Mar
11

” සැමියා නොවුනත් අද මගේ හොඳම මිතුරා නිසා දුකක් නැහැ, ඒත් පොඩි බයක් දැනෙනවා” අතුලගේ උපන්දිනයට අමායා එක්කළ සුභපැතුම

 
1467 Views
   
 

අමායා අධිකාරි කියල කියන්නේ ලංකාවේ අපි හැමෝගේම ආදරය දිනාගෙන ඉන්න නිරූපණ ක්ෂේත්‍රය තුළ ජනප්‍රියත්වයට පත් නිරූපිකාවක්. කොහොම නමුත් නිරූපණ ක්ෂේත්‍රය සමගින් එක්වන අමායා අපට පසුකාලීනව විවිධ ගීත නිර්මාණ වල රූප රචනා වලට රංගනයෙන් දායකත්වය ලබා දෙනවා. ඇත්තෙන්ම අමායා කියල කියන්නේ මේවෙද්දී ලාංකීය කලා ක්ෂේත්‍රයට නැතුවම බැරි චරිතයක් බවට පත්ව තිබෙනවා

කොහොමහරි ඉතින් අමායා කියන මේ චරිතය මුලින්ම කරලියට එන්නේ ප්‍රවීණ ගායන ශිල්පී අතුල අධිකාරි ගායනා කළ ගීතයකින්. ඇය අතුල අධිකාරි මහතා ගායනා කරන එක්තරා මියුසික් වීඩියෝවක රූප රචනයකට ගිය අවස්ථාවකදී අතුල අධිකාරිව දැන හදුනා ගන්නා අතර ඔවුන්ගේ මේ දැන හැදින ගැනීම විවාහයක් දක්වා දුරදිග යනවා. කොහොම නමුත් අමායා අතුලව දැන හදුන ගන්නා කාලය වනවිට අතුල අධිකාරි සමිතා මුදුන්කොටුවගෙන් වෙන් වෙලා තනිකඩ ජීවිතයක් තමයි ගත කළේ

කෙසේවෙතත් ටික කාලයකින් මේ මිතුරුකම විවාහයක් බවට පරිවර්තනය වන අතර මේ විවාහයෙන් ඔවුන් දෙදෙනාට ආදරණීය දියණියක් ඉපදෙනවා. ඉතින් මේ විදිහට යුගදිවියක් ගතකරන ඔවුන් ටික කාලයකට පස්සේ ඔවුන්ගේ යුග ජීවිත වලින් වෙන් වුණා කියලයි බොහෝ දෙනෙක් සඳහන් කළා. ඒ විදිහට අතුලගෙන් වෙන්වෙන අමායා මේවෙද්දී ජීවත් වෙන්නේ මෙරට ඉන්න තවත් දක්ෂ ගායකයෙකු වන හර්ෂ ධනෝෂ් සමඟයි

ඉතින් මේ විවාහයෙනුත් අමායාට දරුවෙකු සිටින අතර ඔවුන් මේවෙද්දී ඉතාමත් සාර්ථක පවුල් ජීවිතයක් ගත කරනවා. ඒ කොහොම වෙතත් අමායා මේවෙද්දී ඇගේ කලින් සැමියා අතුලත් එක්කත් හොඳ යාළුවො වගේ කාලය ගතකරනවා. මේ අතර ඇයනම් කියන්නේ අතුල ජීවිතය මොන විදිහට ගත කළත් ඕන උදව්වක් කරනවා කියලයි

කෙසේවෙතත් පහුගිය දිනවල අමායා කෙරෙහි මෙරට ජනයා සුවිශේෂ අවධානයක් යොමුකර සිටියා. ඊට හේතුව වනුයේ පහුගිය දවසක අතුලගේ උපන්දිනයට අමායා එක්කළ හරි අපූරු සුභපැතුමක්. ඒ මෙලෙසයි

” කොල්ලා ඒ වචනෙ තාමත් ගැලපෙනවා මේ වගේ තරුණ හිත මෙච්චර හොඳ නිසා කියලා මම තරම් දන්න කෙනෙක් නැති තරම්. සැමියා නොවුනත් අද මගේ හොඳම මිතුරා නිසා දුකක් නැහැ. හිතට යාළුවා ෆිට් පොර හින්දා පොඩි බයක් දැනෙනවා අංක එක එක වැඩි වෙන හින්දා , පතනවා ආයුෂ මගෙනුත් ටිකක් දීලා ආදරණීය අතු සුභ උපන්දිනයක් වේවා”

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්