Jun
2

“මම සමලිංගික යෝජනාවක් කළා කියලා තමයි එයා මගෙත් එක්ක කතා නොකර ඉදලා තියෙන්නේ..” – චමත්කා ලක්මිණි – Photos

 
2984 Views
   
 

මුහුණු‍පොත සමහරුන්ට යහපතක් කරනවා වගේම මුහුණු‍පොත නිසා සමහරුන්ට විවිධාකාර ප්‍රශ්න ඇතිවෙනවා. ඒත් අපි අපේ ගිණුම හරියට පවත්වාගෙන යනවා නම් ඒ වගේ ගැටලු අවම කරගන්න පුළුවන්. මම අනවශ්‍ය පුද්ගලයන්ව කවදාවත් මගේ මිතුරු ලැයිස්තුවට එකතු කරගන්නේ නෑ. ඒ වගේම Chat කරමින් කාලය කා දමන පුරුද්දක් මට නෑ. කාගෙන් හරි අනවශ්‍ය Message එකක් ආවොත් මම ඒ වෙලාවෙම එයාව Block කරනවා. ඒ නිසා මගේ මුහුණු‍පොතෙන් කවදාවත් මට ගැටලුවක් ඇතිවෙලා නෑ.

 

ඒත් ඉතින් අපේ නමින් පවත්වාගෙන යන ව්‍යාජ Facebook ගිණුම් හින්දා ඇතිවන ප්‍රශ්න නම් ගොඩක් තියෙනවා. මේ ප්‍රශ්නය අපේ සහෝදර කලාකරුවන්, කලාකාරියන් බොහොමයක් දෙනාට තියෙනවා. ඒ විදියේ අවස්ථාවලදී අදාළ අංශවලට පැමිණිලි කරලා ඒ ව්‍යාජ ගිණුම් අවලංගු කරනවා ඇරෙන්න ඒ වගේ වැඩ කරන අයට දඬුවම් ලබාදෙන ක්‍රමවේදයකුත් අපේ රටේ නෑ.

 

මගේ නමින් පවත්වාගෙන යන ඒ වගේ ව්‍යාජ ගිණුම් හින්දා මමත් අපහසුතාවට පත්වූ අවස්ථා රාශියක් තියෙනවා. ඒ වගේ ව්‍යාජ ගිණුම්වලින් ඇතැම් අයට Chat කරලා මුදල් ඉල්ලපු අවස්ථා ගැනත් මම අහලා තියෙනවා. ජනප්‍රිය කලාකරුවන් ඒ විදියට හඳුනන අයට Chat කරලා මුදල් ඉල්ලන්නේ නැති බවත් රසිකයන් දැනගත යුතුයි. මම විදියට පෙනී සිටිමින් සමහර අධ්‍යක්ෂවරුන්ට Chat කරලා රඟපාන්න අවස්ථා ඉල්ලපු සිදුවීම් කිහිපයකුත් මට ආරංචි වෙලා තියෙනවා. මේ වගේ අවස්ථාවලදී අදාළ ගිණුම අවලංගු කරන්න ඉස්සර නම් මම ඉක්මන් වුණා. ඒත් එක ව්‍යාජ ගිණුමක් අවලංගු කරද්දී තව ගිණුම් රැසක් මුහුණු ‍පොතට ඇවිත්. ඒ හින්දා දැන්නම් මම ඒ වගේ ව්‍යාජ ගිණුම් දැක්කත් නොදැක්කා වගේ ඉන්නවා.

 

ඒත් මේ වගේ මානසික විකෘතිතා ඇති අය කරන දේවල් හින්දා මටත් ටිකක් බරපතළ සිදුවීමක් වුණා. මෙන්න මේකයි ඒ සිදුවීම. එක දවසක් මම පාටියකට ගියා. මගේ යාළුවෙක් එයාගේ Girl Friend එක්ක එතැනට ඇවිල්ලා හිටියා. ඔය වෙලාවේ මම මගේ යාළුවා ළඟට ගිහින් කතා කළා. මේ තමයි මගේ Girl Friend කියලා යාළුවා මට එයාගේ පෙම්වතිය අඳුන්නලා දුන්නා. මමත් බොහොම සුහදව හලෝ කියලා ඒ ගෑනු ළමයට කතා කළා. ඒත් ඒ ළමයා මගේ දිහා බැලුවේවත් නැහැ. එයාගේ ඉරියව්වලින් පෙනුණේ මාත් එක්ක ලොකු තරහකින් ඉන්නා බවයි.

 

ඒ වෙලාවේ මට පුදුමයක් වගේම ලොකු අපහසුතාවකුත් ඇතිවුණා. ඒ ගෑනු ළමයව මම හා හා පුරා දැක්කෙත් ඒ වෙලාවේ. ඒ වුණාට ඒ ළමයා මා එක්ක තරහින් වගේ හිටියේ. මම සාමාන්‍යයෙන් ඒ වගේ ප්‍රශ්නයක් මතුවුණාම හිතේ හංගාගෙන ඉන්නේ නැතුව ඒ වෙලාවේම විසඳගන්න කෙනෙක්.

 

ඔයාගේ Girl Friend ඉන්නේ හරියට මාත් එක්ක තරහකින් වගේනේ… ඇයි ඒ?  ඒ නිසා මම එහෙම ඇහුවා.

 

ඇයි ඔයාට මෙයා මතක නැද්ද? ඔය දෙන්න අඳුනනවනේ. ඔයා මෙයාට chat කරලත් තියෙනවානේ.

 

මගේ යාළුවා කිව්වම මට පුදුම හිතුණා. වැඩිදුර කරුණු හොයා බලද්දී තමයි මට සිද්ධියේ සුලමුල වැටහුණේ. මගේ නමින් පෙනී සිටින ව්‍යාජ ගිණුමක් සහිත කෙනෙක් මේ ළමයා එක්ක chat කරලා. ඒ ව්‍යාජ තැනැත්තා මේ ගෑනු ළමයට අනිසි විදියේ සමලිංගික ආරාධනාවක් කරලා. ඒ හින්දයි මේ ළමයා මාත් එක්ක තරහින් ඉන්නේ. මම ඒ වෙලාවේම මගේ ෆෝන් එකෙන් එයාට මගේ Original Facebook ගිණුම පෙන්නුවා. මගේ මිතුරු ලැයිස්තුවේ ඒ ගෑනු ළමයා නැති බවත් කිව්වා. මම කවදාවත් එයාට chat කරලත් නැහැ කිව්වා. ඊට පස්සේ තමයි එයා ඇත්ත පිළිගත්තේ.

 

ඒ සිදුවීමේදී නම් මම නිහඬව හිටියේ නැහැ. මම ඒ ව්‍යාජ ගිණුම ගැන අදාළ අංශවලට පැමිණිලි කරලා එය අවලංගු කළා. ඒ වගේම ඒ වැඩේ කළේ කවුද කියලත් හොයලා බැලුවා. ගොඩක් වෙලාවට මේ වගේ වැඩ කරන්නේ පිරිමි ළමයි කියලනේ අපි හිතන්නේ. ඒත් ගෑනු ළමයිනුත් මේ වගේ දේවල් කරනවා. මම විදියට පෙනී ඉඳලා අර ගෑනු ළමයට අයුතු යෝජනාවක් කරලා තියෙන්නෙත් ගෑනු කෙනෙක්. එයා ඒක කළේ මට පහර ගහන්නද නැත්නම් එයා ඇත්තටම විකෘති ලිංගික ආශාවන් ඇති ගෑණු කෙනෙක්ද කියලා කියන්න නම් මම දන්නේ නෑ.

ආරියවංශ කුලතිලක (ලක්බිම)

 

 

 

 

 

 

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්