Feb
9

රටම සංවේගයට පත් කරමින් හදීසියේම මෙලොව හැරගිය රිසලි දෝනීගේ පියා මාධව විජේසිංහගේ ආදරණීය අයියා එක්කළ සංවේදී සටහන

 
2962 Views
   
 

දෙරණ ටීවී නාලිකාවේ ජනප්‍රිය නිවේදකයෙකු ලෙස ජනප්‍රියත්වයට පත් චරිතයක් තමයි මාධව විජේසිංහ කියල කියන්නේ. මෙරට කලා ක්ෂේත්‍රය තුළ රංගන ශිල්පියෙකු ලෙස මෙන්ම නිවේදික ශිල්පියෙකු ලෙස කටයුතු කරන ඔහු පිළිබඳ කණගාටුදායක පුවතක් අපට අසන්නට ලැබුණා. ඒ මාධවගේ ආදරණීය වැඩිමහල් සොයුරා වන ගයාන් විජේසිංහ මහතාගේ එකම දියණිය වන රිසලි දියණියගෙ වියෝව පිළිබඳවයි

ඩෙං,ගු රෝගය වැලදී කොළඹ රිජ්වේ ආර්‍යා ලමා රෝහලේදී ප්‍රතිකාර ලබමින් සිටියදී රෝගය උත්සන්න වීමෙන් අනතුරුව දැරියගේ මෙම වියෝව සිදුව තිබෙනවා. කොහොම නමුත් තම එකම දියණියගේ අකල් වියෝවත් සමග කම්පනයට පත්ව සිටින මැලිබන් බිස්කට් සමාගමේ විධායක නිලධාරියෙකු ලෙස කටයුතු කරන ඇගේ පියා ගයාන් විජේසිංහ මහතා සිය දියණිය වෙනුවෙන් මුහුණු පොතට සංවේදී සටහනක් එක්කර තිබුණා. ඒ ” සසර ගමන නිමවන තුරු පරිස්සමින් එන්න පුතේ ” යනුවෙන් ඉතා සංවේදී සටහනකුයි

ඒ විතරක් නොවෙයි මෙවැනි ඉතා දුක්ඛිත අවස්ථාවේදී මෙම පවුලේ අයෙකු ඉතාමත් සටහනක් තබා තිබුණා. ඒ මෙලෙසයි ” අම්මිගෙ තාත්තිගේ රෝස පෙත්ත මෙහෙ කියවලා ඇති වෙලා මෙහෙ අපි හැමෝවම අඩවලා එයා සුරංගනා ලෝකයට ගිහිල්ලා .දැන් සතුටින් ඇති. සුභ ගමන් කියන්න බෑ වස්තුවේ..මේ ඔයා ලබා උපන් හැටි වෙන්න ඇති. අම්මි තාත්ති ඔයා නැතුව කොහොම කියලා නම් ඉවසන්නද.. ගයාන් විජේසිංහ , මේක අපි හැමෝගෙම ලැබීම වෙන්න ඇති.” යනුවෙනුයි

කොහොමහරි පුංචි දියණියගේ මේ වියෝව ශ්‍රී ලාංකිකයන් හැමෝම කණගාටුවට පත් කරවන සිද්ධියක් බවට පත්වුණා. ඒ විතරක් නොවෙයි දියණියගේ වියෝව ගැන මාධව විජේසිංහ වගේම කලා ලොවේ තරු ගොඩක් අතිශයින් කණගාටුවට පත්වෙලා මුහුණු පොත හරහා විව්ධ සංවේදී සටහන්ද තබා තිබුණා. ඉතින් හැම හදවතක්ම කම්පාවෙන් පිරවූ පුංචි දියණියනි අවසන් වශයෙන් අපිත් ඔබට අජරාමර නිවන් සුවය පතන්නෙමු

 

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්