Nov
12

“මේක සෝමාලියානු පන්නයේ අයවැයක්” – විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස

 
829 Views
   
 

මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා විසින් ඉදිරිපත් කරනු ලැබූ  2022 වසර සඳහා වන අයවැය සෝමාලියානු පන්නයේ අයවැයක් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

“රටේ ජනතාව අපේක්ෂා කළේ ප්‍රගතිශීලී අයවැයක්. නමුත් ලැබුණේ හිස් ප්‍රලාපයක්. ජනතාව බලාපොරොත්තු වුණේ ජනතාවාදී අයවැයක්. නමුත් ලැබුණේ  ප්‍රතිගාමී පුස්සක්. මේ අයවැයේ කිසි ම ව්‍යුහාත්මක බවක් නෑ. අයවැය හිඟය අවම කරන සැලැස්මක් නෑ. ජීවන වියදම උද්ධමනය නිමා කරන්න වැඩපිළිවෙළක් නෑ. ජන ජීවිත ගොඩනගන වැඩපිළිවෙළක් නෑ. ගොවියා නගා සිටුවන ක්‍රමවේදයක්  නෑ. ආදායම් උත්පාදන ක්‍රමවේදයක් නෑ. කෙටියෙන් කීවොත් මේ අයවැය, රට සෝමාලියානු පන්නයේ අයවැයක්. මේක ජනතාව රවට්ටපු අයවැයක්.

කෙටි කාලීන, මධ්‍ය කාලීන, දිගු කාලීන වැඩපිළිවෙළක් නැති හිස් ලියවිල්ලක්. ව්‍යසනයෙන් පීඩා විදින ජනතාවට අයවැයෙන් තවත් ප්‍රහාරයක් එල්ල වුණා. ඒ විතරක් නෙවේ, රාජ්‍ය සේවකයින්ට, පෞද්ගලික අංශ සේවකයින්ට කිසි ම වැටුප් වර්ධක කිසිවක් නැති අයවැයක්.

කොටින් ම කීවොත් ජනතාව අමතක කොට තමන්ගේ හෙංචයියන්ට උවමනා විදිහට හදපු ලියවිල්ලක්.”

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්