Jul
26

ස’ත්‍යය කටුකය තිත්ත රසය එහෙත් අපි ස’ත්‍යයට මුහුණදිය යුතුය

 
708 Views
   
 

දියුණු ශිෂ්ටා චාරයකට උරුමකම් කියන රටක් වශයෙන් අපට ඇත්තේ අ’භිමානවත් ඉතිහාසයකි. පරපුරෙන් පරපුරට උරුම වූ ඒ ශක්තිමත් ප්‍රෞ’ඪ ඉතිහාසය ගොඩනැඟුවේ අපේ රට පාලනය කළ දක්ෂ පාලකයන්ගේ නි’වැරැදි නායකත්වයෙනි.

පෘතුගීසි, ලන්දේසි ආ ක්‍ර ම’ණවලින් පසුව ඉංග්‍රීසි පාලන සමයේදී ඩො’නමෝර් කොමිසම මඟින් ලබා දුන් සර්වජන ඡන්ද බලය හරහා අලුත් දේශපාලන කියවීමකට හුරු සමාජයක් අපේ රටේ බිහි විය. 1948 පෙබරවාරි 4 වැනි දින ලැබුණු නිදහසත් සමඟ අපේ රටේ පාර්ලිමේන්තු ප්‍රජා තන්ත්‍රවාදය ස්ථාපිත විය. 1956 ඇති වූ සංස්කෘතික වි’ප්ලවය මඟින් අපේ රටේ ජනසතු ව්‍යාපාර ආරම්භ වීම ද දේශීය චින්තනයට නව පණක් දෙන්නක් බවට පත් විය.

පොදුජන යුගයක අරුණලු සමඟ විධිමත් ගමනකට අවැසි මංපෙත විවර වූ බව ද සිහිපත් කළ යුතුව ඇත. මේ චින්තන වි’ප්ලවයේ පෙරගමන්කරුවන් අතර එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක, පිලිප් ගුණවර්ධන, ඩී. ඒ රාජපක්ෂ වැනි දේශ හි’තෛෂි ජාතික නායකයන් සිටි බව ද නො’රහසකි. එසේම ආචාර්ය එන්. එම්. පෙරේරා, කොල්වින් ආර්. ද සිල්වා, එස්. ඒ. වික්‍රමසිංහ ආදී කොටගත් වාමාංශික නායකයන්ගෙන් ද ඉටු වූ මෙහෙවර සුළුපටු නො’වන්නේය. 1970 සමඟි පෙරමුණු ආණ්ඩුව යටතේ දේශීය චින්තනය රැගත් පස් අවුරුදු සැලැස්මක් ගොඩනැඟීමට සමඟි පෙරමුණු රජයේ අග්‍රාමාත්‍යවරිය වූ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය ක්‍රියා කළාය.

ඒ සඳහා අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ද වමේ නායකයන්ගේ මඟපෙන්වීම යටතේ 1972 මැයි මස 22 වැනිදා සම්මත කර ගැනීමට පුළුවන් විය. රාජ්‍ය තාන්ත්‍රික සබඳතා අතින් ද සිරිමාවෝ මැතිනිය ඉතා මධ්‍යස්ථ ප්‍රතිපත්තියක් අනුගමනය කරමින් දේශීය ආර්ථිකය ශක්තිමත් කිරීමට විශාල වැඩ කොටසක් ඉටු කිරීමට පසුබට නො’වූවාය. අපේ රටේම ආහාර නිෂ්පාදනය කොට ඒවා භුක්ති විඳීමේ ක්‍රියාදාමයක් අනුගමනය කළේය. එහිදී සමස්තයක් වශයෙන් ජනතාවට විවිධ කැපකිරීම් කිරීමට සිදු වූයේ රටක් ලෙස නැඟී සිටීමය.

එහෙත් විපක්ෂය එහිදී අනුගමනය කළේ ඉතාම අ’දූරදර්ශී ක්‍රියා පිළිවෙතකි. කල දුටු කල වළ ඉහගෙන කෑමේ න්‍යාය හෙවත් බොරදියේ මාළු බෑම තුළින් ජනතාව නො’මඟ යැවීමෙන් රටට වඩා බඩ ගැන සිතන දේශපාලන වේදිකාවක් විපක්ෂය ගොඩනැඟූහ. එහි ප්‍රතිඵලය වූයේ දේශීය ආර්ථිකය සුනුවිසුනු වී 1977 දී බලයට පත් වූ එක්සත් ජාතික පක්ෂය බල්ලන් ම’රා හෝ සල්ලි හොයන ආර්ථිකයක් ගොඩනැඟීමයි. එහි ඇති දුක්මුසුම පුවත වූයේ 1970 සිට 1977 වසර 2ක් වැඩිපුර රට පාලනය කළ බව පවසා හිටපු අගමැතිනිය වූ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ ප්‍රජා අයිතිය අ’හෝසි කිරීමට එක්සත් ජාතික පක්ෂය ගත් ඉතාම තිරස්චීන හා දේශපාලන කුහ කත්වයෙන් පිරි අම නෝ ඥ තීරණයයි.

 

1970 බලයට පත්වී වසරක් යෑමට මත්තෙන් ජනතා විමුක්ති පෙරමුණේ 1971 අප්‍රේල් කැ’රැල්ලෙන් පවා රටේ ආර්ථිකයට වැදුනේ දරුණු ප්‍ර’හාරයකි. එසේම 1972 නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් නිර්මාණය කිරීම ආදී ඉතාම බැරෑරුම් නෛතික උවමනාවන් හමුවේ වැයවී ගිය කාලය මෙන්ම 1975 නො’බැඳි සමුළුව වැනි ජාත්‍යන්තර සමුළුවක් ශ්‍රී ලංකාවේ පැවැත්වීම ආදී සුවිශේෂී වූ දේශපාලන තීන්දු තීරණ හමුවේ රජයක් වශයෙන් ගත් නිවැරැදි ක්‍රියාව වසර 2ක් වැඩිපුර රට පාලනය කළ බව පවසා හිටපු නායිකාවගේ ප්‍රජා අයිතිය අ’හෝසි කළ අවස්ථාවේදී රටේ ජනතාව දැක්වූ වි‍රෝධතාව පවා පයට පෑගෙන දූවිලි බිඳක් තරම්වත් එජාප ආණ්ඩුවට ගණන් නො’ගෙන ක්‍රියා කළේය. එදා 1977 මහ මැතිවරණයෙන් සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය ජය ගත්තේ නම් අපේ රට අද ඉන්දියාව සමඟ කරට කර සිටීමට හැකි සංවර්ධන ඉලක්ක සපුරාගත් රටකි. එහෙත් රටට වඩා බඩ ගැන සිතමින් හාල් පොලු, මිරිස් පොලු ගැන එජාප දේශපාලන වේදිකාවල කෑගසා ජනතාව නොමඟ යවා භාරගත් රට කබලෙන් ළිපට වැටුණේ එක්සත් ජාතික පක්ෂයේ අදූරදර්ශී ක්‍රියා පිළිවෙත් නිසාය.

වර්තමාන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිඳුන් අපේ රට භාරගත්තේ මෝටර් සයිකලයේ යන තරුණ ජෝඩුවලට පුංචි කාර් එකක යෑමේ තරුණ පිරිස් රවටන දේශපාලන පොරොන්දු මතින් නො’වේ. කුරුණෑගල ෆොක්ස්වැගන් මෝටර් රථ කර්මාන්ත ශාලාවක් ආරම්භකොට තරුණ තරුණියන්ට රැකියා දෙන බව පවසා නො’වේය. මුළු සමස්ත ජනතාවම සුඛිත මුදිත කරන ‘සෞභාග්‍යයේ දැක්ම’ නම් මෙරටේ යථාර්ථයක් කළ හැකි සක්‍රිය වැඩපිළිවෙළක් සමඟ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා ජනතාව ඉදිරියේ සිට ගත්තේ කශේරුකාවක් සහිත ජනතා නායකයකු වශයෙනි. එය සැබෑවක් කිරීම එතුමාගේ ඒකායන අරමුණයි. ඒ වෙනුවෙන් එතුමා තවත් වසර 5ක මේ රටේ පාලන බලයේ සිටිය යුතු බව මේ මස 18 වැනි දින මාධ්‍ය ප්‍රධානීන් හමුවේ පැවසුවේ ශක්තිමත් නායකයකු වශයෙනි.

සිංගප්පූරුවක් ගොඩනැඟූ ලී ක්වාන් යූ 1959 සිට 1990 දක්වා පුරා වසර 31ක් සිංගප්පූරුව පාලනය කළේය. සිංගප්පූරුව වෙනස් කළ නායකයා ලී ක්වාන් යූ බව ලෝකයම දනිති. රුසියාව ශක්තිමත් රටක් බවට පත් කළේ අද දක්වා එරට පාලනය කරන ව්ලැදිමීර් පුටින් බව නො’රහසකි. සෑම ඡන්දයකදීම ඔහු ජය ගන්නේ රටට අවැසි නායකයකු ‍නිසාය.

එදා අපේ රට පාලනය කළ පෙර රජදරුවෝ පවා කලක් රට පාලනය කිරීමෙන් ආර්ථික හා දේශපාලනික වශයෙන් ශක්තිමත් කළහ. විශේෂයෙන් වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිඳුන් කෘෂි රසායනික මා’රයාගෙන් අපේ රටේ සියලු පුරවැසියන් මෙන්ම ඇළේ දොළේ ජීවත්වෙන මත්ස්‍යයන්ට පවා ලබා දුන්නේ අභය දානයකි. රසායනික පොහොර කෘමිනාශක වර්ග තහනම අපේ රටේ සිදු කළ දැවැන්ත පෙරළියකි. එහි ප්‍රතිඵල ලැබීමට ද කිසියම් කාලයක් අවශ්‍යය. නිරෝගීමත් ජාතියක් වශයෙන් නැඟී සිටීමට නම් සෞභාග්‍යයේ දැක්ම යථාර්ථයක් කිරීමට නම් ‘ගම සමඟ පිළිසඳර’ ශක්තිමත් කිරීමට නම් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා තවත් කාලයක් අපේ රට පාලනය කළ යුතු බව පැහැදිලි සත්‍යයකි. අප තීරණ ගත යුත්තේ ළඟ නො’ව දුර බලා බව අපේ ඉතිහාසයෙන් අපි ඉගෙන ගත්තෙමු. සත්‍යය කටුකය. තිත්ත රසය. එහෙත් අපි සත්‍යයට මුහුණදිය යුතුය. එයයි පරම සත්‍යය. අභියෝග මතින් අපි නැඟී සිටිමු.

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්