Jul
26

රිෂාඩ් ගැලවෙයි ද?

 
643 Views
   
 

බාලවයස්කාර දැරියන් ලිං ගික වශයෙන් අප යෝජනයෙහි යොදා ගැනීමට අදාළ සිද්ධි ගණනාවක් මේ වන විට සමාජයෙහි කතාබහට ලක් වෙයි. ඒ පිළිබඳ පරීක්ෂණ සිදු වන අතර, එම පරීක්ෂණ කෙරෙහි ද දැඩි මහජන අවධානයක් පවතී. රිෂාඩ්ගේ නිවෙසේ සිද්ධිය දේශපාලනයට ද ගෑවී ඇති බැවින් ඒ කෙරෙහි වැඩි ආකර්ෂණයක් පවතී. සිද්ධිය පිළිබඳ පොලිස් විමර්ශන අංශ ගණනාවකින් සිදු වෙයි. රිෂාඩ්ගේ බිරිය, මව්පියන් හා එම නිවෙසේ සිටින තවත් පිරිමි මෙහෙකරුවකුද ප්‍රශ්න කිරීමට ලක් කරන බව පොලිසිය කියයි. ප්‍රශ්න කිරීම් වලින් පසු බිරිඳ, රිෂාඩ් ගේ සොහොයුරා ඇතුළු කීපදෙනෙකු අත් අඩංගුවට ගෙන ඇත. දැරියගේ මව්පියන් පදිංචිව සිටින ඩයගම ප්‍රදේශයට විශේෂ පොලිස් කණ්ඩායමක් යවා ඇති බවද සඳහන්ය.

මේ සියලු දෙනාගෙන්ම ප්‍රශ්න කිරීම ඉතා වැදගත්ය. දැරිය ගිනි තබා ගත්තාද? නැතහොත් කිසිවකු ඇයට ගිනි තැබුවේද? ම’රණයට ආසන්න හේතුව කුමක්ද? එය ලිං ගික අප හරණයද? යන ප්‍රශ්නවලට පිළිතුරු සපයා ගැනීම ඉතා වැදගත්ය.

දේශපාලකයන් බලය හා ධනය උපයෝගී කරගෙන විවිධාකාර අප රාධ සිදු කරන බවද, එලෙසම ධනය හා බලය උපයෝගී කරගෙන නීතියෙන් ගැලවී යන බවද අපේ රටේ මහජනතාව නිරන්තරයෙන් නඟන චෝදනාවක් තිබේ. එක රටක් එක නීතියක් නම්, එසේ සිදු වන්නට හේතුවක් නැත.

අපගේ මතකයට අනුව රිෂාඩ් මන්ත්‍රීවරයා එක රටක් එක නීතියක් යන ප්‍රතිපත්තියට විරුද්ධය. එක් වරක් ඔහු මහා උජාරුවෙන් කියා සිටියේ ජනාධිපති හදන නීතිවලට අපි යටත් නෑ යන්නය. රිෂාඩ් කිසියම් අන්ත වාදී මතයක රැඳී සිටින බව පැහැදිලිය. ඔහුට දේශපාලන බලය, ධනය, අන්තර්ජාතික සබඳතා ආදිය තිබෙන්නට පුළුවන. එහෙත් ඔහු ශ්‍රී ලංකාවේ පුරවැසියකු නම්, අපේ නීතියට ගරු කළ යුතුය. එය පිළිගත යුතුය. රිෂාඩ්ට වෙනම නීතියක් තිබෙන්නට පුළුවන්කමක් නැත. මෙහෙකාර දැරියගේ ම’රණයට ‘මං දන්නේ නෑ’ යැයි උත්තරයක් දී බේරෙන්නට මන්ත්‍රීවරයාට ඉඩක් නැත.

මෙබඳු සිදුවීම් සමඟ සාකච්ඡාවට ගත යුතු තවත් කරුණු දෙකක් තිබේ. ඉන් පළමුවැන්න රටේ පවතින දුප්පත්කමය. දෙවැන්න නම්, බාලවයස්කාරයන් ලිං ගික අප යෝජනයෙහි යොදා ගැනීමය. මෙහෙකාර දැරියගේ මව ප්‍රකාශ කරන අන්දමට තම දුව මෙහෙකාර සේවය සඳහා යවා ඇත්තේ ගෙන ඇති ණය බේරීම සඳහාය. ඔවුන් ණය ගෙන ඇත්තේ ජීවත්වීම සඳහාය. ණය හිමියන් කරදර කරන විට දරුවන් විකුණා හෝ ණයෙන් නිදහස් වීමට වැඩිහිටියෝ උත්සුක වෙති. එය දුප්පත්කමේ ස්වභාවය වෙයි. මෙහෙකාර සේවය සඳහා යොදවා ගනු ලබන ගැහැනු දරුවන් පමණක් නොව පිරිමි දරුවන්ද ලිං ගික කටයුතු සඳහා යොදා ගනු ලැබේ. එය ජාවාරමක් ලෙස කරගෙන යන අයද සිටිති. මේ ජාවා රම්කරුවන්ද නීතිය හමුවට රැගෙනවිත් උපරිම දඬුවම් දිය යුතුව තිබේ. මෙය සෙල්ලමක් නොවන බව සමාජය දැන ගත යුතුය.
මෙහෙකාර දැරියගේ සිද්ධියට අදාළව ස්ථාන කිහිපයකදීම මහජන විරෝධතා පැවැත්වෙන ආකාරය දැකගන්නට ලැබිණි. එහෙත් සමාජය මෙබඳු සිදුවීම් ඉක්මනින්ම අමතක කරයි. එය අපරාධ සඳහා හොඳ පසුබිමක් ඇති කරන තත්ත්වයකි. වැඩිහිටියන් තම දරුවන් ගැන පමණක් නොව, රටේම සමස්ත දරුවන් ගැන සොයා බලන තත්ත්වයකට සමාජය ගෙන යා යුතුය.

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්