Dec
9

“හොටෙල් එකේ දවස් දෙකක්.. දෙන්නත් එක්ක චෙන්නායි යන්න ටිකටුත් ගත්තා..”

 
1418 Views
   
 

බරපතළ මූල්ය වංචාකරුවෙකු ලෙස සැළකෙන සුකේෂ් චන්ද්රසේකර්ගෙන් හෙළි වූ ආන්දෝලනාත්මක තොරතුරු කිහිපයක් හේතුවෙන් මේ වන විටත් බොලිවුඩය එකම ගිනි ඡාලයක් බවට පත්ව තිබෙනවා.

සුරූපී නිළි (ඔව්! ඈ ලාංකීය සම්භවයක් සහිත කෙනෙක්.) ජැකලින්ගේ නමද මීට ගෑවී තිබුණා. පසුව මූල්ය අපරාධ ඒකකය ජැකලින්ගෙන් මේ සම්බන්ධයෙන් ප්රශ්න කළ අතර, ඊයේ දිනයේත් ඇය ප්රශ්න වලට “උත්තර දෙන්න” පැමිණ සිටියා. ඒ අනුව පැය හතකට අධික කාලයක් ඇයගෙන් ප්රශ්න කළ බවටයි තොරතුරු වාර්තා වන්නේ.

ආරංචි මාර්ග සඳහන් කරන ආකාරයට ජැකලින් සහ සුකේෂ් අතර සිදුවූ අන්තර් සම්බන්ධතාවය ගැන තවත් “පිටස්තර” කෙනෙකුගෙනුත් මේ වන විට ප්රශ්න කිරීමට සුදානම් වනවාලූ. ඊයේ දිනයේ ජැකලින් විසින් නිලධාරින් ඉල්ලා සිටි ලිපි ලේඛන කිහිපයක්ද ඉදිරිපත් කර තිබෙනවා.

ජැකලින් සහ මෙම සිදුවීම සම්බන්ධයෙන් දැඩි කතාබහක් ඇති වූයේ ඇය හදිසියේම විදෙස් ගත වීමට උත්සාහ කිරීමත් සමඟ යි. තුන්වතාවක් අපරාධකරුවාගෙන් කරන ලද ප්රශ්න කිරීමවලින් පසු, අපරාධකරු, ජැකලින් සහ තමන් අතර සම්බන්ධය හෙළි කර තිබෙනවා. ආරංචි මාර්ග සඳහන් කරන ආකාරයට සුකේෂ් සිරගතව සිටියදී පවා රුපියල් කෝටි 10කට අධික ත්යාග එවා ඇති බව සඳහන්.

මුම්බායි සිට චෙන්නායි දක්වා යාම සඳහා ඇප මත සිටින අතරතුරත් සුකේෂ් ආසන වෙන් කරවාගෙන ඇති බව ඉන්දියා ටුඩේ වාර්තා කර තිබෙනවා. සුකේෂ් (ඇප මත සිටියදී) ජැකලින් සමඟ චෙන්නායි හි හෝටලයක දින දෙකක් ගත කර ඇති බව ද තොරතුරුවලට ඇතුළත්.

මේ අතර සුකේෂ් විසින් ව්යාපාරියකුගේ බිරිඳගෙන් කප්පම් ගත් විශාල මුදලක් ද ජැකලින්ට ලබා දී ඇති බවට තොරතුරු වාර්තා වනවා. එසේ කප්පම් වශයෙන් ඔහු ලබාගෙන ඇති මුදල් රුපියල් කෝටි 200කට අධික බවයි ඉන්දිය මාධ්ය වාර්තා කළේ. වසරක් ඇතුළත මෙසේ මෙම වංචාව සුකේෂ් විසින් කර ඇති බවයි වාර්තා වුණේ.

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්