Oct
9

වගකීම සහ කැපවීම

 
689 Views
   
 

ජනාධිපතිවරයා තමන්ට නිල බලයෙන් හිමි නිල නිවාස, පරිවාර රථ, ආරක්ෂක භටයන්, වරප්‍රසාද සියල්ලම කැපකරනවා..? වි.නා.ස ප්‍රේමදාස මේ කිසිවක් කැප කලායැයි ඔබ අසා තිබෙනවාද..? ජනාධිපතිතුමා කොවිඩ් වෛරසයෙන් ජනතාව බේරගන්න අණ පනත්, නීති රීති හදමින් ජනතාව බේරගන්න කැප වෙනවා. වි.නා.ස ප්‍රේමදාස ඒ නීතිරීති උල්ලංඝනය කරමින් වෛරසය පතුරවන්න උද්ඝෝෂණ වල යෙදෙනවා…

ජනාධිපතිවරයා මානව හිමිකම් රටේ කීර්තිය රැකගන්න එක්සත් ජාතීන්ගේ සමුළුවේදි මහත් පරිශ්‍රමයක් දරනවා. වි.නා.ස ප්‍රේමදාස රටේ කීර්තිය නැතිකරන්න විදෙස් ඒජන්තවරුන් සමග සාකච්ඡා කරනවා.. ජනාධිපතිතුමා කොවිඩ් මර්දනය කරන්න එන්නත්කරණය වේගවත් කරන්න මහත් වෙහෙසක් ගන්නවා.. වි.නා.ස ප්‍රේමදාස විවිධ බොරු ප්‍රකාශ කරමින් එන්නත්කරණය කඩාකප්පල් කරගන්න උත්සාහ කරනවා..

ජනාධිපතිතුමා රටේ ආර්ථිකය නගාසිටුවීමට ආයෝජන ගේන්න උත්සාහ කරනවා.. වි.නා.ස ප්‍රේමදාස ආයෝජකයන් අධෛර්යමත් කරන්න රට පිලිබඳව බොරු බියක් ඇති කරනවා.. ජනාධිපතිතුමා රටේ අපනයන වර්ධනය කරන්නට ගත හැකි සෑම පියවරක්ම අරගන්නවා.. වි.නා.ස නායක අපනයනය අඩපණ කරන්න රට වහලා දාන්න කියලා පාරට බහිනවා… ජනාධිපතිතුමා විදේශ නියෝජිතයන් හමුව වෙලා GSP බේරගන්න බලනවා. වි.නා.ස ප්‍රේමදාස ඔවුන්ව හම්බ වෙලා GSP නැතිකරන්න කියනවා. වි.නා.ස ප්‍රේමදාස පහුගිය කාල සීමාවටම ජනතාවට දැනෙන දෙයකට කරේ එක් දෙයයි. ඒ කැමරාව ඉස්සරහාට ගිහින් කෙමෙන එක විතරමයි. (නිලන්ත සත්සර ගමග)

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්