May
20

සිංගප්පූරුවේදී තට්ටු 8කින් බිමට වැටී මියගිය නදීකාගේ මරණය සැක සහිතයි?

 
1139 Views
   
 
සිංගප්පූරුවේ නිවෙසක ගෘහ සේවිකාවක් ලෙස රැකියාවක් කරමින් සිටියදී තට්ටු අටකින් බිමට වැටුණු 41 හැවිරිදි ලාංකික කාන්තාවක් මරුමුවට පත්වීම සැක සහිත බව ඇයගේ සැමියා සහ නෑදෑයන් පවසති.
නදීකා දිල්හානි ප්‍රනාන්දු නම් ඇය දංකොටුව නො. 298, ඉහළවෙල වත්ත මොටෑමුල්ල, යෝගියාන පදිංචිකාරියකි. ඇය සිංගප්පූරුවේ නිවෙසක රැකියාවට ගොස් මාසයක් පමණ වන බවද වාර්තා වේ.

ඇය ඉකුත් 16 දා තට්ටු නිවාසයකින් බිමට වැටෙන ආකාරය සිංගප්පූරුවේ සමාජ මාධ්‍යවලද දක්නට ඇතැයි එරට සිටින ලාංකිකයන් කිහිප දෙනකු පැවසීය.

ඇය බිමට පැන සිය දිවි නසා ගන්නට ඇතැයි සැක මතුවී ඇති අතර මෙම මරණය ගැන සාධාරණ පරීක්ෂණයක් පැවත්විය යුතු බවද සිංගප්පූරුවේ සිටින ලාංකිකයෝ පවසති. මියගිය කාන්තාවගේ සැමියා ද මෙම මරණය සැක සහිත බවත්, තම බිරිඳට මහල් අටකින් පැන මියයෑමට තරම් මානසික දුර්වලතාවක් නොතිබූ බවද ඔහු පැවසීය. ඔහු ඒ බව විදේශ සේවා නියුක්ති කාර්යාංශයටද දන්වා තිබේ.

මියගිය නදීකා සේවය කළ පන්ජාබ් ජාතිකයකුට අයත් නිවසේ කරදර තිබූ බව ඇයගේ මිතුරියන්ටද පවසා තිබූ බව සිංගප්පූරුවේ සිටින ලාංකිකයන් කිහිප දෙනෙකු පැවසූහ. ඇය ලංකාවට ඒමට අවසර ඉල්ලුවත් එය නොලැබී ඇති අතර ඇය මියයෑමට පෙර පවුලේ අයට සහ මිතුරියන්ට මේ බව පවසා තිබේ. තම පියා මියගිය බවට ඇය හාම්පුතාට පවසා ලංකාවට ඒමට උත්සාහ දරා ඇතැයිද සිංගප්පූරුවේ ඇයගේ මිතුරියක් පැවසුවාය. මියගිය තැනැත්තියගේ දේහය මෙරටට එවීමට කටයුතු කරන ලෙස ඇයගේ සැමියා බලධාරීන්ගෙන් ඉල්ලීමක් කර තිබේ. එමෙන්ම ඇයගේ දේහයට එරට සිටින ශ්‍රී ලාංකිකයන්ට අවසන් බුහුමන් දැක්වීමට පැයක දෙකක අවස්ථාවක් ලබාදෙන ලෙසද ඔවුන් විශේෂ ඉල්ලීමක් කර තිබේ.

කහවත්ත – සමරවීර නිරෝෂණ පෙරේරා
දිවයින

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්