May
3

සේනාධිපතිගෙන් කොළඹට අඩු මිලට දර පෝරණු පාන්

 
2731 Views
   
 

ලෝක වෙළදපොලේ පාන් පිටි මිල ඉහළ යාමත් සමඟම පාන් මිල සීග්‍රයෙන් ඉහළ ගොස් ඇත. අද වන විට වෙළදපොලෙ පාන් රාත්තලක මිල රුපියල් 140 ත් 160 ත් අතර මිලකට අලෙවි වේ.

ජනතාවගෙ මෙම අසීරුතාවය තේරුම් ගත් බන්ධනාගාර අධ්‍යක්ෂක ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතා බන්ධනාගාර කොමසාරිස් ( මෙහෙයුම් ) තුසිත උඩුවර මහතා සහ බන්ධනාගාර කොමසාරිස් (පාලන සහ පුනරුත්ථාපන) චන්දන ඒකනායක මහතාගේ ඉල්ලීමක් පරිදි ඇවන්ට්ගාඩ් සභාපති නිශ්ශංක සේනාධිපති මහතාගෙ ප්‍රාග්ධන අනුග්‍රහය මත සහනදායී මිලකට පාන් ලබා දීමට කටයුතු යොදා ඇත. මෙම ව්‍යාපෘතිය ඇවන්ගාඩ් සමාජ සත්කාරක සේවාවක් ලෙස ක්‍රියාත්මක කෙරේ.

මේ අනුව පාන් රාත්තලක් රුපියල් 110ක සහන මුදලකට කොළඹ තදාසන්න ආර්ථික අපහසුතා ඇති ජනතාවට ලබාදීමට අද දින සාකච්ඡා කළ අතර මැයි 01 මු වැනිදා සිටම කඩිනමින් මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීමට තීරණය කර ඇත.

මෙම ව්‍යාපෘතිය සදහා ප්‍රාග්ධනය සැපයීම ඇවන්ගාඩ් ආයතනයෙන් සිදුකරන අතර කිසිදු ලාභයක් ලබා නොගෙන සමාජ සත්කාර ව්‍යාපෘතියක් ලෙස මෙය ක්‍රියාත්මක කෙරේ.

මේ අනුව දිනකට පාන් ගෙඩි 20,000 ක් මූලික අවස්ථාවේ දි නිපදවන අතර එය ක්‍රමයෙන් පාන් ගෙඩි 40,000 ක් දක්වා වර්ධනය කිරීමට සැලසුම්කර ඇත.

මේ සඳහා ශ්‍රම දායකත්වය ලබා දෙන බන්ධනාගාර රැඳවියන්ට සහ මෙය අධීක්ෂණය කරන බන්ධනාගාර නිලධාරීන්ට විශේෂ ගෞරවාන්විත ස්තූතිය පුද කල යුතුමය.

අඳුරට ශාප කර පලක් නැත. එක් පහනක් හෝ දල්වා අඳුර නැසීමට උත්සාහ කල යුතුය. බන්ධනාගාර දෙපාර්තමේන්තුව, එහි රැඳවියන්, නිශ්ශංක සේනාධිපති සහ ඇවන්ට්ගාඩ් ආයතනය මේ කටයුතු කරමින් සිටින්නෙ ඒ සඳහායි.

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්