Aug
9

අමු තිත්ත ඇත්ත… කාටත් තේරෙන කවලමි භාෂාවෙන්

 
2002 Views
   
 

කොච්චර Blogs – අරවා – මේවා ලිවුවත් වැඩක් නෑ, no one reads – no one understand, ඒත් මේක අද නො ලි වු වො ත් ආයිත් ලියන්න ලැබෙන් නැ ති හින්දා ලියනවා, ජීවත්ව හිටියොත්නේ ආයෙත් ලියන්නේ.හැකි කෙනෙක් කියවත්වා.

දැන් ඇත්තටම රටේ COVID තත්ත්වය කොහෙමද? පොසිටිව් ගාන අඩුද? ම ර ණ ගාන වැඩිද? hospital වල ඇදවල් පිරිලද? ඩෙල්ටා පැතිරිලාද? එතකොට සංචරණ සීමා ලිහිල් කරලාද? province boundary cross කරන්න පුලුවන්ද? වෙඩින් එකකට යන්න පුලුවන් 150 කටද? එතකොට protests කරන්න බැරිද? ආයිත් lock-down ඕනද?

පක්ෂ – විපක්ෂ – උඩ – පල්ලෙහා – ලොකු – පොඩි ඔක්කොටම පිස්සු. එක්කෝ ඇත්ත තත්ත්වේ කවුරැත් ද න් නැ, එක්කෝ දන්නවා ගනන්ග න් නෑ, එක්කෝ දන්නවා කරන්න දෙයක් නැ ති නිසා ඔහේ ඉන්නවා.

කියන හැටියට අද වෙනකොට පොසිටිව් rate එක 20%, කියන්න දෙයක් නැ නේ, වට පිට ගෙවල් පැත්තේ කියක් infect ද කියලා බැලුවනම් තේරෙයි. 20% පොසිටිව් කියන්නේ හැමදාම මූණට හම්බවෙන 5න් 1ක් පොසිටිව්, ඔලුව කැරකෙන්නැද්ද මේක කොහොමද ආයිත් ගොඩදාගන්නේ කියලා ?

Nominal පොසිටිව් rate එක 20% කියන්නේ ඇත්තටම එලියේ පොසිටිව් rate එක 60% විතර, කොහොමද තත්ත්වේ, අපි ඉතින් news channel වල protest බල බල ඉන්නවා පොසිටිව් rate එක 100% වෙනකන්, තව ටික දවසකින් දවසට d e a t h s 100ක් විතර ආවහම කට්ටිය පොඩ්ඩක් බ ය වෙයි, ඊට පස්සේ ඉන්දියාවේ d e a t h s දවසට 6000කුත් ආවනේ, අපේ නෑ නේ, කමක් නෑ නේ, d e a t h s 200 විතර වෙනකන් බලමු කියලා ආයිත් ඔහේ යයි.

ඩෙල්ටා කියන්නේ බ ඩු ම තමයි වගේ, ලගින් ගියොත් ඉ ව ර යි, ඉන්දියාව කාපු කෑම දැන් තමයි නේද තේරෙන්නේ, වාසනාවට අපි ඩෙල්ටා එනකොට සැහෙන ප්‍රමාණයකට vaccine කරගත්තා, ඒකත් නැ ති ව ම ඩෙල්ටා ආවානන් නුවර නෙමේ විසාලා නුවරම තමයි.
දැන් lock-down ඉවරද ? සංචරණ සීමා ඉවරද ? ඩෙල්ටා Island wide spread උනේ කොහොමද ? උද්ගෝෂණ රැලි පටන් ගත්තේ කවුද – කවදද ? කොලඹට සීමා වෙලා තිබුන ඩෙල්ටා රට වටේ ඇරගෙන ගියේ කවුද ? ඔිනෙම පොටිටයෙකුට තේරෙනවා Delta රට වටෙි ගෙනගියේ කවුද කියලා.

ලාවට වගේ මතකද ඔය SLMA, GMOA, AMS වගේ advisorsලා කොවිඩ් පෙන්නලා, රට වහපන් වහපන් කියලා, lock-down කරවලා, ලංකාවම බ ය කරලා, බිත්තියට හේත්තු කරලා, අත කරකවලා, protest රැල්ල ආරම්භ කරලා, shape එකේ ඒගොල්ලන්ගේ පඩි වැඩි කරගෙන, කෙලවිලා තිබුන ආර්ථිකේ හොම්බෙන් යවලා, එදා වේල හොයපු පොඩි මිනිහගේ බඩට ඇනලා, හීනියට down ගියා.

එතකොට පොලිටික්කොයි ඔය advisorsලායිම නේද unions වලට ලනු ගිල්ලවලා, රැස්වීමේ – කථා කරිමේ නිදහස ඉල්ලලා, unions ඔක්කොමත් රැල්ලට ඇදලා දාලා, protest රැල්ල amplifier කරලා, හතර වටේ protest වලට කට්ටිය පොරකද්දි කොරෝනා නෑ වගේ අහක බලන් ඉදලා, විරුද්ධව කථා කලොත් unions ගල් ගහයි කියලා බයට මීක් නැ ති ව ඉදලා, ඩෙල්ටා රට වටේ යන්න ඇරලා, දැන් Delta ඇවිල්ලලු, පැතිරෙනවලු, භා යා න ක යි ලු, hospital වල ඇදවල් පිරිලලු, උපරිමයට ඇවිල්ලලු, සංචරණ සීමා ඕනලු කියලා බයිලා ගහන්නේ ? පිස්සු නැද්ද ?

දැන් ඔය රාජ්‍ය සේවකයන්ට වැඩට එන්න කියන order එක ආවෙ ඔය ගොඩක් protest වලට පස්සේ කියලා මතක නැද්ද ? එතකොට ඒ වෙනකොට Delta රට වටේ ගිහිල්ලා නැ ද් ද? ඔය රටට ආදරේ, මිනිස්සුන්ට ආදරේ පොලිටික්කන්ටයි, SLMA, GMOA, AMS වගේ advisorsලාටයි, අනික් ඔස්තාර්ලටය් protest කරන එක කොවිඩ් ව්‍යාප්තියට බලපානවා කියලා කියන්න තිබුනේ නැ ද් ද? එවාට කවුරැත් කථා නෑ, මොකද පොලිටික්කන්, SLMA, GMOA, AMS වගේ advisorsලා, අනික් ඔස්තාර්ලා unions තරහවෙයි – චන්ද නැ ති වෙ යි කියලා බ ය යි, මීක් නෑ….!

ස්ටාලින්ලත් කලකට ඉස්සෙල්ලා ඉස්කෝල අරිනවට ගිරිය පිප්පුවා කොරෝනා කොරෝනා කියලා, අපේ ලමයි දැන් අවුරැද්දකට වඩා ගෙදර, දැන් protest කරනකොට කොරෝනා කොහෙද ? ස්ටාලින්ට ඒක අදාල නෑ…..! ඇයි ? කොරෝනා පොලිටික්ස් වලින් වැහිලා, තනිකර බො රු ව නේ කරන්නේ….! JVP, FSP තව පරම්පරා ගානකට ආන්ඩු පිහිටුවන්නේ නෑ, ඒගොල්ලෝ ආතල් ගන්නේ තියන ඕනම system / government එකකට වි රු ද් ධ ව වැඩ කරලා, හරි හෝ වැරදි ඕනම දේකට first option එක හැටියට protest කරලා, දැවෙන ප්‍රශ්නෙ politically exploit කරලා, ඒක තමයි ඒගොල්ලන්ගේ job එක, ඒගොල්ලන්ට කොරෝනා, hospital වල ඇදවල්, මරණ, ආර්ථිකේ අදාල නෑ……. ඒවා socialist චූන් වලින් වැහිලා, එතකොට SJB ? මෙලෝ රහක් නැ, කොරෝනා තිබුනත් එකයි – නැ ත ත් එකයි, මිනිස්සු මැ රු න ත් එකයි – නැ ත ත් එකයි, කොහොම හරි ආන්ඩුවට ගේමක් දෙන්න පුලුවන්නන් ඕන එකෙක් එක්ක ඔට්ටුයි, dirty politics නෙමෙයිද?

දැන් protest කරලා, දිනලා හරි – පැරදිලා හරි ඉල්ලීම් ගත්තා කියමු, වැඩි පඩි දෙන්න සල්ලි කෝ ? garment factories ටිකත් පණ ගගහ දුවන්නේ, අන්තිමේදි සටන දිනුම්, හිග පඩි ලබන ආත්මේ, රටෙන් බාගයකට කොරෝනා, අපේම අත්තම්මලා, සීයලා, අම්මලා, තාත්තලා කොරෝනාත් එක්ක නිවන් ගිහින්.

ඉතින් ඔය තියන තත්ත්වය අනුව සංචරණ සීමා ඕනා කියන්න SLMA, GMOA, AMS වගේ advisorsලයි, අනික් ඔස්තාර්ලයි ඕනද ? lock-down කරන්න කියන්න SLMA, GMOA, AMS වගේ advisorsලයි, අනික් ඔස්තාර්ලයි ඕනද ? අපිට ඕන කොහොමද මේකෙන් බේරෙන්නේ, කොහොමද මරණ අඩු කරන්නේ, කොහොමද hospital capacity වැඩි කරගන්නේ, කොහොමද COVID එක්ක ඉස්සරහට යන්නේ, කොහොමද ආර්ථිකේ රවුන් කරන්නේ, කොහොමද මිනිස්සු ජීවත් වෙන්නේ කියන advice, වැල් බයිලා නෙමෙයි.
දැන් පොසිටිව් rate එක 20%, ඒ‍කෙන් 1.4% d e a t h, d e a t h අයගෙන් 75% අවුරැදු 60ට වැඩි, ඒ අයගෙන් 98% විතර vaccine ගහලා නෑ, එතකොට ම ර ණ අඩු කරන්න අනිවාර්යෙන් අවුරැදු 60ට වැඩි අයට හොයාගෙන ගිහින් හරි vaccine එක ඉක්මනටම ගහන්න ඕනා නැද්ද ? hospital beds වැඩි කරන්නේ කොහොමද ? home-care එක effective කරන්නේ කොහොමද ? මේවා නෙමේද ප්‍රශ්න ? මේවට medical expertsලා එකතුවෙලා කථා කරලා plan / contingencies හදන්න ඕන නැද්ද ? කවුරුත් එහෙම සමාජ කතිකාවතක් ගේන්‍න උත්සාහ කරන්නේත් නෑ – එකතුවෙලා වැඩ කරන්නෙත් නෑ, බයයි ලකුනු බෙදිලා යයි කියලා……තනි ඇහැට ඇඩෙන් නැද්ද?

කලිනුත් කිවුවා මතකයිනේ “අපේ ප්‍රධාන ප්‍රශ්නේ තමයි lock-down ඉවරවෙද්දි අපි ආයිත් ඉන්නේ lock-down පටන් ගත්ත දවසේ COVID තත්ත්වේමද – හැබැයි එදාට හාල් කිලෝ එක double price ද කියන එකයි”. දැන් හාල් කිලෝ එක කීයද ? ඉතින් හැම පාරම වගේ අපේ වහල් මානසිකත්වය නැ ති වෙ න ක න්, individual, community and country discipline හැදෙනකන් ලංකාව එතනමයි, තව තව කට්ටිය ලෙඩ වෙලා, තව තව කට්ටිය මැරිලා, හතරවන රැල්ලකුත් ඇවිල්ලා, vaccineනුත් ගහලා, මොනවා මොනවාහරි වෙලා COVID ඉවර වෙලා යයි, ඒත් ලංකාව එතනමයි, ලංකාව තවදුරටත් සංවර්ධනය වෙමින් පවතින රටකි. හරිද කිවුවා ?

ඒක නිසා මේ පාර ලියන්න තියෙන්නේ “ළිප ගිනි මෙළවෙන තෙක් දිය සැලියේ – සැපයක් යැයි කකුළුවා දිය කෙලියේ” කියලා තමයි. අඩුම ගානේ හැලියේ වතුර රත්වෙනකන් vaccine එකවත් ගහගමු – ගහගත්තේ නැ ති අයව vaccine ගහගන්න උනන්දු කරමු.

පරාක්‍රම බස්නායක..

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්