Jun
6

එකපාරක් කිව්වට පස්සෙ එයා ඒවා ඉල්ලනවා නම් මම හිතන්නෙ එතැන ආදරයක් නෑ

 
1022 Views
   
Once-he-says-that-if-he-asks-for-them-I-think-there-is-no-love-there  

හර්ෂි රසාංගා කියන්නේ බොහෝම කෙටි කාලයකින් රංගන ක්ෂේත්‍රයේ අතිශය ජනප්‍රියත්වයට පත්වුණු දැන් හැමෝම දන්න අඳුනන ශිල්පිනියක්. මේ දිනවල හිරු ටීවී ඔස්සේ විකාශය වන ‘ළංවි’ ටෙලි නාට්‍යය තුළිනුත් ඇයව අපිට මුණ ගැහෙනවා. තාමත් පුංචි වයසක ඉන්න මේ සුරූපී රුවැත්තිය පසුගිය දවසක යූටියුබ් නාලිකාවක් සමඟ බොහෝ තොරතුරු හුවමාරු කරගෙන තිබුණා.

 මේ තියෙන්නෙ ඒ සාකච්ඡාවෙන් කොටසක්..

සමහර කමෙන්ට් බලන්න බෑ, අප්‍රසන්නයි ? ඇයි හර්ෂිට මේවා වෙන්නේ..?

ජෙලස් එකක් විතරක්ම නෙවෙයි. බෝයි කෙනෙක් ගත්තොත් මට බනිනවා නම් මට කියන්න බෑනේ ජෙලස් නිසා කියලා. තමන්ගේ ඕනෑ එපාකම් ඉශ්ඨ කරගන්න බැරිවුණාම කතා හදන අය ඉන්නවා. ඒක මට විතරක් නෙවෙයි. පොදු දෙයක්.

කොල්ලන්ගේ යෝජනා එනවා වැඩී. වයස් භේදයක් නෑනේ..? අයුතු යෝජනා එනවද ?

නෑ කියන්න බෑ. ගොඩක් ඇවිල්ලා තියෙනවා කියන්නත් බෑ. මට ඉතින් පොඩි හරි මොළයක් තියෙන නිසා ඒවායින් බේරිලා ඉන්නවා. ගොඩක් වෙලාවට මාව දන්න, මා එක්ක වැඩ කරන අයගෙන් තමා ආවේ. සමහර කට්ටියගේ මූණට කෙළින්ම කිව්වා. සමහර ඒවා මම අම්මට කියලා අම්මා විසඳපු අවස්ථා තිබුණා. මම මූණට කිව්වොත් හරි එයාලට පිළිකුලක් තියනවානේ. සමහර අය තේරුම් ගත්තා. තවත් අය ඒවා හිතින් අයින් කරගෙන ඉන්නවා. ඇත්තම කිව්වොත් මට මේ ක්ෂේත්‍රයේ හමුවුණු අධ්‍යක්ෂකවරු හැමෝම හොඳයි. මට එහෙම අයුතු යෝජනා කරපු අධ්‍යක්ෂවරු හමුවෙලාම නෑ.

ආදරේ පරාද වුණාද?

ඇත්තටම මම ආදරෙන් කඩා වැටුණේ හොඳ වයසකදී නෙවෙයි. දැන් අවුරුදු 18ක් කියන්නෙ මට ගොඩක් දේ තේරුම් ගන්න පුළුවන් වයසක් නෙවෙයි. ඉතින් රැවටුණාට පස්සෙ, ඒ ආදරේ පැරදුණාට පස්සෙ ගොඩක් වැටුණා මම. ඒ වෙලාවේ ළඟ හිටපු අය තමයි හිත හැදුවේ. ඔක්කොම කළේ. දැන් ඇත්තටම හිතෙන දේ. අපි කැමති හැමදේම අපිට ලැබෙන් නෑනේ. බැඳීම් තියෙන්න පුළුවන් නැති වෙන්න පුළුවන්.

ආදරේ නැතිවුණාම කෙල්ලෙක් කොහොමද හැසිරෙන්න ඕනි..?

ඒක ගොඩක් සංකීර්ණයි. කෙනෙක්ට ආදරේ කරනවා කියන්නේ අපි ඒ කෙනාව විශ්වාස කරනවා කියන එක. එයාගේ විශ්වාසෙට තමන් ආදරේ කරන කෙනාට දෙයක් දෙනවා නම් ඇත්තටම ඒකට වැරැද්දක් කියන්න ඕනි ගෑනු ළමයාට විතරක් නෙවෙයි. ඒක එළියට දාන හෝ කතාව පතුරවන පිරිමි ළමයින්ට. ඔය වගේ වැඩ ඇත්තටම කරන්න හොඳ නෑ.

හර්ෂිගෙන් ඒ වගේ දේවල් බලාපොරොත්තු වුණොත් ?

මට ආදරේ කරන කෙනෙක් ඉන්නවා නම්. එයා මට ආදරේ කරනවා නම් එයා මගේ කැමැත්ත අකැමැත්ත තේරුම් ගන්න ඕනිනේ. මම එකපාරක් කිව්වට පස්සෙ එයා ඒවා ඉල්ලනවා නම් මම හිතන්නෙ එතැන ආදරයක් නෑ. මම කැමති නැති දේකට එයා එනවා නම්…

ටෑටු ගැන..?

ටැටූ ගහන කොල්ලන්ටත් බනිනවා රස්තියාදුකාරයා කියලා. එක එක මනුස්සයා කැමති පැෂන් වෙනස්. තමන්ගේ ආසාවෙන් කරන දෙයක්. මම කැමති නෑ ඒක වැරදි කියනවාට. සමහර ෆැෂන් තියෙනවා මම කැමති නෑ. ඒ කියලා මම ඒකට කැමති අයට බනින් නෑ.

කන්‍යාභවය ගැන හනමිටි අදහස් තියෙනවා?

ඒකත් එක එක අවස්ථා අනුව වෙනස්. වර්ජනිටි එක (කන්‍යාභාවය) ගැන කතා කළොත්.. ගෑනු ළමයාගේ ඒක නැතිවෙලා මැරි කළොත්.. පිරිමි ළමයා ඒක බලාපොරොත්තු වෙන්න ඕනි එයත් ඒ වරද කරලා නැත්තම්.. එයත් හරිම පිරිසිදු යි නම් හොයන්න පුළුවන්.. හැබැයි එයාගේ අතින් පුංචි හරි වරදක් වෙලා තියෙනවා නම් එහෙම අහන්න අයිතියක් නෑ..

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්