානයි කියන කියමනකුත් අපි අහල තියෙනව. ‍යුද්දෙන් පස්සෙ අපේ මාර්ග පද්ධතිය ශීඝ්‍ර ලෙස දියුණු වුණා කියන එක පක්ෂ පාට බේද නැතුව් අපි පිලි ගන්නම ඕනෙ, කොලඹ ඉදල මාතරට පැය 6 විතර ගිය අපි දැන් පැය 2 විතර ඒ ගමන ඉවර කරනව. කටුනායකට පැයකටත් වඩා කාලයකින් ගිය අපිම ඒ ගමන දැන් විනාඩි 25 විතර ඉවර කරනව. අපේ ලස්සණම වගේම ඉතාමත් වැදගත් මාර්ගයක් වන මධ්‍යම අධිවේගී මාර්ගයේ දෙවන අදියර වන මීරිගම සිට පොතුහැර දක්වා කොටස නොවැම්බර් මස 15 වනදා වන විට ජනතා අයිතියට පත්කරනව කියන ආරංචිය මාධ්‍ය තුල පලවෙලා තියෙනව. ඇත්තටම සතුටට කාරණයක්.

මධ්‍යම අධිවේගී මාර්ගයේ මීරිගම සිට පොතුහැර දක්වා දෙවන අදියරේ රුක්රෝපණය කිරීමේ වැඩසටහනට එක්වෙමින් ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇමති තමා මේ බව සදහන් කලේ. පොතුහැර සිට රඹුක්කන හරහා ගලගෙදර දක්වා දිවෙන දැනටම ආරම්භ කරල තියෙන මධ්‍යම අධිවේගී මාර්ගයේ තෙවන කොටසේ ඉදිකිරීමේ සමස්ත දුර කි.මි. 31.7ක්. පොතුහැර, පොල්ගහවෙල, රඹුක්කන, ගලගෙදර යන අන්තර් හුවමාරු 4කින් මෙම අධිවේගී මාර්ග කොටස සමන්විතයි. තව ටික දවසකින් කොලඹ ඉදල නුවරට ඉක්මණින්ම අපිට යන්න පුළුවන් වෙයි. කොලඹ ඉදල නුවර පාරෙ කඩවත පහු කරන්නම පැය එකහමාරක් ගත කරපු අපි හැමෝටම මේ ප්‍රවුර්තිය කණට මී පැණි වක්කරනව වගේ එකක් වෙයි කියල අපිට විශ්වාසයි. (උපුල් දේවප්‍රිය)

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්