Feb
24

” බෞද්ධයෙක් විදිහට අපේ ජීවිතවල සිද්ධවෙන්නේ හැමදේම පින පව අනුව කියලා මම විශ්වාස කරනවා ” ජනප්‍රිය කඩවසම් නළු රනිල් කුලසිංහ

 
805 Views
   
 

මෙරට කලාව තුළ රංගන ශිල්පියෙකු ලෙස වගේම අධ්‍යක්ෂකවරයෙකු ලෙස කටයුතු කරන දක්ෂ කඩවසම් තරුණයෙකු තමයි රනිල් කුලසිංහ කියල කියන්නේ. ඇත්තෙන්ම අධ්‍යක්ෂකවරයෙකු ලෙස විශිෂ්ට ටෙලි නිර්මාණයන් කිහිපයක් ම දායාද කළ දක්ෂ රංගන ශිල්පියෙකු ලෙස අපට ඔහුව හදුන්වන්න පුලුවන්. කෙසේවෙතත් ඔහු විසින් අධ්‍යක්ෂණය කළ පානාමංකඩ සහ වලවෙට්ටුවා කියන ටෙලි නිර්මාණයන්ට වර්තමානයේ විශාල ප්‍රේක්ෂක ආකර්ෂණයක් හිමිව තිබෙනවා. ඒ බව නොරහසක්

කොහොමහරි ඉතින් මේ දක්ෂ රංගන ශිල්පියාගේ අපි දකින එක් විශේෂත්වයක් තමයි ඔහු විසින් අධ්‍යක්ෂණය කරන කිසිම ටෙලි නාට්‍යයක ඔහු සිය රංගන දායකත්වය ලබා නොදීම. ඊට හේතුව හැටියට ඔහු කියන්නේ අධ්‍යක්ෂණය කියන්නේ ලොකු කාර්යයක් නිසාත් ඒ දේ රංගනයත් එක පටලගන්න මම අකමැතියි කියලයි. මේ අතර ඔහුගෙන් මේ දවස් වල ඔබ සතුටින් ද කාලය ගත කරන්නේ කියලා අහපු අවස්ථාවේ ඔහු අදහස් දක්වමින් කියා සිටියේ

“සතුටින් ඉන්නවා කියන එකට වඩා මේක මගේ ජීවිතේ දේවල් හොයාගෙන යන කාලයක් වෙලා තියෙනවා. සතුට කියන දේ මේ මොහොතේ මා ළඟ නැහැ ඒකට එක හේතුවක් තියෙනවා. මගේ අම්මා මීට ටික කාලෙකට කලින් මාව දාලා මේ ලෝකෙන් සමු ගන්නවා. පවුලේ බාලයා විදිහට මට අම්මත් එක්ක සමීප බැඳීමක් තිබුණා. ඉතින් මගේ පියාත් මියගිහින් කෙනෙකුට මව සහ පියා අහිමි උනහම සතුටින් ඉන්න පුළුවන් වෙන්නේ නැහැනේ.” යනුවෙනුයි

කොහොම නමුත් රනිල්ගේ විවාහ ජීවිතය ගැන කතා කරනවානම් ඔහු විවාහවෙන්නේ මෙරට දක්ෂ නර්තන ශිල්පිනියක් සහ රංගන ශිල්පිනියක් වන මේනකා පීරිස් සමගිනුයි. නමුත් එලෙස ඇයත් සමගින් විවාහවෙන ඔහුට මෑතකදී විවාහ ජීවිතයේ අවාසනාවන්ත සිදුවීමකට මුහුණ දීමට සිදුව තිබුණා. ඒ මේ විවාහයෙන් මේ දෙදෙනාම වෙන් වෙන්න තීරණය කිරීමයි. ඉතින් මේ විදිහට දෙදරා ගිය සිය විවාහ ජීවිතය ගැන ඔහු පහුගිය දවසක පුවත්පතකට අදහස් දක්වමින් කියල තිබුනේ මෙහෙම කතාවකුයි

“මේ වෙද්දි මම විවාහයෙන් අයින් වෙලා ඉන්නේ. ජීවිතයේ මේ විදිහට විවාහයකින් වෙන්වුණු පළවෙනි කෙනා මම නෙමෙයි . බෞද්ධයෙක් විදිහට අපේ ජීවිතවල සිද්ධවෙන්නේ හැමදේම පින පව අනුව කියලා මම විශ්වාස කරනවා. ඕනිම කෙනෙක්ට තමන්ගේ ජීවිතේ ගැන තීරණයක් ගන්න නිදහස තියෙනවා. කවුරු මොන කටකතා හැදුවත් ජීවිතයේ මට තිබුණු ලොකුම දේ මගේ අම්මා. අම්මා නැති වුණු තැන ඉඳන් හිතද්දී මට ජීවිතේ වෙන ඕනම දෙයක් නැති වීම දරාගන්න පුළුවන්.” කියලයි

කෙසේවෙතත් සිය මවගේ වියෝව නිසාවෙන් තවමත් සිත් තැවුලෙන් පසුවෙන ඔහුට ඉතාමත් ඉක්මනින් නැවතත් සුපුරුදු පරිදී සිය කලා කටයුතු ආරම්භ කිරීමට ශක්තිය ධෛර්යය ලැබේවා කියල අපිත් ඔහුට හදවතින්ම සුභපැතුම් එකතු කරනවා

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්