Jun
13

ගෑස් මිලට මොකද වෙන්නේ ?

 
1101 Views
   
 

ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 700 කින් ඉහළ දැමීම සඳහා අදාළ සමාගම් පාරිභෝගික සේවා අධිකාරියට ඉල්ලීම් ඉදිරිපත් කර තිබේ.

එම ඉල්ලීම සළකා බැලීම සඳහා වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා විසින් පංච පුද්ගල කමිටුවක් පත්කරනු ලැබීය.

ලෝක වෙළඳපොළේ ගෑස් මිල ගණන් ඉහළ යාමට සාපේක්ෂව මෙරට වෙළෙඳපොළ තුළද ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල ඉහළ දැමීම සඳහා අවසර ලබාදෙන ලෙස ලිට්‍රෝ සහ ලාෆ් ගෑස් සමාගම් පාරිභෝගික සේවා අධිකාරියට ඉල්ලීම් ඉදිරිපත් කර තිබේ.

පසුගිය කාලය පුරාවටද ගෑස් සමාගම් මිල ඉහළ දැමීමට අවසර ලබාදෙන ලෙස ඉල්ලීම් සිදුකර තිබුනද රජයෙන් ඊට අනුමැතිය හිමිවුයේ නැහැ.

පසුව ඉකුත් අප්‍රේල් මාසයේදි ලිට්‍රෝ ගෑස් සමාගම නව මුහුණුවරකින් යුත් ලීටර් 18ක ගෑස් සිලින්ඩරයක් වෙළෙඳපොළට හඳුන්වා දුන්නේය.

එම ගෑස් සිලින්ඩරය වෙළෙඳපොළේ පැවති 12.5kg ගෘහස්ථ ගෑස් සිලින්ඩරයට වඩා නව ගෑස් සිලින්ඩරයේ මිල රුපියල් 100කින් අඩු වුවත් එම නව ලීටර් 18 ගෑස් සිලින්ඩරය කිලෝ ග්‍රෑම් 2යි ග්‍රෑම් 900ක අඩු බරකින් යුක්ත වේ.

අඩුකරන ලද කිලෝ ග්‍රෑම් 2යි ග්‍රෑම් 900ක ප්‍රමාණය නව මුහුණුවරකින් යුත් ගෑස් සිලින්ඩරයට එක්කළහොත් එහි මිල 321යි සත 40කින් වැඩිවනවා.

මෙවැනි තත්ත්වයක් තුළ 12.5kg බරකින් යුත් ගෘහස්ථ ගෑස් සිලින්ඩරය දිවයින පුරා මිලදී ගැනිම සඳහා පැවතිය යුතු බව නිෂ්පාදකයින්ට දන්වමින් පාරිභෝගික සේවා අධිකාරිය පසුගිය 09 වනදා අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කළ බොහෝ ස්ථානවල අඩු බරකින් යුත් ලිටර් 18කින් යුත් ගෑස් සිලින්ඩර පමණක් විකුණන අයුරු දක්නට ලැබුණි.

 

newday.lk

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්