Dec
2

ශ්‍රී ලංකාව නංවන්න ඉස්ලාමීය රාජ්‍යයන්ගේ සහය අවශ්‍යයි – ඉස්ලාමීය රටවල තානාපතිවරු හමුවේ අගමැති කියයි

 
1149 Views
   
 

ශ්රී ලංකාවේ ආර්ථිකය නඟා සිටුවීමට ඉස්ලාමීය රටවල සහයෝගය අඛණ්ඩව අපේක්ෂා කරන බව ඉස්ලාමීය තානාපතිවරුන් හා මහකොමසාරිසවරුන්ගේ හමුවකදී අගමැති මහින්ද රාජපක්ෂ පැවසීය. අගමැතිවරයාගේ ප්රධානත්වයෙන් තානාපතිවරුන් හා මහකොමසාරිස්වරුන් සමඟ අගමැතිවරයා සුහද සාකච්ඡාවක නිරත විය.

මෙම සුවිශේෂී හමුව සහ රාත්රී භෝජන සංග්රහය සංවිධානය කර තිබුණේ විදේශ කටයුතු ඇමැති මහාචාර්ය ජී.එල්.පීරිස්ගේ ආරාධනාව අනුවය.

කොවිඩ් 19 වසංගතය පාලනය කිරීමට ශ්රී ලංකා රජයගත් කඩිනම් ක්රියාමාර්ග මෙහි පැමිණ සිටි තානාපති හා මහකොමසාරිස්වරුන්ගේ ඇගයීමට ලක්ව ඇත. ඉස්ලාමීය රටවල් සමඟ දැනට පවතින ද්වීපාර්ශවික සබඳතා අඛණ්ඩව පවත්වාගෙන යාම සහ අන්යෝන්ය ක්රියාකාරකම් හා ව්යාපෘති ඔස්සේ ශ්රී ලංකාවේ ආර්ථක සංවර්ධනයට දායක වීම සම්බන්ධයෙන් තානාපතිවරු මෙහිදී අදහස් පළ කළහ.

වසංගත තත්වය හමුවේ අභියෝග ජයගනිමින් ශ්රී ලංකාවේ ආර්ථිකය නඟාසිටුවීම සඳහා වත්මන් රජය දරන වෙහෙස පිළිබඳව මෙහිදී විදේශ ඇමති මහාචාර්ය ජී.එල් පීරිස් පැහැදිලි කළේය. ඉස්ලාමීය රටවල් නියෝජනය කරන ශ්රී ලංකා තානාපතිවරු සහ මහකොමසාරිස්වරු 15 දෙනෙකු මෙම හමුවට එක්වී සිටියහ. ඕමානය,පලස්තීනය,කුවේට් රාජ්ය, සෞදි අරාබිය, මලයාසියාව,කටාර්, තුර්කිය, ඉරානය, ලිබියාව, එක්සත් අරාබි එමීර් රාජ්යය,ඉන්දුනීසියාව සහ ඊජිප්තුවේ ශ්රී ලංකා තානාපතිවරු සහ මාලදිවයින, බංගලාදේශය, පාකිස්ථානය රටවල් නියෝජනය කරමින් එම රටවල ශ්රී ලංකා මහකොමසාරිස්වරු මෙම අවස්ථාවට එක්වූහ.

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්