Nov
3

මාස හතරක ෆේස්බුක් පෙම හාදුවක් නොදුන්නැයි තරුණයා ගෙල වැලලාගෙන

 
3034 Views
   
 

ෆේස්බුක් මගින් හදුනාගෙන මාස හතරක පමණ කාලයක් පෙම්වතුන් සේ දුරකථනයෙන් ඇසුරුකල දෙදෙනෙකුගෙන් පෙම්වතා දුරකථනයෙන් හාදුවක් ඉල්ලූ අවස්ථාවේ පෙම්වතියගෙන් ප්රතිචාරයක් නොවුයෙන් සිත්තැවුලට පත් වු පෙම්වතා නිවස තුළදී ගෙල වැළලාගෙන ජි වි ත ක් ෂ ය ට පත් වී ඇත.

වැලිවේරිය ප්රදේශයේ තරුණයෙකු මෙලෙස ජී වි ත ක් ෂ ය ට පත්ව ඇති අතර මියගොස් ඇත්තේ දරුවන් තිදෙනෙකුගෙන් යුත් පවුලක 17 හැවිරිදි වැඩිමහල් දරුවාය. වැලිවේරිය පොලිසිය පවසන අන්දමට මෙම තරුණයා පසුගිය සාමාන්ය පෙළ විභාගයට පෙනී සිටි ඇති අතර මාස 7ක පමණ කාලයක සිට ෆේස්බුක් මගින් දැන හඳුනාගත් කළුතර ප්රදේශයේ 16 හැවිරිදි පාසල් සිසුවියක් ඇසුරු කොට තිබේ.

තරුණයා මියයාමෙන් පසුව පරීක්ෂණ ඇරඹූ පොලීසිය තරුණියගේ දුරකථනය අංකය සොයා ගනිමින් ඇයගෙන් කල ප්රශ්න කිරිමේදි අනාවරණය වී ඇත්තේ කිසිදු දිනෙක දැක නැති මෙම තරුණයා මියගිය දින කතාබහ කරමින් සිටියදි හාදුවක් දෙන්නැයි පැවසු බවත් එම අවස්ථාවේ තරුණිය අත තිබු දුරකතනය බිම වැටුණු බවත්ය. පසුව ඇමතුමක් ලබා දීමට අදහස් කොට සිටියත් ඊට අවස්ථාවක් නොවු බවත් තරුණිය පවසා ඇත.

පොලිසිය සැකකරන අන්දමට හාදුවක් ඉල්ලීම නිසා තරුණිය උරණවි යැයි සිතා සිත්තැවුලට පත්ව තරුණයා මෙලෙස ගෙල වැළලාගෙන ඇත. කිසි දිනෙක දැක නැති තරුණියකට පෙම් කිරීමට ගොස් වටිනා තරුණ ජිවිතයයක් මෙලෙස අහිමි කර ගැනීම සම්බන්ධයෙන් වැලිවේරිය පොලිස් ස්ථානාධිපති ප්රධාන පොලිස් පරීක්ෂක වසන්ත පුෂ්පකුමාර මහතා පවසා සිටියේ පාසල් යන වයසේ නොදරුවන් ප්රේම සම්බන්ධතා නොපැවැත්විය යුතු බවයි.

ෆේස්බුක් මගින් මං මුලාවී නොදුටු මුහුණක් නිසා තරුණ ජීවිතයක් මෙලෙස අකාලයේ අවසන් වීම ඉතා ඛේදනීය තත්ත්වයක් බවයි ඔහු වැඩි දුරටත් පෙන්වා දුන්නේ.

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්