Jun
22

තෙල් මිල ඉහල යන අ’වධානමක්

 
1580 Views
   
 

බොර තෙල් බැරලයකට 2019 අප්‍රේල් 25ට පසු වාර්තා වූ ඉහලම මිල අද වාර්තා වුනා. ඒ අනුව බ්‍රෙන්ට් තෙල් වෙලඳපොලේ බොර තෙල් බරලයක මිළ අද වාර්තා වුනේ අමෙරිකානු ඩොලර් 75.27 ලෙසටයි. කෙසේ වෙතත් මෙරට තෙල් වෙළඳපොලට එතරම් බලපෑමක් සිදු නොකරන ඩබ්ලිව්.ටී.අයි හෙවත් වෙස්ට් ටෙක්සාස් ඉන්ටර්මීඩියේට් බොර තෙල් බැරලයක මිල තවමත් පවතින්නේ අමෙරිකානු ඩොලර් 73.25ක් ලෙසටයි.

පසුගිය මාස 6ක කාලය තුල ලෝක තෙල් වෙලඳපොලේ 40% අඛන්ඩ වර්ධනයක් පෙන්නුම් කරනවා. මේ අතර ලබන වසර වනවිට ලෝක බොරතෙල් මිල අමෙරිකානු ඩොලර් 100ක් දක්වා ඉහල යනු අති බවටයි බෑන්ක් ඔෆ් අමෙරිකා බැංකුව පුරෝකථනය කරන්නේ. කෙසේ වෙතත් පවතින කොවිඩ් තත්වය පහව ගිය පසු ඇතිවන අධික ඛනිජ තෙල් ඉල්ලුමත් සමග මෙම මිල තවත් ඉහල යනු ඇති බවටයි බෑන්ක් ඔෆ් අමෙරිකා බැංකුව අනතුරු අඟවන්නේ.

 

(source- hiru news)

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්