Feb
10

” එදා මම ළමයි එක්ක සෙල්ලං කර කර ඉද්දී අම්මී කිව්වා ඔයාගේ නම කිව්වා ගිහිං සිංදුව කියන්න කියලා” ජනප්‍රිය ගායිකා ශානිකා වනිගසේකර

 
6678 Views
   
 

මෙරට ප්‍රසංග වේදිකාවට නැතුවම බැරි දක්ෂ ගායිකාවක් තමයි ශානිකා වනිගසේකර කියල කියන්නේ. කොහොම නමුත් ඇයව ශානිකා කියන නමට වඩා හැමෝම හදුනන්නේ බේබී ශානිකා කියන නමිනුයි. ඇත්තෙන්ම ඇය බේබී ශානිකා කියන නමින් මේවෙනකොට ගායන ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වු අනන්‍යතාවයක් ගොඩ නගාගෙන තිබෙනවා.

ඉතින් මේවෙනකොට රටම ආදරය කරන ගායකාවක වන බේබී ශානිකා ක්ෂේත්‍රයට පිවිසෙන්නේ වයස අවුරුදු හයක වැනි කුඩා වයසේදී වන අතර එදා සිට තමන්ට හිමිවුන ජනප්‍රියත්වය එක ලෙසින්ම රැකගැනීමට සමත්ව තිබෙනවා. කොහොම නමුත් එලෙස එදා මේ විදිහට කලාවට පිවිසෙන ඇය අදවන විට වසර තිහකට වැඩි කාලයක් ක්ෂේත්‍රය තුළ රැදී සිටිනවා

කොහොමහරි එදා බේබි ශානිකා නමින් මෙරට ජනයා අතර ජනප්‍රියත්වයට පත් ඇය වර්තමානය වනවිට මවක ලෙස බොහොම කාර්ය බහුල දිවියක් ගත කරනවා. ඉතින් සිය සැමියා සහ දරුවන් සමගින් ඇය මේවෙද්දී ඉතාමත් සාර්ථක දිවියක් තමයි ගත කරන්නේ. මේ අතර ඇගේ සැමියාත් ඇය වගේම මෙරට ජනප්‍රිය චරිතයක්. ඔහු දක්ෂ වාදන ශිල්පියෙකු වන අතර ඒ මහතා රැකියාව ලෙස සිදු කරනුයේ ඉවෙන්ට් වලට ලයිට් සැපයීමයි

කෙසේවෙතත් මේවෙනකොට ලාංකිකයන් විශාල පිරිසකගේ ආදරය වගේම ආකාර්ෂණය හිමිකරගෙන ඉන්න මේ ගායන ශිල්පිනිය පසුගිය දිනක පුවත්පත් සාකච්ඡාවක් සමගින් එක්ව තිබුණා. එහිදී ඇය තමන් ප්‍රසංග වේදිකාවට පැමිණි ආකාරය ගැන අදහස් දක්වලා තිබුණා. ඒ මෙලෙසයි

” සිංදු කියන්න චූටි කාලේ ඉඳන් මං හරිම ආසයි. අවුරුදු හයේදී මං සිංදු කියන්නේ ගත්තේ. ඒ 89 දී. මගේ අම්මටයි තාත්තටයි කැලිප්සෝ බෑන්ඞ් එකක් තිබ්බා. දවසක් එයාලගේ යාළුවන්ගේ පාටි එකක මට ගීතයක් කියන්න අවස්ථාව ලැබුණා.තාත්තිගේ යාළුවෙක් තමයි එතන ගීතයක් ගයන්න මාව යොමු කළේ

හැබැයි මාව ගායිකාවක් කරන අදහසක් මේ වෙද්දී අපේ අම්මටයි තාත්තටයි තිබිලම නෑ. ඉතිං එදා මං ළමයි එක්ක සෙල්ලං කර කර ඉද්දී අම්මී කිව්වා ඔයාගේ නම කිව්වා ගිහිං සිංදුව කියන්න කියලා. මං ඉතිං සෙල්ලං කර කර ඉන්න ගමන්ම දුවගෙන ගිහිල්ලා හැඩකාරයි මං පොඩි කාලේ සහ මහ සයුරේ ගැඹුරු දියේ ගීත දෙක ගායනා කළා. කියලා ඉවර වෙලා එද්දී තාත්තිගේ යාළුවෙක් මගේ අතට මොනවද කොළ කෑල්ලක් උන්ඩි කරලා දුන්නා. මං ඒක වීසි කරා. පස්සේ බලපුවම රුපියල් පනහේ කොළ දෙකක්. ඒක තමයි මගේ පළවෙනි අවස්ථාව මං කට්ටියක් ඉස්සරහ සිංදුවක් කියපු.” කියලයි

කොහොම නමුත් වර්තමානය වනවිට විශාල රසික පිරිසකගේ ආදරය දිනාගෙන ඉන්න ඇය තරමක් අසනීප තත්ත්වයකින් පසුවෙන බවයි අපට දැනගන්නට ලැබුණේ. සති එකහමාරකට පමණ පෙරදී ඇය බුස්ටර් එක අරගෙන සින්දු කියන්න ගිය නිසාවෙන් ඇයගේ සෙම වැඩිවෙලා උගුර අවුල් වෙලාලු. වෛද්‍යවරයා ඇයට කතා කරන්නවත් එපා කියලලු තියෙන්නේ. සින්ග් කරන්න එපා කියලා ඇයට කියලා තියෙන්නේ.

ඉතින් පසුගිය දිනක ලයිව් වීඩීයෝවක් ඔස්සේ ඇය කියා සිටියේ ” සින්ග් කරන්නේ නැතිව ඉන්න වෙනකොට මට දරාගන්න අමාරුයි” කියලයි. කොහොමහරි ඉතින් මේ විදිහට තරමක් අසනීප තත්වයෙන් පසුවෙන ඇයනම් කියා සිටියේ ඉක්මනින් සුවවීමට ඔබේ ආශිර්වාදය තමන්ට ලබාදෙන්න කියලයි. අපිත් අපේ මේ දක්ෂ ගායන ශිල්පිනියට ඉක්මන් නිරෝගී සුව ප්‍රර්ථනා කරමු

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්