Aug
10

නෝනාවරුනි, මහත්වරුනි, සහෝදර සහෝදරියනි

 
821 Views
   
 

මේ බි ය ක රු අවස්ථාවේ ඔබ හිතන්නේ ඔබේ පඩිපත ගැනද? ඔබට පඩිපත ලබා දෙන්නට බදු බරට කරදෙන රටේ ජනතාවගේ ජීවිත ගැනද? නතර වී මොහොතක් සිතන්න. ඔබට බොහොම පින්. නොයෙක් පිරිස් විසින් ස්වකීය වෘත්තීය අරමුණු දිනා ගැනීම වෙනුවෙන් යැයි පවසමින් රටම ගොදුරු කරගත් වසංගතයක් ඇති මෙවන් තීරණාත්මක සහ බි ය ක රු අවස්ථාවක අරගල, පිකටින්, පා ගමන්, වැඩ වර්ජන ආදිය නො න ව ත් වා ම සිදු කිරීම නිසා, නො දැ නු ව ත් ව ම මෙන් ඔබ අප සැම මේ ඇදී යන්නේ මහ භ යං ක ර තත්ත්වයක් කරා බව අපට පෙනේ. වෘත්තීය අයිතිවාසිකම් දිනා ගැනීම වෙනුවෙන් සටන් කිරීම හා සිය වෘත්තීය අයිතිවාසිකම් දිනා ගැනීම ප්‍රජාතන්ත්‍රවාදී සමාජයීය ලක්ෂණයක් වුවත්, අප රට වෙලා ගෙන, පෙලා ගෙන වසංගතයක් පැතිර යන මෙවන් බි ය ක රු අවස්ථාවක, ඒ හේතුව නිසාම අනේක විධ ආර්ථික අ ප හ සු තා ව න් ගෙන් රට පී ඩා විඳින මෙවන් අවස්ථාවක ඕනෑම වෘත්තියකට අයත් කවරෙකු විසින් හෝ අරගල, පිකටින්, පා ගමන්, වැඩ වර්ජන ආදිය නොනවත්වාම සිදු කිරීම නම් මහත් වූ ජාතික අ ප රා ධ ය ක් බව මට සිතේ.

මේ රටේ අති දුෂ්කර ආර්ථික ගැටළු ඇත්තේ ගුරුවරුනට පමණක් නො වේ. විදුහල්පතිවරුනට පමණක්ද නො වේ. වෛද්‍යවරුන්ට, හෙද හෙදියන්ට සහ සෞඛ්‍ය සේවක සේවිකාවන්ට පමණක්ද නො වේ. ඔබ සැමට ඔබගේ වෘත්තීන් තුළ දිනාගත යුතු, නො වි ස ඳු ණු ප්‍රශ්ණ සහ ගැටළු එමට තිබෙන්නට පුළුවන්. ඒ කෙසේ වෙතත්, තවමත් අදටත් මා සිතනා හැටියට ඔබට මෙන්ම රාජ්‍ය සේවයේ අනෙකුත් සෑම දෙනාටමත්, රටේ ප්‍රශ්ණ මහමෙරක් උසට වැඩිවී තිබෙන මෙවන් වසංගත සමයක ඔබගේ වැටුප කිසිදු කප්පාදුවකට භාජනය නොකර රජය විසින් ලබා දෙන්නේ, මේ රටේ සමස්ත ජනතාවගේ බදු මුදලින් බව ඔබට මඳකට වත් නොවැටහෙන්නේ ජාතික කරුමයක්ම නිසා බවයි.

කොරෝනා නිසා රාජ්‍ය සේවකයන්ට වඩා අතිශයින් අගතියට පත්ව ඇත්තේ එදා වේල සරි කරගන්නට නො හැ කි ව, කුලී වැඩක් කරමින් කුසගිනි නිවා ගැනීමට හතර අත දිව යමින් සිටින මේ රටේ නැති බැරි ජනතාවයි. පෞද්ගලික අංශයේ සේවය කරන සේවකයන්ට, ආයතන හිමියන් විසින් එම ආයතන වසංගතයට මුහුණ දෙමින් පවත්වාගෙන යාමට ගනු ලබන අ ප්‍ර ති හ ත උත්සාහය නිසා ලබා දෙන්නේ ඔවුන් එදා උපයාගත් වැටුපෙන් අඩක් හෝ ඊටත් වඩා අඩුවෙන් හෝ බව මෙසේ වැඩ වර්ජන කරන, පිකටින් කරන රාජ්‍ය සේවකයෝ නො ද න් නේ ද? මුළු රටක්ම, සෑම රටවැසියෙක්ම වසංගතයට මුහුණ දීම පිණිස අ ප්‍ර මා ණ කැප කිරීම් සිදු කරන මෙවන් කාලයක, රාජ්‍ය සේවකයන් පමණක් හිත් පිත් නැති කුරිරු නො මි නි සු න් හැසිරෙන්නේ ඇයි?

ජනතා බදු මුදලින් අකුරු කරගෙන, රාජ්‍ය සේවයට බැඳී ජනතා බදු මුලින්ම වැටුප් ලබන ගෞරවණිය රාජ්‍ය සේවකයන් වන ඔබගේ එම ගෞරවාන්විත බව අශීලාචාර ලෙස ඔබෙන් අතුරුදන්ව ගියේ කෙසේද? කොරෝනා තුන් වැනි රැල්ල යන්තමින් මැඩ පවත්වා ගැනීමට සෞඛ්‍ය අංශ සහ ආරක්ෂක අංශ විසින් අප්‍රතිහත කැපවීමකින් යුතුව ජන සහයෝගය ලබමින් කටයුතු කළ අවස්ථාවක, රටටත්, රටේ අනෙක් වුන්ටත් හෙන ගැසුවද තම බඩ වියත ගැන පමණක් සිතන පහත් තත්ත්වයකට මේ රටේ පුජනීය වෘත්තීන්හි යෙදී සිටින ඔබ පත්වූයේ කවර නම් පාප කර්මයක් නිසාද?

ඔබට ඔබගේ වෘත්තීය අයිතිවාසිකම් දිනා ගැනීමට ඇති උත්තරීතර අයිතිය පිළිබඳව මේ රටේ කිසිවෙකු හෝ ප්‍රශ්ණ නො ක ර යි. එසේම ඔබ කිසිවෙකුට හෝ මේ රටේ සකල මහජනතාවගේ ජීවත්වීමේ අයිතිය වෘත්තීය සමිතිවල තුච්ජ ක්‍රියාකාරකම් නිසා අ හි මි කරවීමටද කිසිදු අයිතියක් නො මැ ති බවද හොඳින් වටහා ගත යුතුමය. විවිධ පාපතරයන්ගේ උගුල් වලට හසුවී, ඔබ ගෙන යන වෘත්තීය ක්‍රියාමාර්ග යැයි හඳුන්වන අ ශි ලා චා ර ක්‍රියා මාර්ග නිසා මේ රටේ සකල ජනතාවගේම හිත සුව පිණිස රජය විසින් සෞඛ්‍ය සහ ආරක්ෂක අංශයන්හි සහයෝගයෙන් පවත්වා ගෙන යන වසංගත මර්ධන වැඩ පිළිවෙලට දරා ගත නො හැ කි හානියක් සිදුවුව හොත් ඔබ කිසිවෙකුට හෝ මහජන සාපයෙන් ගැලවීමට කිසිදු ඉඩ ප්‍රස්තාවක් නම් කෙසේ වත් නො ලැ බේ වි.

දේශපාලනඥයන් ඔබව කාලකන්ණින් ලෙස හැඳින්වීමේ යුක්ති අයුක්තිභාවය කෙසේ වුවත්, මේ රටේ මහජනතාව ඔබව කාලකන්ණින් ලෙස හඳුන්වන තැනට, ඔබ මේ රටේ ජනතාව පත් නො ක ර ණු ඇතැයි මම තරයේ විශ්වාස කරමි. අවාසනාවකට හෝ මේ රටේ ජනතාව ඔබව කාලකන්ණින් ලෙස හඳුන්වන දවසක් උදා වුව හොත් එදාට නම් ඔබට සොරි ඩොට් කොම්ය.
කමල් ගමගේ

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්