
පිරිත් දේශනය විකාශනය කිරීම සම්බන්ධයෙන් ඇති වූ කතාබහක් දුරදිග යෑමෙන් වැඩිහිටි හිමිනමකගේ කැති පහරකට ලක්ව තවත් හිමිනමක් දර්ගා නගරයේ රෝහලකට ඇතුළත් කර ඇති බව වැලිපැන්න පොලිසිය පවසයි.
වැලිපැන්න ප්රදේශයේ විහාරස්ථානයක දෛනිකව ශබ්ද විකාශන යන්ත්රය මගින් පිරිත් විකාශය කරන අතර, එය පෙරේදා විකාශනය නොකිරීම සම්බන්ධයෙන් වැඩ වසන ස්වාමීන් වහන්සේ දෙනමක් අතර ඇතිවු කථාබහක් දුරදිග යෑමෙන් මෙම පහරදීම සිදු වී ඇති බවයි වාර්තා වුණේ.
තුවාල ලැබූ හිමිනම අලුත්ගම දර්ගා නගරයේ ප්රාදේශීය රෝහලට ඇතුළත් කර ඇති අතර උන්වහන්සේගේ තත්ත්වය බරපතළ නොවන බැව් රෝහල් ප්රකාශකයෙක් පැවසීය.
තුවාල ලබා ඇත්තේ 21 හැවිරිදි හිමිනමකි. මෙම පහර දීම සිදු කර ඇත්තේ 28 හැවිරිදි හිමිනමක් බව පොලීසිය ප්රකාශ කළා. අදාළ සිද්ධිය සම්බන්ධයෙන් වැලිපැන්න පොලිසිය වැඩිදුරටත් පරීක්ෂණ සිදුකරනු ලබයි.