Oct
18

වසංගතය දඩමීමා කරගෙන මෙරට පාලකයන්ගේ, අඩුපාඩු සොයන කොටස්වලට වචනයක්

 
405 Views
   
 

කොරෝනා ඔරව ඔරවා පහරදුන් ලෝකයේ අවධානයට වැඩියෙන්ම ඇසගිය අනුකම්පාවෙන්, හැඬූ කඳුළින් යුතුව ලෝකයේ ප්‍රවෘත්ති මැවූ අසල්වැසි ඉන්දියාවේ මේ වනවිට කොරෝනා අවදානම පහළ යමින් සිටී. අනපේක්ෂිතව කොරෝනා වසංගතයට ගොදුරුවීම දේශීය වශයෙන් මෙන්ම ගෝලීයවද ඉන්දියාවද ඇතුළුව සමස්ත ලෝකයේම රටවල් දැඩි ආර්ථික අර්බුදයන් කරා ගෙන යමින් සිටී.  වසංගතය දඩමීමා කරගෙන මෙරට පාලකයන්ගේ අඩුපාඩු සොයමින් ආණ්ඩු බලය උදුරා ගැනීම වෙනුවෙන් දත කවන අසාර්ථක විප්ලවවාදී යැයි කියා ගන්නා කණ්ඩායම්වලට ඉන්දියාවෙන් හෝ යස පාඩමක් ඉගෙන ගැනීමට අවස්ථාව උදාවී ඇත.

ශ්‍රී ලංකාවේ ඊනියා සමාජවාදී විප්ලවකාරීන් යැයි කියාගන්නා කොටස් වලින් එක්තරා ප්‍රශ්නයක් ඇසිය යුතුමය. “රට පුරා ගල් අඟුරු බලාගාර වල දැඩි ගල් අඟුරු හිඟයක් පවතී. දිල්ලියට විදුලිය ලබා දෙන බලාගාරවල ඉතිරිව ඇත්තේ එක් දිනකට සෑහෙන තොගයක් පමණි. “.. ඉදිරිය සඳහා ප්‍රමාණවත් ගල් අඟුරු නැත..” යනුවෙන් ඉන්දීය විදුලිබල ඇමතිවරයා “හින්දුස්ථාන් ටයිම්ස්” පුවත්පතට පවසා ඇත්තේ, එරට පාලකයන් ගේ වරදක් නිසාද? වසංගතයෙන් බැටකෑ රටක විදුලි අර්බුදයක් හටගෙන ඇත්නම් නම් එරට රාජ්‍ය නායකත්වය ඊට වගකිව යුතුයැයි රජයට විරුද්ධ කොටස් රජයට ඇඟිල්ල දික් කරනවා නම්, එය කොතෙක් දුරට සාධාරණද?

ලෝකයේ කිසිදු නායකයකු අනපේක්ෂිත වසංගතයක් බලහත්කාරයෙන් ගෙන්වා ගත්තේ නැත. ගෝලීය පොදු සතුරා ලෙස වෛරසය සමස්ත ලෝකයටම ප්‍රහාරය එල්ල කළේ කිසිදු වග විභාගයකින් තොරවය. වසංගතය යම් මට්ටමකට පාලනයකට නතුව ලෝකයම නව සාමාන්‍යකරණයට පුරුදු වෙමින් සිටී. කළාපීය දේශපාලන බලවතා ලෙස හා සුපිරි තාක්ෂණයෙන් ලෝකයේ නැගී එන්න බලවතා ලෙස ඉන්දියාව යනු තම රට බලශක්ති අර්බුධයකට හිතාමතාම ගෙන යන තත්වයක් නිර්මාණය කරන්නේ නැත. කොරෝනා අර්බුදයෙන් බැට කෑමේ අනිවාර්ය සාධකයක් ලෙස පැන නැගි බලශක්ති අර්බුදයට විසදුම් ලබාදීමට එරට වත්මන් රාජ්‍ය නායකත්වය සුදුසුම පියවර ගනු ඇත.

එසේම වසංගතය හමුවේ අර්බුදයකට ලක්ව ඇති මෙරට ආර්ථිකය, යහපත් දිශාවකට යොමු කරමින් රටේ ජනතාවට සහන සැලසීම වර්තමාන රාජ්‍ය නායකත්වයේ වගවීම මත ඉදිරියේදී සිදුකෙරෙනු ඇත. ලෝකයේ කිසිදු රටක සර්ව සම්පූර්ණ රාජ්‍ය නායකයකු මෙතෙක් බිහිවී නැත. ඉදිරියට බිහිවන්නේද නැත. එසේනම් පවතින යථාර්ථය තුළ සාපේක්ෂ හොඳ නායකත්වයක් හා එක්ව කටයුතු කළ යුතුය. (තිරුවණී විජේසිංහ)

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්