Nov
27

ගණිකා වෘත්තිය නීතිගත කිරීමට පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරියන්ගේ එකඟතාවය

 
2296 Views
   
 

ගණිකා වෘත්තිය නීතිගත කිරීම සඳහා පක්ෂ විපක්ෂ මන්ත්රීවරියන් එකඟ වී තිබෙනවා. ප්රධාන පක්ෂ නියෝජනය කරන මන්ත්රීවරියන් සහභාගි වූ රූපවාහිනී සාකච්ඡාවක දී මේ බව සඳහන් කර තිබෙනවා.

නීත්යානුකූල නොවන අන්දමින් දැනටමත් මෙම කර්මාන්තයෙන් රට තුළ තුළ ක්රියාත්මක වන හෙයින් නිසි ක්රමවේදයක් සකස්කර කාන්තාවට අවශ්ය ආරක්ෂාව ලබාදිය යුතු බවයි ඔවුන් සදහන් කරන්නේ.

එමෙන්ම රටේ ආර්ථිකය අර්බුදයකට පත්ව තිබෙන අවස්ථාවක මේ හරහා විදේශ විනිමයද උපයා ගත හැකි බව ඔවුන් පෙන්වා දෙනවා. මෙම සාකච්ඡාව සඳහා සමගි ජන බලවේගය ජාතික ලැයිස්තු මන්ත්රීනී ඩයනා ගමගේ, ශ්රී ලංකා පොදුජන පෙරමුණේ ගම්පහ දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රිනී කෝකිලා ගුණවර්ධන සහ ජාතික ජන බලවේගය ජනබලවේගයේ ජාතික ලැයිස්තු මන්ත්රීනි ආචාර්ය හරිනි අමරසූරිය යන මන්ත්රීවරියන් සහභාගි විය.

අදාළ රූපවාහිනී සංවාදයේදී අදහස් දැක් වූ පාර්ලිමේන්තු මන්ත්රීනි ඩයනා ගමගේ… 

“මේ ලෝකයේ තියෙනවා day economy, night economy කියලා දෙකක්. රට තුළ අපි බලන්න ඕන අපිට තියනවද මේ day economy night economy එක කියලා. අපි ගෙදරට ඇවිල්ලා හවස් වරුවෙන් එලියට බැස්සට පස්සේ අපේ රටේ night economy එකක් නැහැ සංචාරක ව්යාපාරයක් හැටියට. මොකද අපේ හැම දෙයක්ම රෑ 10 වෙනකොට වහලා. එතකොට රටට එන සංචාරකයෝ එළියට බහින්නෙ රෑ නවයට. මම යෝජනවක් ගෙනල්ල තියෙනවා අපිට තියෙන්න ඕන නයිට් economy එකක්. සමහර තැන් තියෙනවා පැය 24 ඇරලා තියෙන්න ඕන තැන්. මොකද අපිට මේ විදේශ විනිමය ගන්න ක්රම නැහැ. දැනට ගණිකා වෘත්තිය නීත්යානුකූල නොවුනත් මේ රටේ වෙනවනේ. ඒක අපිට නවත්තන්න බැහැ.” 

මේ පිළිබඳව අදහස් දැක්වූ ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්රිනී ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය මෙසේ අදහස් පළ කළා. 

“මම එතුමිය කියන දේට එකඟයි. මම හිතන්නේ ස්ත්රියකගේ ශරීරය පිළිබඳ තීරණ ගත යුත්තේ ඇය මිසක් වෙන කවුරුවත් නෙවෙයි. මොන වෘත්තියක වුණත් ඒකට ආරක්ෂාව සහ නිසි තැන ලැබිය යුතුයි. මේ තත්වය තුළ අපිට පිළිගන්න වෙනවා ගණිකා වෘත්තියක් තියෙනවා කියලා. ඉතින් ඒක තුළ අඩුම තරමේ ඇයට ආරක්ෂාව ලැබිය යුතුයි. ඉතින් එතැනදී මම එතුමිය එක්ක එකඟයි.”

එමෙන්ම අදාළ සංවාදයේදී ශ්රී ලංකා පොදුජන පෙරමුණේ ගම්පහ දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රිනී කෝකිලා ගුණවර්ධන මහත්මියද මේ සම්බන්ධයෙන් සිය පෞද්ගලික එකඟත්වය පළ කර තිබුණා. 

“ඉතා පැහැදිලිවම සංචාරක ව්යාපාරය දියුණු කරන්න යම් සාධනීය කරුණු සමග යම් යම් තීරණ තීන්දු ගන්න වුනොත් අපි ඒක අනුමත කරනවා. මම පෞද්ගලිකව ගණිකා වෘත්තිය නීතිගත කරනවාට කැමතියි. බුදු හාමුදුරුවන්ගේ කාලේ ඉඳන් ගණිකා වෘත්තිය තිබුණා. ලෝකෙ පැරණිම වෘත්තිය මේක. දැන් මේ ආන්දෝලනාත්මක ප්රකාශයක් මං කරන්නේ.. හැබැයි මං කරන්නේ හෘද සාක්ෂියට එකඟව. අද මොකද වෙන්නේ ගණිකාව සූරා කනවා. ත්රීවිල් එකේ ඉන්න මනුස්සයා ඇයව සූරා කනවා. එහෙමත් නැත්නම් තැරැව්කරු සූරා කනවා. ඊට වඩා මම විශ්වාස කරනවා තමන්ගෙ කැමැත්තෙන් ඇඟ විකුණනවා නම් මේක නීතිගත කරලා දුන්නම අර අහිංසක ගෑනු අමාරුවෙ වැටෙන්නෙත් නැහැ, හිරගෙවල් වල යන්නෙත් නැහැ, දරු පවුලත් රැකගෙන ඉඳීවි..”

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්