Oct
27

ශ්‍රී ලංකා නාවික හමුදාවට තවත් නෞකාවක් ඇමරිකාවෙන් දෙයි

 
1185 Views
   
 

ශ්රී ලංකා නාවික හමුදා නෞකා බලඇණියට තවත් අලුත් නෞකාවක් එක්වී තිබේ.

එය අමෙරිකාවෙන් පරිත්යාගයක් ලෙස ලැබුණු ‘ඩග්ලස් මුන්රෝ’ නෞකාව ය. එය වෙරළාරක්ෂක නෞකාවකි.

අමෙරිකා එක්සත් ජනපදය විසින් ඊයේ (26) වොෂින්ටන් ප්රාන්තයේ, ‘සියැට්ල්’ වරායෙහි පිහිටි අමෙරිකා එක්සත් ජනපද වෙරළාරක්ෂක කඳවුරේදී ශ්රී ලංකා නාවික හමුදාව වෙත මෙම නෞකාව නිල වශයෙන් භාරදී තිබුණි.

ඒ සඳහා නාවික හමුදාපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න මහතා නියෝජනය කරමින් නාවික හමුදා මාණ්ඩලික ප්රධානී රියර් අද්මිරාල් වයි.එන් ජයරත්න මහතා සහභාගී විය.

සාගර කාලාපයේ පොදු අභියෝග ජයගැනීම උදෙසා හවුල්කාරීත්වය ශක්තිමත් කිරීමේ සහ වර්ධනය කිරීමේ අරමුණින් ශ්රී ලංකා නාවික හමුදාව වෙත මීට පෙර ‘සමුදුර’ (පි 621) සහ ‘ගජබාහු’ (පි 626) යන නෞකා ඇමෙරිකානු වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව මගින් ලබා දී ඇත.

‘Hamilton Class High Endurance Cutter’ යන නෞකා පන්තියට අයත් දෙවන නෞකාව ලෙස ශ්රී ලංකා නාවික හමුදාවට හිමිවූ මෙම නෞකාව දිගින් මීටර 115කි.

උපරිම වේගය පැයට නාවික සැතපුම් 29ක් ද එක් වරකදී අවම වශයෙන් නාවික සැතපුම් 14,000ක දුරක් ආවරණය වන පරිදි ආවේක්ෂණ කටයුතු සිදු කිරීමේ හැකියාවෙන් සහ 187ක පමණ නැව් මුළුවකින් මෙහෙයුම් කටයුතු සිදුකළ හැකි නවීන තාක්ෂණික උපාංග හා පහසුකම්වලින් සමන්විත වේ.

මෙම නෞකාව අමෙරිකා එක්සත් ජනපදයේ ‘සියැට්ල්’ වරායේ සිට ශාන්තිකර සාගර කලාපය සහ ඉන්දියානු සාගර කලාපය හරහා මෙරටට යාත්රා කිරීම 2022 වර්ෂයේදී සිදු කෙරෙන අතර, එම මුහුදු ගමන ශ්රී ලංකා නාවික හමුදා ඉතිහාසයේ නාවික හමුදා නෞකාවක් යාත්රා කළ දීර්ඝතම මුහුදු ගමන බවට පත්වනු ඇ ත.

01.

02.

03.

04.

05.

06.

07.

08.

09.

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්